ගොඩක් කල් ජීවත් වෙන්න ඕනද ? එහෙනම් මේ රහස් ටික දැනගන්න..
Saturday, 16 December 2023 - 8:52 | Views - 655
ගොඩක් කල් ජීවත් වෙන්න කවුද අකමැති..? හැමෝම කැමතියිනෙ නිරෝගී, සතුටුදායක, දිගුකාලීන ජීවිතයකට. ඒ නිසා අද අපි හිතුවා ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන් රහස් 08ක් ඔබට කියලා දෙන්න.

01. හොඳ මිතුරන් ඇති කරගන්න.

පර්යේෂණවලින් තහවුරු කරගෙන තියෙනවා, ඔබේ හිතට සැහැල්ලුව සහ සතුට ගෙනදෙන හොඳ මිතුරන් ඇසුරු කිරීම දිගු කාලීන ජීවිතයකට මග පාදනවා කියලා. ශක්තිමත් සමාජ බැඳීම් ඔබව සතුටින් තියනවා. ඒ මගින් දිගු කල් ජීවත් වෙන්න ඔබට දොාරටු විවර වෙනවා. ඒ නිසා, ඔබේ හොඳම මිතුරන්ට හැකිතාක් කෘතඥ වෙන්න අමතක කරන්නෙපා. මොකද, ඔවුන් ඔබේ ආයුෂ වැඩි කරනවා.


02. දුම්පානය නතර කරන්න.

දුම්පානය නතර කිරීමෙන් ඔබේ ආයු කාලය අවුරුදු කිහිපයකින් දීර්ඝ කරන්න පුළුවන්. බ්‍රිතාන්‍යයේ සිදු කළ අධ්‍යයනයකින් අනාවරණ වෙලා තියෙන්නෙ, යම් කෙනෙක් වයස අවුරුදු 30දි දුම්පානය නතර කළොත්, ඔහුගේ ආයු කාලය අවුරුදු 10කින් පමණ දීර්ඝ වෙනවා කියලා. වයස අවුරුදු 40, 50 හෝ 60දි මේ පුරුද්දට පයින් ගැසීම, ඔබේ ජීවිතයට පිළිවෙලින් අවුරුදු 09ක්, 06ක් හෝ 03ක් එකතු කළ හැකිියි.

03. නින්දෙහි කලාව වැළඳගන්න.

නිතර කෙටි නින්දක් ලබාගන්නා පුද්ගලයින්, අනෙක් පුද්ගලයින්ට වඩා දිගු ආයු කාලයක් භුක්ති විඳින බව වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා. ඔවුන් හෘද රෝගවලට ගොදුරු වීමේ සම්භාවිතාව අනෙක් පුද්ගලයින්ට වඩා 37%කින් පමණ අවම මට්ටමේ පවතින බවයි අනාවරණ වී ඇත්තේ.


04. සමබර ආහාර රටාවක් අනුගමනය කරන්න.

පලතුරු, එළවළු, සම්පූර්ණ ධාන්‍ය, ඔලිව් තෙල් සහ මාළුවලින් පොහොසත් ආහාර රටාවකට හුරුවීම ඔබේ ආයුෂ වැඩි කිරීමට හේතු වෙනවා. එම ආහාරවලින් තරබාරුකම, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග වැළඳීමට ඇති ඉඩකඩ අවම කිරීම ඊට හේතුව විදිහට දක්වන්න පුළුවන්.


05. ව්‍යායාම කරන්න.

ව්‍යායාම කිරීම, ඔබගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කර නිරෝගී ජීවිතයකට මග පාදනවා. ව්‍යායාම කරන අය, නොකරන අයට වඩා සාමාන්‍යයෙන් වැඩි කාලයක් ජීවත් වෙනවා. නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් සිදුකිරීම හෘද රෝග, ආඝාතය, දියවැඩියාව, ඇතැම් පිළිකා සහ මානසික අවපීඩනයට ගොදුරු වීමේ සම්භාවිතාව අඩු කරනවා. එය මහලු විය දක්වාම යහපත් මානසික තත්ත්වයකින් සිටීමට ඔබට උදව් වනවා.


06. රිය ධාවනයේදී ආරක්ෂිත ආම්පන්න භාවිත කරන්න.

අමෙරිකා එක්සත් ජනපදයේ වයස අවුරුදු 01 ක් වන ළදරුවන්ගේ සිට අවුරුදු 24 දක්වා පුද්ගලයින් මියයාමේ ප්‍රධාන හේතුව රිය අනතුරු කියලා හොයාගෙන තියෙනවා. රිය ධාවනයේදී ආරක්ෂිත ආම්පන්න පැළඳීම, දිගු ජීවිතයක් සඳහා ඇති ඉඩකඩ වැඩි කිරීමට පහසු ක්‍රමයක්. ආසන පටි මගින් මෝටර් රථ අනතුරකදී මරණයට පත්වීමේ සම්භාවිතාව 50%කින් අඩු කරනවා. යතුරුපැදි අනතුරුවලින් සිදුවන බොහෝ මරණ සිදුවන්නේ හිස තුවාල වීම නිසා වන බැවින් සෑම විටම හිස්වැසුම් පළඳින්න කියලා අපි ඔබට සිහිපත් කරනවා.

‍07. සමාව දෙන්න

අමනාපකම් අත්හැරීමෙන් විස්මිත ශාරීරික සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්. නිදන්ගත කෝපය කියන්නෙ හෘද රෝග, ආඝාතය, දුර්වල පෙනහළු සෞඛ්‍යය සහ වෙනත් ගැටළුවලට බලපාන හේතුවක්. සමාව දීම තුළින් කාංසාව සහ රුධිර පීඩනය අඩු කරනවා. ඒ වගේම ඔබට වඩාත් පහසුවෙන් හුස්ම ගැනීමට උපකාර කරනවා. ඔබේ මානසික සහනය සඳහා එය බෙහෙවින් උදව් වෙනවා‍.


08. විවාහ වන්න.

සමීක්ෂණවලින් තහවුරු වී ඇති පරිදි, විවාහක පුද්ගලයින් තනිකඩ පුද්ගයින්ට වඩා වැඩි කාලයක් ජීවත් වනවා. විවාහය නිසා ඔවුන්ට ලැබෙන සමාජයීය සහ ආර්ථික සහාය ඊට හේතුවන බවයි සමීක්ෂකයින් පවසන්නේ. දික්කසාද වූ හෝ වැන්දඹු පුද්ගලයින්, සදා තනිකඩව සිටි පුද්ගලයින්ට වඩා වැඩි කලක් ජීවත් වන බව ද අධ්‍යයනවලින් සොයාගෙන තිබෙනවා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top