මතක ශක්තිය වර්ධනය කර ගන්න කැමති ඔබට..
Sunday, 14 January 2024 - 16:12 | Views - 1,767
මතක ශක්තිය වර්ධනය කර ගන්න කැමති ඔබට කරන්න ඕන දේ මෙන්න..

මෙම ලිපිය සකස් කර ඇත්තේ විශ්ලේෂකයින් හා පර්යේෂකයින් විසින් සිදු කළ පරීක්ෂණ හා එමගින් ලබාගත් ප්‍රථිඵල පදනම් කර ගනිමිනි.
ඕනෑම වයසකදී පහත සඳහන් ක්‍රියාකාරකම් වල නිරත වීම මඟින් මතක ශක්තිය වර්ධනය කළ හැකි බවට අනාවරණය වී ඇත.

ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම

මනසට දරා ගත නොහැකි ලෙස වැඩ කිරීම හා මහන්සි වීම මඟින් අපගේ මතක ශක්තිය හීන විය හැකිය.යම් කිසි මට්ටමක විවේකයක් ලබා දීම තුළින් මතක ශක්තිය වර්ධනය වන අතර ඒ සඳහා දිනකට පැය 7 -9 ක් අතර ප්‍රමාණවත් තරම් නින්දක් ලබා ගත යුතුය.

Flashcard භාවිත කිරීම

සංකීර්ණ දේවල් හැදෑරීමේදී flashcard භාවිතය තුළින් මතකය නැවත නැවත අලුත් කර ගත හැකිය.මෙහි නම් , සංකල්ප , ක්‍රියාපටිපාටි වැනි දේවල් ලියා තබා විවේකී අවස්ථා වලදී නැවත නැවත බැලීම තුළින් මොළය තොරතුරු ලබා ගැනීම සඳහා හුරු වීමට යොමු කර ගත හැකිය.

මතක වර්ධන ක්‍රීඩා වල නිරත වීම

සිතීමේ ශක්තිය හා මතක ශක්තිය වර්ධනය වන ක්‍රීඩා වල නිරත වීම මඟින් මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි වේ.කාඩ් සෙල්ලම් කිරීම , චෙස් ක්‍රීඩා කිරීම , ෂුඩෝකු , ජිග්ෂොවු පෂල් වැනි ක්‍රීඩා වල නිරත වීමෙන් මතක ශක්තිය වර්ධනය වේ.

"Memory palace" ගොඩනැගීම

වඩාත් හුරුපුරුදු ස්ථානයක හෝ පිහිටීමක රූප මතකයේ ඇඳ ගනිමින් පිළිවෙළින් මෙනෙහි කිරීම තුළින් මතකය වර්ධනය කළ හැකිය.නිදසුනක් ලෙස තම නිවස මතකයට ගනිමින් එහි දොර , සාලය , කෑම කාමරය , නිදන කාමරය , නාන කාමරය සහ අනෙකුත් දේවල් නිවසට ඇතුල් වන ස්ථානයේ සිට පිළිවෙළින් මතකයේ ඇඳ ගනිමින් මෙනෙහි කළ හැකිය.මෙවැනි ක්‍රියාකාරකම් විවේකී අවස්ථා වල නැවත නැවත කිරීමෙන් මතකය වර්ධනය වෙයි.

දින හා සිදුවීම් රූපානු භාවිතයෙන් මතක තබා ගැනීම

විශේෂ දින හා සිදුවීම් සඳහා මතකයේ තබාගත හැකි වස්තූන් ආරෝපණය කර ගැනීම තුළින් එම සිදුවීම් පහසුවෙන් මතක තබාගත හැකිය.

මතකය නැවත සකස් කිරීම

අප විසින් අධ්‍යනය සිදු කරන සමහර කරුණු මතකයෙන් ඉවත් වී යයි.එවිට මොළයට අනවශ්‍ය පීඩනයක් නොකර සැහැල්ලුවෙන් පසුව මතක තබා ගැනීමට සිතා මඟ හැරීම මඟින් මොළයට සැහැල්ලුවක් ලැබේ.

සංගීතයට සවන් දීම

සංගීතයට සවන් දීම තුළින් විඩාපත් වූ මනසට විවේකයක් ලබා ගත හැකිය..මෙමඟින් මනසට සැහැල්ලුවක් ලැබෙන අතර මතක ශක්තිය වර්ධනය වීමට ඉවහල් වෙයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top