'' මඩතවාලු '' ගැන දන්නවා ද ? අතීතයේ විෂ මැකුවේ මෙහෙමලු..
Thursday, 30 November 2023 - 9:11 | Views - 721
මඩතවාලු සහල් ගැනයි මේ කියන්න යන්නේ.

වැඩිමහල් වී වර්ගවලට අයිති මෙම වී වර්ගය ඉතිහාසයේ ගොවියන් විසින් මහ කන්නයට සුදුසු පස සකස් කිරීමක් කර, අස්වැන්න ලබා ගනු ලැබුවා.

මහ කන්නයේදී වර්ෂාපතනය අධික බැවින් වී ගසේ මූල කේශ තුලින් අයන වර්ග උරා ගැනීම සඳහා පස සකස් කරන පාංශු ජීවින් ගහනය යලට වඩා වෙනස්.

විවිධත්වයෙන් වැඩියි.

විශේෂයෙන්ම සමකය ආශ්‍රිත රටක් වූ අප රටෙහි උෂ්ණත්වයේ ස්වභාවය සියුම් ආකාරයට වෙනස් වන ඔක්තෝබර් මාසයේ පස තුල ක්‍රියාකාරී වන දිලීර හා බැක්ටීරියා වර්ග වලින් ශ්‍රාවය වන එන්සයිම හා වෙනත් ශ්‍රාවයන් වල සංයුතිය යලට වඩා වෙනස්.

පසෙහි මඩ ස්වභාවය හා වයනය විශේෂිත ආකාරයකට සකසන බැක්ටීරියා වර්ග අධික ලෙස වර්ධනය වන බැවින් ශාකයෙහි හෝමෝන ක්‍රියාවලිය අඩු උෂ්ණත්වයකදී ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය අයන වල ගහනය පසෙහි වැඩි කරවනවා.

එබැවින් ආ‌‍ශ්‍රැති පීඩනයන් වෙනස් වන අතර ශාකයේ ක්‍රියාකාරිත්වය යලට වඩා වැඩි ස්වභාවයක් ගන්නවා.

මෙහිදී බීජය තුල සංචිතය වන්නේ කාබෝහයිඩ්‍රේට් වලට වඩා ප්‍රෝටීනමය හා මේදමය ස්වභාවයන් වැඩිවන ආකාරයටයි.

කාබෝහයිඩ්‍රේට් සංචිතයද අනුපාතයෙන් විවිධයි.

එබැවින් ග්ලුකෝස් සංචිතය අනුපාතයෙන් අඩු මට්ටමක පවතිනවා.

තන්තුමය ස්වභාවය ඉහල මට්ටමක පවතින්නේ ප්‍රෝටීන හා මේදමය ස්වභාවයන්ට තැන්පත් කරවීම පහසු කරවීමටත් අවශ්‍ය කාලයේදී ප්‍රරෝහණය සඳහා සුදුසු එන්සයිම ඉතා ඉක්මනින් සපයා දීමටත් සුදුසු වන පරිද්දෙන්.

එබැවින් ප්‍රෝටීන් වර්ග හා මේදයන් දිරවීමට පහසු එන්සයිම අධික මෙම වී වර්ගය ආහාරයට ගැනීමේදී අහාර ජීර්ණය පහසු කරවනවා.

පසෙහි බැක්ටීරියා හා දිලීර ගහනය වැඩි බැවින් අයන සංචිතද අධික නිසා විෂ සහිත ද්‍රව්‍ය උරා නොගැනීම පිණිස ශාකය තුල විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැවින් බීජයේ ඇති සංචිතය තුල විෂ වලට ප්‍රතිරෝධී යාන්ත්‍රණයක් ඉබේම ක්‍රියාත්මක වෙනවා.

සත්ත්ව කොට්ටාශයක් වන අපගේ ආහාරයට මෙම සහල් ගැනීමෙන් ශරීරයේ ඇති විස නිතැතින්ම ඉවත් කෙරෙන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ පුදුම විදිහට.

විටමින් වර්ග ඉතා අධික මෙම සහල් වල ශරීරයේ මාංශ පේශීන් වර්ධනයට අවශ්‍ය වන අධික විටමින් හා ඛනිජ ලවන සංචිතයක් තිබෙනවා.

තවද මහ කන්නයේදී අධික වර්ෂාපතනයට ඔරොත්තු දෙන රෝග නිවාරක විශේෂිත වූ බැක්ටීරියා වර්ග ආහාරයේ තැන්පත්ව ඇති අතර ඒවා අහාර මාර්ගයට එක් වීමෙන් ශරීරයට හිතකර බැක්ටීරියා වර්ග සමග එකතු වී අහාර මාර්ගයේ ඇති ආස්තරය ආරක්ෂා කරමින් ඉතා හොඳින් අවශෝෂණය සිදුකරවන බැව් වෛ ද්‍යවරු පවසනවා.

ශාකයට ඇතිවන විෂකාරක ද්‍රව්‍ය ජාන පද්ධතියෙන් පවා ඉවත්කිරීමට හැකි යාන්ත්‍රණයක් මෙම ශාක වල ක්‍රියාත්මක වන බැවින් අස්වැන්න ආහාරයට ගැනීමෙන් අපගේ ශරීරයට ඇතුළුවන පිලිකාකාරක ඇතුළු විෂ ද්‍රව්‍යන් බහිශ්‍රාවය කරවන්නට පුළුවන් හැකියාවක් තියෙනවා.

ඇඟේ රුධිර සංසරණය පිරිසිදු වන අතරම ශ්වේද ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් සිදු වී ශරීර උෂ්ණත්වය ද පාලනය සිදු කෙරෙනවා.

එබැවින් පැරණි හෙළ ගොවියා පරිසරයේ උෂ්ණත්වය වැඩි කාලය වන යල කන්නයෙන් ඇරඹෙන වකවානු වලදී මෙම සහල් පරිභෝජනයට ගත්තා. 
 
අපේ පුරාණ පාරම්පරික සහලේ රුව-ගුණ-තේජස - Roar සිංහල



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top