දූරියන් කන්න ඇබ්බැහි වෙලාද ? එහෙනම් ගුණ දැනගෙනම කන්න.. (Photos)
Thursday, 23 November 2023 - 15:38 | Views - 2,867
දූරියන් හඳුන්වන්නෙ පළතුරු ලොවේ රජ්ජුරුවෝ කියලා.

ගොඩක් අය දූරියන් කන්න කැමතියි වගේම දූරියන් වලට අකමැති අයත් ඉන්නවා.
අප රටේ දක්නට ලැබෙන දූරියන් වලට අමතරව රතු පැහැති සහ තැඹිලි පැහැති මාංශල සහිත දූරියන්ද වෙනත් රටවල දක්නට තිබෙනවා.
ඇතැම් අය ඉමිහිරි සුගන්ධයකින් යුතු පලතුරක් ලෙස සලකනු ලබන දූරියන් සමහර උදවියට නම් ඉතාමත් අප්‍රසන්න ගන්ධයකින් යුක්ත බව යි කියැවෙන්නේ.
මේ නිසා ම ඇතැම් පිරිසක් බොහෝම ආශාවෙන් දූරියන් ආහාරයට ගන්නා අතර ම තවත් පිරිසක් දූරියන් දෙස නොබලා ම එය ප්‍රතික්ෂේප කරනු ලබනවා.
ඒ අනුව විවිධ අය දූරියන් විස්තර කරන ආකාරය ද එකිනෙකට වෙනස්‍ ය.
ඈත අතීතයේ පටන් ම ආසියාවේ ප්‍රචලිත පලතුරක් වූ දූරියන් බටහිර ලෝකයට හඳුන්වා දී ඇත්තේ අදින් සියවස් හයකට පමණ පෙර යි.
එදිනෙදා ආහාරයට ගනු ලබන දූරියන් විද්‍යාත්මක ව Durio zibethinus යන නමින් හඳුන්වනවා. 

දූරියන් කන්න කැමති උදවිය ‘ලෝකයේ රසවත් ම පලතුර’ ලෙස හඳුන්වනු ලබන මේ අපූරු පලතුරු ගැන වැඩි දෙනෙක් නොදන්න කරුණු යි මේ.
• දූරියන් ගෙඩියක් ගසෙන් වැටීමෙන් පසු දවස් 2ත් – 4ත් අතර කාලයක් අතර ආහාරයට ගැනීමට වඩාත් සුදුසු වෙනවා. එම කාලය තුළ ආහාරයට ගැනීමෙන් එහි අඩංගු පෝෂ්‍යපදාර්ත නිසි පරිදි ලබා ගන්න පුළුවන්.
• දූරියන් ආහාරයට ගැනීමෙන් පසු ලිංගික සංසර්ගයේ යෙදීමෙන් සාර්ථක ප්‍රථිපල නෙලාගත හැකි වෙනවා වගේම ශුක්‍රානු වල ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමකට පත් කරනවා.
දූරියන් ආහාරයට ගැනීමෙන් පුරුෂයන්ගේ මෙන් ම කාන්තාවන්ගේ ලිංගික ශක්තිය වර්ධනය වේ.
ඉදුණු දූරියන් ග්‍රෑම් 100ක ශක්තිය කිලෝ කැලරි 150ක් පමණ අඩංගු ය.
එබැවින්, මේ පලතුර, ශක්තිජනක ආහාරයක් ලෙස ද හැඳින්විය හැකි ය.
• මෙහි අඩංගු විටමින් බී නිසා සිරුරේ අස්ථි සහ දත් වල ශක්තිමත් භාවය වැඩි වන අතර ඔසිටියෝපරෝසිස් වැනි රෝග වලින් වැලැක්වී සිටිය හැකි වෙනවා.
අස්ථිවල වර්ධනයට සහ නිරෝගීමත් බව සඳහා වැදගත් වන කැල්සියම්, මැන්ගනීසියම්, පොටෑසියම්, කොපර්, පොස්පරස් වැනි සංඝටක අඩංගු වීම නිසා, අස්ථිවල ශක්තිමත් බවට හා නීරෝගීමත් බවට ද මේවා බෙහෙවින් ම වැදගත් ය.
එමඟින් ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ බොහෝ රෝගාබාධ වැළඳීම වළකයි.
• ස‍ම පැහැපත් කිරීමට සහ නිරෝගීමත් කෙස් කළඹක් ලබා ගැනීමට දූරියන් ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා.
• 1960 පිලිපීනයේ කැලෑ වල තිබී කටු රහිත දූරියන් විශේෂයක් සොයාගෙන තිබෙනවා.
මෙය බොටක් දූරියන් (තට්ට දූරියන්) ලෙස හදුන්වනවා.
• සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් රහිත පළතුරක් තමයි දූරියන්.
මේවා ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම සමබරව තබාගත හැකි වෙනවා.
• දූරියන් වල අඩංගු වන ෆෝලික් ඇසිඩ් මගින් සිරුරට අවශ්‍ය රතු රුධිරානු වර්ධනය කිරීමට උපකාරී වෙනවා.
එමඟින් රක්තහීනතාව ඇති වීම ද වැළකේ. මේවා ආහාරයට ගැනීමෙන්, හෘදය නිරෝගීව තබා ගැනීමට හැකි වේ.
අධි රුධිර පීඩනයෙන් පීඩා විඳින අයට , දූරියන් හොඳ ඔසුවකි. දූරියන්වල කොලෙස්ටරෝල් අඩංගු නැත.
• ඉතා ශක්තිජනක ආහාරයක් වන දූරියන් වලින් සිරුරට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා.
• දූරියන්, අධි ප්‍රෝටීනමය ආහාරයකි. මේ ප්‍රෝටීන පහසුවෙන් ජීරණය කළ හැකි ය. ශරීරයේ මාංශ පේශි වර්ධනය සඳහා ද මේවා උපකාරී වේ.
මාංශ පේශිවල මනා ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් වන විටමින් කාණ්ඩ මෙහි අඩංගු ය.
එසේ ම, විටමින් සී ඇතුළු ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග බොහෝමයක් ද මේ පලතුරෙහි අඩංගු වේ.
පිළිකා හට ගැනීමේ අවදානම අවම කිරීමටත්, ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරමින්, නිරෝගීව තැබීමටත්, ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති මේ පලතුරට හැකියාවක් ඇත.
දූරියන් තන්තුමය ආහාරයකි. එබැවින්, මළබද්ධය ඇති වීම වැළකේ. එසේ ම, දූරියන් ආහාරයට ගැනීමෙන්, බඩවැල් ආශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා අවධානමෙන් ද මිදීමට හැකි ය.
• ඊ කාණ්ඩයේ විටමින අපේ ශරීරයට අත්‍යවශ්‍ය සේ ම, ඉතාමත් ම වැදගත් ය. ඒවා හෘදයේ, සමේ සහ ස්නායු පද්ධතියේ නිරෝගීමත් බවට බොහෝ සෙයින් දායක වේ.
දූරියන්වල ඊ කාණ්ඩයේ විටමින වැඩි ප්‍රතිශතයකින් අන්තර්ගත වීම ද විශේෂත්වයකි.

