හර්නියා අමාරුව නිට්ටාවටම සුවකරන දිව්‍යමය ඖෂධය...
Wednesday, 27 December 2023 - 8:05 | Views - 780
“ආ… එයාද… එයාට හදිසියකට අමුඩයක්වත් ගහගන්න බැහැනේ.

එයාට අණ්ඩවාතෙනේ…” අණ්ඩවාතය හෙවත් හර්නියා (Hernia) ගැන කතා කරද්දී අධික ලෙස කය වෙහෙසා වැඩ කරන පිරිමින්ට වැඩිපුර සෑදෙන වෘෂණ කෝෂ විශාලවීමේ රෝගය මතක් වුවත් එම රෝග ලක්‍ෂණය හර්නියාවේ එක් ප්‍රභේදයක ලක්‍ෂණයක් පමණයි. යම් ස්ථානයක ඊට අදාළ නැති යමක් එක් රැස්වීම හර්නියාව යැයි කිව හැකියි. ආයුර්වේද ග්‍රන්ථයන්හි හර්නියා තත්ත්ව හතක් පිළිබඳව විස්තර කර තිබෙනවා.

හර්නියා රෝගය ශරීරයේ බාහිරව මෙන්ම අභ්‍යන්තරවද ඇතිවිය හැකියි. Hernia යනුවෙන් හැඳින්වෙන්නේ උදරයේ හෝ උදර බිත්තියේ ඇතිවන දුර්වලතාවක් හේතුවෙන් එහි ඇති පටක, අන්ත්‍ර කොටස් එම බිත්තියේ දුර්වල ස්ථානයකින් පිටතට නෙරා ඒමයි. උදරයේ මෙම දුර්වලතාව වැඩිපුර හටගන්නේ පෙකණිය අවට ප්‍රදේශයේ හා ඉකිළි ප්‍රදේශයේයි. එමෙන්ම උදර කුහරයේ ඉහළට වන්නට උරස් කුහරය මායිම්ව පිහිටන මහා ප්‍රාචීරය දුර්වල තත්ත්වයෙන් පැවැතීමටද ඉඩ තිබෙනවා. මහා ප්‍රාචීරය තුළින් උරසට උදරස්ථ අවයව ඇතුළු වීමට අපමණ සිදුරු තිබුණත් ප්‍රධාන සිදුර වන්නේ

අන්නසේ‍රා්තය මහා ප්‍රාචීරය තුළින් ගමන් ගන්නා ස්ථානයේ පිහිටි සිදුරයි. මෙම සිදුර අන්නසේ‍රා්තය තුළින් ආහාර ගමන් කරවීමේ තෙරපුමට ඉඩදීම පිණිස තදින් සමීපව නොපිහිටීම හේතුවෙන් සහ සහජයෙන්ම සිදුරේ දුර්වලතාවක් පැවතීම හේතුවෙන්ද, වයස් ගතවන විට සිදුර දුර්වල වීම හේතුවෙන්ද ආමාශයේ කොටසක් හෝ මහා ප්‍රාචීරයෙන් පහතට පවතින අන්නසේ‍රා්තයේ කොටසක් හෝ උරස තුළට නෙරා ඒමට ඉඩ තිබෙනවා. මීට අමතරව උදරයේ සැත්කමක් කළ පසු නැවත එම ස්ථානය සවි වුවත් එහි පිටතට නෙරුම් පිහිටා තිබෙනවා සමහර විට දැකගත හැකියි. මේ සියල්ලක්ම හර්නියා තත්ත්වයන්.

උදරයේ පෙකණිය අවට හෝ පහළ ප්‍රදේශයේ එනම් ඉකිළිය ප්‍රදේශයේ හෝ වෘෂණ කෝෂවල හෝ වේදනා රහිතව ගෙඩි හටගැනීම සිදුවෙයි නම් එයද එක් හර්නියා රෝගී තත්ත්වයක ආරම්භක අවස්ථාව ලෙස දැක්විය හැකියි. නින්දේ සිටින විට එම පිටතට වූ තෙරපීම ඉබේම ඇතුළට යන අතර කැස්සකදී, මලපහ කිරීමේදී තටමන විටදී නැවතත් පිටතට එනවා. මුලදී එහි කිසිදු වේදනාවක් හටගන්නේ නැහැ. කාලයත් සමඟ ක්‍රමයෙන් විශාල වන මෙම හර්නියා, තත්ත්ව ඉකිළි ප්‍රදේශයේ ඇතිවූ එකක් නම් එය වෘෂණ කෝෂ වෙත ගමන් කර ඒවා අධික ලෙස විශාල කරනවා. රෝගී තත්ත්වය උත්සන්න වූ විටදී උදර බිත්තියේ සිදුරු තුළින් පිටතට පැමිණෙන නෙරීම් නැවත ඇතුළට යා නොහැකිව සිරවීමේ අවදානමක්ද පවතිනවා. එලෙස පිටතට පැමිණෙන අන්ත්‍ර කොටස් හෝ පටක කොටසට නිසි පරිදි රුධිර සැපයුම නොලැබීමෙන් එම කොටස මළ තත්ත්වයට පත්වීමටද ඉඩ තිබෙනවා.

