හොර නැතුව ගුණ දෙන , හෙරලි ඇට මාලුව ? (Photos)
Saturday, 09 December 2023 - 10:42 | Views - 709
කොස් ඇට කියන්නේ පෝෂණ ගුණයෙන් අනූන පහසුවෙන් හොයා ගන්නට පුළුවන් දේශීය ආහාරයක්.

මං අද කියලා දෙන්නේ කොස්ඇට වලින් මස් වගේ ම රසට කොස් ඇට කලු පොල් මාලුවක් හදාගන්න විදිහ.

හරියට හැදුවොත් මේක එක්ක විතරක් බත් කන්න පුළුවන්.

කොස් ඇට වල පිෂ්ඨය සහ ප්‍රෝටීන් බහුලයි.

ශරීරය පෘෂ්ඨිමත් කරන්නට මේ කොස් ඇටවලට හැකියාව තිබෙනවා.

ඒ වගේ ම කොලෙස්ටරෝල් ඇති අයටත් කොස් ඇට කියන්නේ ඉතා ම සුදුසු ආහාරයක්.

පිළිකාකාරක විනාශ කිරීමේ හැකියාවකුත් කොස් ඇට වලට ඇති බව කියවෙනවා.

ආහාරයට ගත් විගස ශරීරයේ සීනි මට්ටම ඉහළ නොයන නිසා දියවැඩියාව රෝගීන්ටත් කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය :

කොස් ඇට තිහක් පමණ,කපා ගත් රතුලූණු මිටක්,ගෙඩිය පිටින් තලා ගත් සුදුලූණු බික් පහක්,උම්බලකඩ මේස හැන්දක්,උළුහාල් තේ හැන්දක්,කහ කුඩු තේ හැඳි බාගයක්,මිරිස් කුඩු තේ හැන්දක්,ගම්මිරිස් තේ හැන්දක්,රස අනුව ලුණු,මිටිකිරි කෝප්පයක්,දියකිරි කෝප්පයක්
අබ තේ හැන්දක්,සූදුරු තේ හැන්දක්,ගාගත් පොල් මේස හැඳි දෙකක්,සහල් මේස හැන්දක්
කරපිංචා සහ රම්පේ.
පිස ගන්නා ආකාරය :
කොස් ඇට සෝදා පොතු සමග තම්බගෙන යන්තමින් තල ගන්න. හාල් සහ පොල් දුඹුරු පැහැ වන තෙක් අඹරා ගන්න. මෙයට බැදපු සූදුරු, මිරිස්, ගම්මිරිස්, රතුළූණු, සුදුළූණු, රම්පෙ, කරපිංචා, කහ, ලුණු හා උම්බලකඩ දමා අතගා ගන්න. ඉන්පසු දියකිරි දමා ළිප තබන්න. එය තැම්බී එන විට මිටිකිරි එක්කර පිස ගන්න.ඉන් පසු කලුපොල් මිශ්‍රණය එක් කර අවශ්‍ය පමණට හින්දවා ගන්න.
*මැටි බදුනක පිසීමෙන් වඩාත් රසවත් වේ.
පින්තූර අන්තර්ජාලය ඇසුරෙනි. 








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top