අවිවේකී බව සහ අසහනය නිසා හටගන්නා මානසික ආතතිය හේතුවෙන් නින්ද නොයෑමේ ගැටලුවලින් පීඩා විඳින්නන්ට, දූරියන් ආහාරයට ගැනීමෙන් යම් සහනයක් ලබාගත හැකි ය.
මෙවැනි බොහෝමයක් ගුණ ඇති, රසවත් දූරියන් ආහාරයට ගැනීමට ඉඩ ලැබෙන්නේ, අවුරුද්දේ එක කාලයකට පමණයි.
ඒ නිසා, දුටු තැනකදී දූරියන් ආහාරයට ගන්න දෙවතාවක් සිතිය යුතු නැත.
ප්‍රභේද රැසකින් යුත්තය.....
දැනට ලෝකයේ දූරියන් විශේෂ 30 ක් පමණ හඳුනාගෙන තිබෙන අතර ඒවායින් 9 ක් ම ආහාරයට ගැනීම සඳහා සුදුසු වෙනවා.
නමුත් සියවස් ගණනක් තිස්සේ උසස් තත්ත්වයෙන් යුතු ඵල ලබා ගැනීම සඳහා සිදු කරන ලද ශාඛ බද්ධයන් හේතුවෙන් මේ වන විට දූරියන් ප්‍රභේද 300 ක් පමණ බිහි වී තිබෙනවා.
ඒවා සෑම එකක ම පාහේ උසස් තත්ත්වයේ දූරියන් හට ගන්නා අතර සෑම ප්‍රභේදයක් ම එකිනෙකට වෙනස් රසයකින් හා සුවඳකින් යුතු යි.
දූරියන් බෘෘනායි, මැලේසියාව සහ ඉන්දුනීසියාවට අවේණික පලතුරක් වුවත් වර්තමානයේ දී ලෝකයේ ප්‍රධාන ම දූරියන් අපනයනකරු බවට පත් වී ඇත්තේ තායිලන්තය යි.
එහි දූරියන් ප්‍රභේද 200 කට ආසන්න ප්‍රමාණයක් වාණිජමය ලෙස වගා කරන අතර ඒ අතරින් වඩාත් ප්‍රකට දූරියන් ප්‍රභේදය ලෙස Durio zibethinus සැලකෙනවා.
දූරියන් පලතුරක් වශයෙන් සුපිරි ගණයට අයත් වෙයි.
ඇතැම් උදවියට අප්‍රසන්න වුණත් දූරියන් ඉතාමත් ගුණදායක පලතුරක්.
එහි අන්තර්ගත වන්නේ සරල සීනි නිසා දියවැඩියා රෝගීන්ට වුණත් සැකයකින් තොර ව දූරියන් ආහාරයට ගැනීමට පුළුවන්.
එසේ ම එතරම් බර ආහාරයක් නොවන නිසා එය ජීරණයටත් පහසු යි.
කුඩා දරුවන්ගේ බර අඩුකමෙන් මිදීමට පිළියමක් ලෙස දූරියන් ආහාරයට ගත හැකි අතර එහි අඩංගු කෙඳි සහිත ස්වභාවය හේතුවෙන් මළ බද්ධයට ප්‍රතිකාරක් ලෙස ද දූරියන් යොදා ගනු ලබනවා.