හර්නියා රෝගය සෑදීමට වයස් සීමාවක් නැති අතර කිරිබොන වයසේ අතදරුවන්ට පවා රෝගය ඇතිවිය හැකියි. දරුවන්ට සෑදෙන තදබල කැස්ස නිසාත්, අධික ලෙස හැඬීම නිසාත් පෙකණිය පිටතට නෙරාඒම සිදුවෙනවා. මෙයද හර්නියා තත්ත්වයක්. දරුවා ක්‍රමයෙන් වැඩෙන විට පෙකණිය අවට බිත්ති සවිමත් වී හර්නියා තත්ත්ව ඉබේම නැතිවී යනවා. නැවත වයසට යද්දී ක්‍රමයෙන් ශරීරය දුර්වල වීමට පටන් ගන්නා අතර උදර කුහරයේ පීඩනය වැඩිවන අධික බර ඉසිලීමේ නිරත වීමත්, කැස්ස හා මලබද්ධය ආදී රෝග නිසාත් මෙම තත්ත්වය ඇතිවිය හැකියි. ඉකිළි ප්‍රදේශයේ හා වෘෂණ කෝෂ ආශි්‍රතව ඉදිමුම වැඩි වශයෙන් පිරිමින්ට සෑදෙන අතර කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන්නේ මහා ප්‍රාචීරය ඉහළට තල්ලු වීමෙන් හටගන්නා හර්නියා තත්ත්වයයි. හර්නියා සමයේදී උදරයේ පීඩනය වැඩි වීම මෙම තත්ත්වය ඇතිවීමට හේතු වෙනවා.

හර්නියා රෝග තත්ත්වය මුල් අවධියේ හඳුනා ගැනීමට බොහෝ විට කිසිම රූප ලක්‍ෂණයක් පහළ නොවිය හැකිය. සමහර විට ආහාර කොටස් හර්නියාව තුළට ගමන් කිරීමෙන් පසු රූප ලක්‍ෂණ ඇති වෙනවා. ආහාර ගැනීමේදී උදරයේ ඉහළ පෙදෙසින් වේදනාවක් හටගන්නවා. ආහාර ගැනීමෙන් පසු බඩ පපුව දැවීම හටගන්නවා. ආහාර කොටස් උගුරට ඒමත් ආහාර කොටස් හිරවී ඇති ලෙසටත් හැඟීමක් ඇති වෙනවා. ඉදිරියට නැවීම වැනි ක්‍රියාවක් කිරීමේදී උදරයේ ඉහළ කෙළවරින් අධික වේදනාවක් හටගන්නවා. මලබද්ධය, කැස්ස, බඩ පිපුම, මුත්‍රා පිටකිරීමේ අපහසුව නොකඩවා පැවැතිය හැකියි. වැසිකිළි යෑමේදී අධික වේදනාවක් හටගන්නවා. කලාතුරකින් අවස්ථාවකදී ලේ වමනයද හටගත හැකියි.

හර්නියා හෙවත් අණ්ඩවාත රෝග ප්‍රතිකාරයේදී බටහිර වෛද්‍ය ක්‍රමය තුළ නිසැක වශයෙන්ම සැත්කම් සිදුකරනු ලබනවා. එහිදී පිටතට පැමිණි පටක කොටස බොහෝ විට කපා දමා දුර්වල වූ බිත්ති පටක ශක්තිමත් වන ලෙස දැල් ආවරණ දැමීම සිදු කරනවා. සැත්කමෙන් පසු කාලයක් යනතුරු ශරීරය වෙහෙසීමේ කාර්යයන්ගෙන් වැළකී සිටිය යුතුයි. ඉතාම කලාතුරකින් හමුවන විශාල වෘෂණ කෝෂ හෝ ශරීරයෙන් පිටතට නෙරා ඇති විශාල ගෙඩි සහිත රෝගීන් සඳහා සැත්කම් සිදුකර ගැනීම හැර වෙනත් ප්‍රතිකාරයක් නැහැ. ඒ හැරෙන්නට අනෙකුත් සියලුම හර්නියා රෝග තත්ත්වයන්

ආයුර්වේද ප්‍රතිකාරය හරහා සුව කරගත හැකියි. ශරීරය කපා කොටා නොගෙන, අවයව හෝ පටක කොටස් කපා ගැනීමෙන් ඇතිවන පසු ආබාධ තත්ත්වයන්ට මුහුණ නොදී නිවැරැදි ආයුර්වේද ඔෟෂධ මඟින් හර්නියාව හෙවත් අණ්ඩවාත රෝගය සුව කර ගත හැකියි. ප්‍රතිකාර ආරම්භයට පෙර පහත ප්‍රතිකාර සිදුකර ගන්න. නික, කටුකරඬු, බේත් එරඬු කළං 4 බැගින් ගෙන පත අට එකට සිඳ උදේට සවසට එරඬු තෙල් මිශ්‍ර කර සති 2ක් බොන්න.

(මව්බිම)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top