කියන්න ලැජ්ජා වුණු ලෙඩේ , දැන් තමුන්ටම පරික්ෂා කරගන්න පුළුවන්..
Friday, 24 November 2023 - 11:23 | Views - 2,237
නිවසේදීම විනාඩි කිහිපයකින් HIV / AIDS ආසාදනය ගැන තමන්ටම දැනගත හැකි ක්‍රමයක් මේවන විට ක්‍රියාත්මක කර ඇති බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක පවසනවා.
මුඛ තරලය භාවිත කරමින් අදාළ පරීක්ෂණය සිදු කර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායන හරහා නිවසටම නොමිලයේ ගෙන්වා ගත හැකි බවයි ඇය පවසන්නේ.
එමෙන්ම අදාළ පරීක්ෂණය සඳහා මුඛ තරල ලෙස යොදා ගනු ලබන්නේ ඛේඨය නොවන අතර මුඛයේ ඇතුළත බිත්ති මත යම් සුළු බලයක් යොදා ලබා ගන්නා සාම්පලයක් බවත් එම සාම්පලය ලබා ගන්නා ආකාරයද පරීක්ෂණ කට්ටලය ලබා දීම සමඟම දැනුවත් කරන බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article