කිරුළ හිමි '' කිරල '' ගැන දැනගන්න, මෙන්න විස්තරේ..
Thursday, 23 November 2023 - 9:42 | Views - 5,702
වගුරු බිම්වල වැවෙන කිරල ශාකය පලතුරක් වශයෙන් ඉතා රසවත් මිහිරි පෝෂණයෙන් හෙබි පළතුරක්...

අමුවෙන් ද ආහාරයට ගතහැකි මේ කිරල පළතුර රසවත් ආකාරයට සකස් කරගත් විට රස පානයක්...

මේ රසවත් ගුණදායි පෝෂණීය කිරල විවිධ රෝග සඳහා ඔසුවක් වශයෙන්ද යොදාගන්නවා...

නමුත් අද මහා පරිමානයෙන් වගුරු බිම් ගොඩ කිරීම හා විනාශ කිරීම් නිසා කිරල කිරිල්ලියන්ටද කිරුල හිස මත දරා සිටින කිරල වලටද සිදුව ඇත්තේ කිරුල බිම තබා පල්ලම් බසින්නටය...

ලක්වැසියේ මෙන්ම විදේශිකයෝද කිරල පානයට කැමැත්තක් දක්වනවා.. මේ කිරල පානය නව වෙළෙඳසලක මෙන් තේ කඩ මෙන් භාවිතාවන ආකාරය හබරාදුව, අහංගම, ගාල්ල, හික්කඩුව ආදි ප්‍රදේශවල ගාල්ල මාතර මාර්ගයේ ගමන් කරන ඕනෑම අයකුට දැකිය හැකියි...

වගුරුබිම් ආශ්‍රිතව ජිවත් මිනිසුන් තම ප්‍රධාන රැකියාවක් වශයෙන් සිදුකරන්නේ කිරල කඩා වෙළෙඳ පොළට රැගෙන ගොස් විකුණා මුදල් සරුකර ගැනීමයි...

කිරල කිරිලියන් කී විගසම අපට මතකයට එන්නේ රුවැති මුහුණු සහිත, රුවැත්තියන්ය,,. අපේ කාතාවේ එන මේ කිරල කිරිල්ලියෝ මිනිසුන්ට නොදෙවනි වැඩ කිඩ ශිල්ප දක්වන සම්මතයෙන් එහා හිතන පතන ජිවත්වන්නට වෙර වීරිය දරණ දිරිය කිරල කිරිල්ලියෝයි...

කැත්ත, පිහිය. වලල්ල, නියවල්ල ඇතුව නැතුව කිරල ගස් අතු පතර ඇවිදින කිරල කිරිල්ලියෝ ගස් වලබඩ ගාන්නේ කල පුරුද්ද, පලපුරුද්ද නැතිනම්, සංසාරගත පුරුද්දටදැයි හිතේ...
ඒ තරමට මේ කිරල කිරිල්ලියෝ තටු නොමැති වුවද ගස් අතර ගසින් ගසට පනිමින් කිරල කඩන දසුන අපට නම් සුන්දරය. පය ලිස්සා ගියහොත් ඔවුනගේ ජිවිත අවදානමේයි... ඒ සඳහා කිසිදු රක්ෂණයක් නැත.

ගොඩබිමි මෙන්ම ගස්වලද කස්තිරම් ගසන අපේ කාලයේ කිරල කිරිල්ලියෝ ජලයේද ගැඹුරු දියෙහිද ඔරු, පාරු, බෝට්ටු පදවාගෙන කිරල කඩන්නට දියඹට තම යාත්‍රාවෝ පදවනවා...


කරක් වට දියේ බැස මළුවලට කඩා ගත් ගෝනිවලට දමා ගත් කිරල දියබේ කර තියාගෙන එන්නේ දිය කිඳුරියන් මෙන්ය.. මේ කිරල කතාවේ අවසානය ගැන දැනගන්න නම් රසවත් කිරළ වීදුරුවක් හදන හැටි දැනගන්නම ඕන නේ.. මෙන්න බලන්නකෝ කිරල ගෙඩිවලින් බීම හදන්නේ මෙහෙමයි...

අවශ්‍ය දේවල්:
ඉදුණු කිරල ගෙඩි 10ක් -12ක්
සීනී 75g (රස අනුව දමන්න)
පොල් කිරි වීදුරු 2ක්
ලුණු (රස අනුව දමන්න)
අයිස් කැට කිහිපයක් (තියේ නම්)
සාදාගන්නා ආකාරය:
මුලින්ම කිරල ගෙඩි ටික හොදට හෝදා ගන්න ඕනෙ.
ඉන්පසු තරමක ලොකු භාජනයක් ගෙන එයට කිරල ගෙඩි දමා කිරිද එක් කර හොදින් පොඩි කරන අතරතුර කිරල ඇට ඉවත්කර ගන්න ඕනෙ.
දැන් තියෙන්නෙ හොදින් මිරිකා ගත්ත කිරල ඉස්ම ටික පෙරලා, රස අනුව සීනියි ලුණුයි දාලා කූල් කරලා පිළිගන්නවන එක. ඔච්චරයි. වැඩේ ඉවරයි.
වැදගත්:
උකු ගතිය වැඩිනම් වතුර ටිකක් හෝ කිරි ටිකක් එක්කර ගන්න.
පොල් කිරි වෙනුවට එළ-කිරි එකතු කර ගන්න පුලුවන්...

මුහුණුපොත ඇසුරෙන්.. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top