මීට අමතර ව සිරුරේ රතු රුධිරාණු නිෂ්පාදනය සඳහා ද දූරියන් ලබා දෙන දායකත්වය ඉහළ යි.
එපමණක් නොව හදිසියේ ඇති වන හෘදයාබාධ දුරලීමටත් අධි රුධිර පීඩනය අවම කර ගැනීමටත් දූරියන් ප්‍රයෝජනවත්.
තමන්ගේ රුව අලංකාර ව තබා ගැනීමට කැමති ඕනෑම කාන්තාවක් කැමති යි.
නිරන්තරයෙන් ම දූරියන් ආහාරයට ගන්නවා නම් පැහැපත් සමක් මෙන් ම නීරෝගී කෙස් කළඹක් ද හිමි කර ගත හැකි යි.
එසේම ඔසප් වේදනාවෙන් දුක් විඳින කාන්තාවන් සඳහා ද දූරියන් ඉතාමත් ගුණදායක යි.
මේ ආකාරයට සිරුරට වැදගත් වන පෝෂණ සංඝටක බොහෝමයක් දූරියන් හි අඩංගු වුවත් ඇදුම සහ සෙම් රෝගවලින් පීඩා විදින උදවියට නම් දූරියන් එතරම් ගුණදායක නැහැ.
විස්තර කළ නොහැකි සුවඳක් සහ රසයක්...........
වසර සිය ගණනක් තිස්සේ ආසියාවට පැමිණි ගවේෂකයන් දූරියන්වලට සුවඳ සහ රසය පිළිබඳ ව තම වාර්තාවල විස්තර කිරීමට උත්සාහ කර තිබුණත් ඒ කිසිවෙකින් දූරියන් නිවැරදි ව විස්තර කර නොමැති බව යි පෙනී යන්නේ.
මේ නිසා ම දූරියන්, විස්තර කළ නොහැකි අසමසම පලතුරක් ලෙස ද සැලකෙනවා.
දූරියන් රසය සහ සුවඳ බොහෝ දෙනෙක් තුළ ගැඹුරු ප්‍රසාදයක සිට තදබල පිළිකුලක් දක්වා වූ විවිධ හැඟීම් ජනිත කරනවා.
ක්‍රිස්තු වර්ෂ 1856 දී බ්‍රිතාන්‍ය ජාතික ස්වභාව විද්‍යඥයෙකු වූ ඇල්ෆ්‍රඩ් රසල් වොලස් දූරියන් විස්තර කර ඇත්තේ මේ අයුරින්.
“සේද වැනි සුදු පැහැයෙන් යුතු කුටීර පහක් තුළ ක්‍රීම් පැහැයට හුරු පල්පයක් පිරී පවතින අතර එක් කුටීරයක් තුළ බීජ තුනක් පමණ අඩංගු වෙනවා. මෙයින් ආහාරයට ගත හැක්කේ පල්පයක් වැනි කොටස යි.
එහි උකු බව සහ රසය විස්තර කළ නොහැකි යි.
දළ වශයෙන් එය කොට්ටම්බා රස ගන්වන ලද කස්ටඩ් වැනි යි.
නමුත් ඇතැම් අවස්ථාවල දී එයින් මතු වන්නේ ක්‍රීම් චීස්, ෂෙරි වයින් හෝ ලූනු සෝස් වැනි එකිනෙකට නොගැළපෙන රසයන්.
වෙනත් කිසිදු පලතුරක දක්නට නොමැති ආකාරයේ ඇලෙන සුලු මෘදු බව, මේ පලතුරේ ප්‍රණිත බව වැඩි කරනවා.
එසේ ම වැඩි වැඩියෙන් දූරියන් කෑමට ගැනීමේ දී එය ආහාරයට ගැනීම නතර කිරීමට ඇති අවශ්‍යතාවය ක්‍රමයෙන් අඩු වී යනවා.

(උපුටා ගැනිමකි)


















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top