රත් කෙසෙල් - රත්නමාලු - රතඹලා.. ගුණ ගැන ඔබ දන්නවාද ?
Saturday, 09 December 2023 - 12:49 | Views - 2,727
රත් කෙසෙල් - රත්නමාලු - රතඹලා.. 
වල ඇති ගුණ ඔබ දන්නවාද ?
 
කෙසෙල් වර්ග බොහෝ ප්‍රමාණයක් ඇත. මේ අතරින් රත් කෙසෙල් යනු , සිරුරට බොහෝ ගුණ දෙන කෙසෙල් වර්ගයක්.
මේවායේ පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත වේ. අනෙකුත් කෙසෙල් වර්ගවලට වඩා බීටා කැරොටීන් හා විටමින් සී මෙහි අඩංගු ය.
බීටා කැරොටීන් මඟින් රුධිර නාලිකා ඝන වීම වළක්වන අතර, හෘදයාබාධ හා පිළිකා ඇතිවීම වැළැක්වීම ද සිදු වේ.රත් කෙසෙල්වල අන්තර්ගත ගුණ බොහෝ ය.

වකුගඩුවල ගල් ඇති වීම වළක්වයි

රත් කෙසෙල්වල පොටෑසියම් ඉතා ඉහළ ප්‍රමාණයක් පවතින නිසා, වකුගඩුවල ගල් ඇති වීම වළක්වයි. එමෙන් ම, හෘදය ආශ්‍රිත රෝග හා පිළිකා වැලඳීම ද වළකී. අස්ථි ශක්තිමත් කරයි.

බර අඩු කර ගැනීමට

අනෙකුත් පලතුරු හා සසඳා බලන විට රත් කෙසෙල්වල අඩු කැලරි ප්‍රමාණයක් පවතී. මේ මඟින් කුස ඉක්මනින් ම පුරවා දැමීම සිදුවේ. එමඟින් බර අඩු කර ගැනීමට දායකත්වයක් ලැබේ.

ප්‍රතිඔක්සිකාරක හා විටමින්

රත් කෙසෙල්වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක හා විටමින් නිසා, රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කරවයි. එමඟින් නීරෝගී ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති කරවන අතර, රුධිරයේ ග්ලූකෝස් මට්ටම ද නියතව රඳවා තබයි. මේ මඟින් දෛනිකව අවශ්‍ය වන විටමින් බී6 ප්‍රමාණය ද සපයාගත හැකි ය. විටමින් බී6 හීනතාව, ඇනීමියා තත්ත්වය ඇති වීමට හේතු වේ.

 ක්ෂණික ශක්ති ජනකයකි

රත් කෙසලේ යනු ක්ෂණිකව ශක්තිය ලබාදෙන ශක්ති ජනකයකි. මේ මඟින් ස්වභාවික සීනි ශක්තිය බවට පරිවර්තනය කරයි. එමනිසා, මෙය උදෑසන ආහාර වේලක තිබිය යුතු අනිවාර්ය අංගයකි.
 

උපුටා ගැනීමකි.. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top