නින්ද නොයන රෝග , සුව කරන අමුතුම පානය..
Tuesday, 16 January 2024 - 8:31 | Views - 668
දියවැඩියාව නින්ද නොයන රෝග සුව කරන කොස් දළු පානය

ලාංකීය අපිට කොස් ගස ගැන අමුතුවෙන්ම කියන්නට අවශ්‍ය නැහැ. බත් වෙනුවට අනාදිමත් කාලයක සිට පැරැන්නන් වගේම වත්මන් පරපුරේ අපිත් කුස පුරවා ගන්නේ කොස් ගෙඩියෙන්. කොස් ගසේ ගෙඩිය පමණක් නෙවෙයි මුල්,පොතු, නැටි, කොළ ආදී සියල්ලම ආහාරයට එකතු කරගන්නට හැකි ඉහළ ගුණයකින් යුක්ත ආහාරයන්.තම්බන ලද කොස්, කිරි කොස්, කොස් මැල්ලුම්, කොස් ඇට කළු පොල්, කොස් ඇට යොදා සාදන නිවිති ව්‍යංජනය, කෙසෙල් මුව ව්‍යංජනය, තෙල් දමන ලද කොස්, ඉදුණු වැල වරකා අපේ ආහාරයට අපි නිතරම එකතු කරගන්නවා. නමුත් කොස් කොළයෙන් අපිට ලැබෙන පෝෂක පිළිබඳව බොහෝ අය දැනුවත් නැහැ.ඒ නිසාම අද ඔබට කියන්නට යන්නේ කොස් දළු ආහාරයට එකතු කර ගැනීමෙන් අපට ලබා ගන්නට හැකි ප්‍රතිලාභ පිළිබඳව.

දේශීය වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට කොස් දල්ල සතුව ඉතා ඉහළ ඖෂධීය ගුණයන් රාශියක් අන්තර්ගත වෙනවා. ලෙඩ රෝග බොහොමයකටම ගුණදායකයි. කොස් දළු පානය, කොස් දළු මැල්ලුම, කොස් දළු තේ, කොස් දළු සලාදය ආදි වශයෙන් දලුවලින් ඉතා රසවත් ආහාර පිළියෙල කරගන්නට පුළුවන්. අද අපි කොස් ගෙඩිය පමණක් විවිධ ආකාරයෙන් රසවත්ව පිළියෙල කර ආහාරයට ගත්තත් එදා ගැමි කාන්තාවන් කොස් දළු කඩා සෝදා විනාඩි 15 ක් ලුණු වතුරේ පොඟවා තෙලට දමා බැදගෙන බත රස කරගන්නට අමතක කළේ නැහැ. කොස් දළුවල ගුණ ගැන කතා කරන්නට පෙර මේ ආහාර පිළියෙල කරගන්නා ආකාරය පිළිබඳව දැන කියා ගනිමු.

කොස් දළු පානය

1 ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය
ලපටි කොස් දළු කිහිපයක්
හකුරු හෝ සීණි හෝ මී පැණි
කුරුඳු කැබැල්ලක්
සාදා ගන්නා ආකාරය හොඳින් සෝදා ගත් ලපටි කොස් කොල සිහින් කැබලිවලට කපා උතුරන වතුර කොප්පයකට දමන්න. එයටම සෝදාගත් කුරුඳු කැබැල්ල දමා විනාඩි 3 ක් පමණ වසා තබන්න.ඉන්පසු කොස් දළු වතුර පෙරා එයට පිරිසිදු මී පැණි ස්වල්පයක් අවශ්‍ය පමණට එකතු කරගන්න. අවශ්‍ය නම් කිතුල් හකුරු ස්වල්පයක් ද එකතු කරගන්න. හකුරු නොමැති නම් දුඹුරු සීනි ස්වල්පයක් එකතු කරගන්න.

