සම පැහැපත් වෙන්න , කියපු කෑමක් මේක.. කලාම බලන්නකෝ
Thursday, 23 November 2023 - 9:28 | Views - 832
කෝමාරිකා ගුණ ගැන හැමෝම දන්නවනේ.

හැබැයි දන්නවද කෝමාරිකාවලින් ව්‍යංජන හදනවා කියලා.

එක පාරක් කෑවොත් ආයෙ ආයේ කනවා.

ඒ වගේම තමයි ගුණය. කියවලා ම බලන්නකෝ.

කාලා තියෙනවා ද කෝමාරිකා මද ව්‍යාංජනය. පිපිඤ්ඤා පරාදයි හොඳේ..

ඉස්සෙල්ලා ම කෝමාරිකා ටිකක් කැපුවා.

කහපාට ශ්‍රාවයක් වැනි දෙයක් ඒ ටික යනකම් පැය බාගයක් විතර පැත්තකින් තියන්න.

ඊළඟට දෙපැත්තෙන් පොඩි තීරු දෙකක් අයිං කරන්න.

කෑලි වලට කපාගන්න..

දැන් ඉතිං පිපිඤ්ඤා උයනවා වාගෙ තුනපහ,කහ, ලුනු,රතුලූනු,අමුමිරිස් ,රම්පෙ කරපිංචා අබ කුඩු,සුදුලූනු ටිකක් වැඩිපුර දාලා මිටි කිරි චුට්ටක් දලා මඳගින්නෙ පිසගන්න..

අර කපන කොට එන සෙවල ගතිය මොකුත් ව්‍යාංජනය හැදිල එනකොට නෑ හොඳේ..

දන්නවද ගෑස්ට්‍රික් වලට ඇඟේ උෂ්ණ ගතිය අඩු කරන්න, සම පැහැපත් වෙන්න කියාපු කෑමක් .

හදලා බලන්නකෝ..මේකට මස් ගතිය තියෙන කෝමාරිකා ගන්න. 
















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top