මේක ගණන් නොගත්තොත්.. ලොකු ප්‍රශ්නයක් ? ලෙඩ ගොඩකට මුල පිරීමක්..
Sunday, 19 November 2023 - 13:02 | Views - 816
පාදවල නිල් පැහැය, ඉදිමුම් ස්වභාවයක් සහිත නහර ආශ්‍රිත ගැට ගැසීම් ලෙස බාහිරව පෙන්නුම් කරන්නේ මේ නහරවල ඇති ආබාධයි...

බහුලව දක්නට ලැබෙන නමුත් බොහෝ පිරිසක් නොසලකාහරින රෝග තත්ත්වයක් ලෙස නහර ගැට ගැසීම හඳුන්වාදෙන්න පුළුවන්...

මුල් අවස්ථාවලදී ඇතිවන අපහසුතාවය අවම නිසාත්, එදිනෙදා වැඩකටයුතුවලට බාධාවක් නොවන නිසාත් නිසිකලට ප්‍රතිකාරයට යොමුවී මඟහරින අවස්ථා බහුලවම දැකිය හැකියි...

නමුත් මෙම රෝග අවස්ථාව එසේ මඟහැරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු පැනනැගිය හැකියි... එබැවින් ඒ පිළිබඳ අවබෝධය හා නිසි ප්‍රතිකාරවලට යොමුවීම අත්‍යාවශ්‍ය කරුණක් වෙනවා...

හෘදය දෙසට රුධිරය ගෙනයන ශිරා ආශ්‍රිතව මේ තත්ත්වය හටගන්නවා... ශිරා මඟින් ශරීරයේ අපිරිසිදු රුධිරයයි... හෘදය වෙත ගෙනගොස් එහිදී පිරිසිදු වන රුධිරය ශරීරය පුරා බෙදාහරියි...

මෙසේ එක් දිශාවකට රුධිරය ගමන් කරවීම සඳහා ශිරා ඇතුළත කපාට (Valves) පිහිටා තිබෙයි.. මෙම ශිරා බිත්තිවල දුර්වලතා හේතුවෙන් එහි කපාට නිසිපරිදි ක්‍රියා නොකිරීමෙන් රුධිරය නිසි පරිදි එක් දිශාවකට ගලා නොයාමෙන් ගමන් මාර්ගයේ එක්රැස් වීමත් සිදුවෙයි...
මේ හේතුවෙන් අපිරිසිදු රුධිරය (de-oxygenated) රුධිර නාල ආශ්‍රිත එක් රැස්වීම, ගැටගැසුණු, නිල්පැහැ වූ ඉදිමුම් ලෙස දක්නට ලැබෙනවා...

ශරීරයේ ශිරා ආශ්‍රිත රුධිර ගමනය මේ ආකාරයෙන් සිදුවුවත් නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය ඇතිවන්නේ බහුලවම පාද ආශ්‍රිතවයි.. මීට හේතුව ගුරුත්වයට විරුද්ධව රුධිර ගමන් කරවීමත් පාද ආශ්‍රිතව සිදුවන නිසා රුධිරය එක්රැස් වීමට එය බලපෑමක් වන බැවින්..

මෙසේ රුධිර නාලිකා බිත්ති ආශ්‍රිත පේෂී දුර්වලතාවලට නිශ්චිත හේතු සොයාගෙන නැතත් නහර ගැට ගැසීමේ රෝගය සඳහා බලපාන අවදානම් සාධක කිහිපයක් පවතිනවා..

- හෝමෝනමය හේතු නිසා විශේෂයෙන් කාන්තාවන්ට මේ තත්ත්වය ඇතිවීමේ අවදානමක් පවතිනවා.. උදාහරණ ලෙස ගර්භනී අවස්ථාවලදී අර්තවහරණ, හෝමෝන ප්‍රතිකාර (HRT), උපත්පාලන ඖෂධ භාවිතය ආදිය දැක්විය හැකියි..

- වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන්.

- දීර්ඝකාලීනව එකදිගට සිටගෙන සිටීම හෝ හිඳගෙන සිටීම. විශේෂයෙන් ගෘහණියන් ඇඟළුම් සේවිකාවන්.