2 ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය
ළපටි කොස් කොළ 5-6 ක්
පිරිසිදු මී පැණි
දෙහි යුෂ තේ හැදි 3
වතුර වීදුරුවකින් තුන් කාලක්
අයිස් කැට කිහිපයක්

සාදා ගන්නා ආකාරය

සෝදාගත් ලපටි කොස් කොළ සෝදා උතුරන වතුරට දමා විනාඩියක් පමණ තබා ගන්න. පසුව බ්ලෙන්ඩරයකට මේ කොස් කොළ තම්බා ඒ වතුර සහ අයිස් කැට සියල්ල දමා බ්ලෙන්ඩර් කරගන්න. පසුව හොඳින් පෙරා එයට සිනී හෝ මී පැණි දමා දෙහි යුෂ ස්වල්පයකුත් එකතු කර පානය කරන්න.
අද ගෙදර වත්තේ තියෙන කොස් ගසෙන් සාදා ගන්නට හැකි වස විස නැති පානයන් තිබියදී අපි පුරුදුවෙලා ඉන්නේ වෙළපොලේ විකිණීමට ඇති පැණි බීම ආදිය පානය කරන්නයි. ඒ නිසාම පැරැන්නන් වගේ නීරෝගිව අපිට ජීවත් වෙන්නට හැකියාව ලැබිලා නැහැ. දවසින් දවස විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වන ප්‍රමාණය වැඩි වෙන්නේ අපට නොමිලයේ ලබා ගන්නට හැකි පෝෂණීය ආහාර මගහැර දැමීම නිසා.

කොස් දලු සතු අපූරු ගුණ


ශරීරයේ විෂ නසයි.
මුත්‍රා ගල් දිය කරයි.
නින්ද නොයාමට සුවදෙයි.
සමේ රෝග සඳහා ගුණදායකයි.
දියවැඩියා රෝගීන්ට ප්‍රත්‍යක්ශයි.
කල්ගතවුණු දියවැඩියා තුවාල සුව කරයි.
කොස් කොළයේ ඖෂධීය භාවිතයන්
සමේ රෝග සඳහා සමේ රෝග, ආසාදිත තුවාල සේදීම සඳහා කොස් කොළ තැම්බූ වතුර භාවිතා කරනු ලබනවා. එය සමේ විෂබීජ ඉවත් කර සම පිරිසිදු කිරීමට උපකාරී වෙනවා.
උණ රෝගය සඳහා කොස් කොළ සමව ගෙන පත හතර එකට සිඳ සකසා ගත් කෂාය සීනි මී පැණි දමා දෙනු ලබනවා.
දියවැඩියා රෝගය සඳහා වරකා කොස් ගසේ ඉදුණු කොස් කොළ තම්බා පානය කිරීම, කොස් කොළ වියළා කුඩු කර තේ මෙන් පානය හා කොස් නැටි තම්බා පානය කිරීම ගුණදායකයි.

මුත්‍රාශයේ ගල් සඳහා කොස් කොළ තම්බා නිතර පානය කිරීම.
බාහිර තුවාල සඳහාකොස් කොළ කොටා කොටා මිරිකා යුෂ ආලේප කිරීමෙන් තුවාලයේ ලේ වහනය නතර වී තුවාලයට විෂබීජ ඇතුළුවීමත් වළක්වනු ලබනවා.ඒ වගේම පොල් තෙල් පහනෙන් අමු කොස් කොළ පුළුස්සා ලැබෙන අළු පොල්තෙල් මිශ්‍රකර තුවාලවලට ආලේප කිරීමෙන් සුවය ලබා ගන්නට පුළුවන්.
නින්ද නොයන අයට කොස් දලු හා ඉදී වැටුණු කොස් කොළ පවනේ වියළා කුඩු කර තේ මෙන් පානය සුදුසුයි.
විෂක් ශරීරගත වූ විට කොස් ගසේ පනාමල තන කිරෙන් අඹරා දෙනු ලබනවා.
මුත්‍රා රෝගවලට ඉදුණු කොස් කොළ තෙලින් බැද ආහාරට ගැනීම ගුණදායකයි.
ගෙඩි මෝදුවීම සඳහා අමු කොස් කොළයක් පොල්තෙල් පහනෙන් රත්කර තැවීමෙන් ඒවා ඉක්මනින් සුවකර ගන්නට පුළුවන්.
සැලකිය යුතුයි.මේ ලිපිය ඔබගේ දැනුම සඳහා වන ලිපියක් වන බැවින් භාවිතයට ගන්නේ නම් ඊට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කාරුණික වන්න.




Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top