හුස්ම වැටෙන්න වාරු දෙන , රසම රස පළතුර.. (Photos)
Tuesday, 12 December 2023 - 15:29 | Views - 827
දෙළුම් කියන්නේ ඉතාමත් ගුණදායක පළතුරක්.මේ කියන්න යන්නෙ දෙළුම්වල ඇති විශ්මිත ගුණ ගැන.

♦️ හුස්ම යන්න ගිය පුද්ගලයන්ට පවා නැවත පණ දියහැකි පළතුරක් ලෙසයි දෙළුම් හදුන්වන්නේ ...

♦️අපට වැල⁣ඳෙන බොහොමයක් රෝග ඇතිවීම වලක්වා ගත හැකි බව විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා .

♦️ පළතුරු වල කලාතුරකින් දක්නට ලැබෙන ප්‍රබල ශාක සංයෝග ද්විත්වයක් දෙළුම් වල අඩංගු වෙනවා .අතිශය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි.

එම නිසා පිළිකා සෛල වර්ධනය වන වේගය අඩාල කිරීමේ හැකියාව දෙළුම් සතුව තියෙනවා

♦️ දෙළුම් යුෂ පානය කිරීමෙන් ...අධි රුධිර පීඩනය ,දියවැඩියාව හා කොලෙස්ටරෝල් පාලනය වනවා .හෘදයාබාධ ඇතිවීමත් අවම වෙනවා .

♦️ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු වෙනවා .ස්වභාවික සාරවත් බව වැඩි කරනවා .

♦️ දෙළුම් යුෂ සහ ඇට මඟින් මතක ශක්තිය වැඩි දියුණු කරන බව මෑත කාලීන පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා .

♥️ තරුණ පෙනුම රැක දෙනවා .සමෙහි ඇති වන තුවාල සුව කර සම නීරෝගිමත් කරනවා . සම වයසට යාමේ ලකුණු ප්‍රමාද කරනවා .සම හිරු එළියට නිරාවරණය වීමෙන් ඇති වන හානිකර තත්ත්වයන්ද වලක්වනවා.

♥️ දෙළුම් වල ඇති වේදනා නාශක බලය මගින් සන්ධි තුල ඇති වේදනාවන් දුරුකර අස්ථි ශක්තිමත් කරනවා .

♥️ සතියකට වරක්වත් දෙළුම් යුෂ හිසෙහි ආලේප කර සම්භාහනය කල හැකි නම් හිස මෙන්ම හිසකෙස් ද නීරෝගිමත් වෙනවා .

♥️ දෙළුම් ගසෙහි සියළුම කොටස් ඖෂධීය ගුණයෙන් යුක්ත වනවා .දෙළුම් කොළ හා අක්ෂි රෝග අතර සම්බන්ධය නම් නොදන්නා අයෙක් නැතුව ඇති ...එහි ඇති බැක්ටීරියා නාශක ගුණය නිසා ඇස් රෝග වලදී දෙළුම් කොළ තම්බා සේදීම හා තැවීම සිදු කරනවා .අජීර්ණයට දෙළුම් ලෙලි වියලා කුඩු කර කෝපි මෙන් පානය කරනවා .

♥️ නිතර සෙම්ප්‍රතිශ්‍යාව ,උණ වැනි වෛරස් ආසාදන වලට ගොදුරු වන දරුවන්ටත් ..ගර්භණී මව්වරුන්ගේ විවිධ සංකූලතා සඳහාත් ..විශේෂයෙන්ම උදෑසන වමනයටත් ,කිරිදෙන මව්වරුන්ගේ ශරීර වේදනා ආදියටත් ,කුඩා දරුවන්ගේ උදරාබාධ සදහාත් දෙළුම් ඉතාම ගුණදායකයි .

♥️ කියා නිමකළ නොහැකි ගුණ සමුදායකින් සමන්විත දෙළුම් ..අද වන විට ලොවපුරා සුපිරි හෝටල් වල සුඛෝපභෝගී මිළ අධික ආහාර වට්ටෝරු රස ගැන්වීමට ද යොදාගන්නවා .
♥️ විවිධ සලාද වර්ග ,ව්‍යාංජන වර්ග වගේම විවිධාකාර අතුරුපස වර්ග පිළියෙළ කිරීමේදී දෙළුම් භාවිතා කරනවා .

♥️ ඒ වගේම දෙළුම් ෂැම්පු හා ක්‍රීම් වර්ගත් අද වනවිට වෙළෙඳපොළෙහි මිළදී ගැනීමට තියෙනවා .

♥️ නමුත් ආනයනය කරන තද රතු පැහැ විශාල දෙළුම් ගැන නම් විවිධාකාර මත පලකරනවා.

♥️♥️ ලංකාවේ හැදෙන ටිකක් කහට ගතියෙන් වැඩි දෙලුම් තමයි රසයෙන් හා ගුණයෙන් ඉහලම...ඉතින් .. ඔයාටත් හැකි නම් ඔයාගෙ ගෙවත්තේ දෙළුම් පැළයක් වවාගන්න ඔයාගෙ නීරෝගී දිවියට එය බොහෝ පිටුවහලක් වනවා නොඅනුමානයි ..

උපුටා ගැනීමකි.. 





















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top