- ජානමය හේතූන්

- අතිස්ථූලතාවය

මීට අමතරව උදර කුහරය තුළ පීඩනය වැඩිවන අවස්ථාවල නහර ගැටගැසීම ඇතිවේ... උදාහරණ ලෙස ගර්භනීභාවය, දීර්ඝකාලීනව මළබද්ධය, අර්බුද (Tumours)

මෙහි රෝග ලක්ෂණ:-

 ගැටගැසුණු, නිල්පැහැති, ඉදිමුම් ස්භාවයෙන් යුත් ශිරා බාහිරින් දර්ශනය වීම..

 පාදවල වේදනාව මෙන්ම ඇවිදීමේදී, සිටගෙන සිටීමේදී ඇතිවන පාදවල බරබව, අපහසුතාවය...

 දාහය, අනින්නාක් බදු වේදනාව (Tgrobbing pain) සහ මස්පිඬු පෙරළීම..

 මෙවැනි ස්ථානයන් කඩතොලු වීමකින් පාලනය කළනොහැකි ලෙස රුධිරය වහනය වීම...

 සම දුර්වර්ණ වීම. විශේෂයෙන් වළලුකර ආශ්‍රිතව සම කසන, ඉදිමීම හා දුර්වර්ණ වීම කැපී පෙනෙයි...

 අදාළ ප්‍රදේශය ආශ්‍රිතව සමවියළීම, රතුවීම, සමහරවිට තුවාල හටගැනීමද වියහැකියි...

මෙම ලක්ෂණ රෝගියාගෙන් රෝගියාට වෙනස් ලෙස දක්නට ලැබෙනවා.. නිවැරදිව ප්‍රතිකාරවලට යොමු නොවීමෙන් භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදුවිය හැකියි...

තුවාල හට ගැනීම:-

විශේෂයෙන් වළලුකර ආශ්‍රිත ප්‍රදේශයේ කල්ගතවීමේදී තුවාල හටගන්නවා.. (Vericose ulcer) දීර්ඝකාලීනව ඉදිමුම හා එම ස්ථානයේ ඇතිවන අමතර පීඩනය හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වෙන අතර, මෙවැනි තුවාල සුවවීමට කල්ගතවන අතර දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් පවතින විට එය බරපතළ වන්නට පුළුවන්..
එබැවින් වළලුකර ආශ්‍රිතව දුර්වර්ණ වීමත්, දිගින් දිගටම ඉදිමුම පවතින විට නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් මෙවැනි තත්ත්ව හටගැනීමෙන් ආරක්ෂා වියහැකියි..

පාදවල ශිරා ආශ්‍රිතව හටගන්නා ගැටිති කාලයත් සමඟ විශාල වීමත්, රුධිර කැටි, රුධිර නාලවල සිරවීමෙන් රැධිර ගමනාගමනය අවහිර වීමත් සිදුවිය හැකියි..

මෙවැනි අවදානම් තත්ත්වවලින් ආරක්ෂා වීම සඳහා නිසි කලට නිසි වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි..
රෝග තත්ත්වය පාලනය හා ඇතිවීම වැළැක්වීම සඳහා ජීවන රටාවේ වෙනස්කම් සිදුකළ යුතුයි...

විශේෂයෙන් පවුලේ සාමාජිකයකු මෙවැනි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබඳ සැලකිලිමත් වියයුතුයි..

 දීර්ඝ වේලාවක් සිටගෙන සිටීමෙන් වැළකිය යුතුයි..

 ශරීරයේ බර උසට සරිලන පරිදි පාලනයකින් පවත්වා ගත යුතුයි...

 ව්‍යායාම්වල නිරතවීම තුළින් හොඳ රුධිරගමනාගමනයක් පවත්වා ගතහැකියි..

 පාද වෙළුම් හෝ බැන්ඩේජ් හෝ මේස් (Stockings) භාවිතා කිරීම..

රෝගියාගේ අක්‍රමවත් ජීවන රටාව අනුව නැවත නැවත මෙම තත්ත්වය ඇතිවිය හැකියි...

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම මේ සඳහා යොදාගනී. තෛල අභ්‍යාසයක්, පත්තු බැඳීම, ආලේප, කූඩැල්ලන් යොදවා සිදුකරන ප්‍රතිකාර දැක්විය හැකියි.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top