කරන රැකියාව අනුව හැදෙන ලෙඩක් මේක.. සර් ලා , මිස්ලා ට තමයි ගොඩක් ම..
Tuesday, 14 November 2023 - 11:16 | Views - 634

නොයෙකුත් ලෙඩ අතර, දැක්ක අමුතු ලෙඩක් ගැන පුංචි කතාවක්..එයාගේ ආබාධය තියෙන්නේ දකුණු අතේ දබර ඇඟිල්ලේ..
මොකද ඇඟිල්ලට වුණේ ? උළුක් වෙලා ගණන් ගන්නෙ නැතුව හිටියද ?
නැහැ , මොකක් වෙලාද කියලා හිතා ගන්න බැහැ. අවුරුදු තුන හතරක ඉදලා තිබුණා. මේ වතාවෙ තමයි වැඩිවුණේ හොදටම. ඒ කියන්නෙ අවුරුද්දක් ගානෙ ඇති වෙන ආබාධයක්.
මොන මාසවලද එන්නෙ ලෙඩේ ?
පසුගිය මාසෙ තමයි වුණේ. අගෝස්තුවේ මැද ඉඳල ම ටික ටික තිබුණා.
මොකක්ද මේ අවුරුද්දකට සැරයක් එන අමුතු ලෙඩේ? මොකක්ද කරන රස්සාව?
මූදු යන එක තමයි…. අගෝස්තුවේ කරන්නෙ වැල්ලේ සරුංගල් විකුණන එක.
ඔය තියෙන්නේ ලෙඩේට හේතුව. ක්‍රිලෝ එකක් විතර බර ඇති ද සරුංගලේ ?
ඊට වැඩියි..
හරිනෙ ඉතින්…. දබරැඟිල්ලෙන් නේද නූල නවන්නේ? සරුංගලේ බර දෙගුණ තෙගුණ වෙනවා උඩදි හුළං බදන කොට. අගෝස්තුව ඉතින් සරුංගල් මාසෙනේ .
රෝගය පිළිබද නිගමනයකට ආවේ ඔන්න ඔහොමලු..
මේකට ඇලපති වෛද්‍ය කර්මයේ කියන්නෙ ‘ට්‍රිගර්’ කියලා. ට්‍රිගර් කියන්නේ තුවක්කුවේ කොකා ගස්සන කොටසට. කොකා ගස්සන්නේ දබර ඇඟිල්ලෙන්. ඒ නිසා මේ ආබාදෙට ට්‍රිගර් කියලා නම දාලා තියෙන්නේ..
මොකක්ද මේ ආබාධයේ ස්වභාවය?
මේ ලෙඩාගේ ඇඟිල්ලට ලොකු තෙරපුමක් එනවනේ කරන රස්සාව නිසා. ට්‍රිගර් කියලා නම දාලා තිබුණට කොකා ගස්සන වෙඩික්කාරයන්ට විතරක් නෙමෙයි මේ ආබාධය එන්නෙ.
දීර්ඝ කාලීනව ටයිප් කරන අයටත් මේක ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා. දබර ඇඟිල්ලටම නෙමෙයි, නිරන්තර තෙරපුමක් පීඩාවක් එන ඕනෑම ඇඟිල්ලකට එන්න පුළුවන්.
ඇඟිල්ලේ කොතනටද වේදනාව එන්නෙ?
ආබාධය ඇතිවෙන්නේ ඇඟිල්ල සහ අල්ල අතර තියෙන සන්ධියට. නමුත් වේදනාව ඇඟිල්ල දිගට පැතිරෙනවා. සන්ධියේ පුරුක් ඇදීම, ඛණ්ඩරා සහ පේශීවලට හානිවීම හේතුවෙන් තමයි මෙය ඇති වෙන්නේ.
ස්නායුව ඉදිමීමක් සිද්ධ වෙනවා. ඇඟිල්ලක් වගේ පොඩි තැනක ආබාධයක් නිසා කවුරුවත් මේක ලොකුවට ගණන් ගන්නේ නැහැ. ඔහේ මොනවා හරි තෙල් ටිකක් උලනවා විතරයි. ඒකෙන් වෙන්නේ බන්ධතීවලට තව තවත් හානි වෙන එක විතරයි. සමහරු කරන දෙයක් තමයි, තෙල් හොඳට ඇඟට උරාගන්න කියලා රත්වෙනකම් තදින් අතුල්ලන එක. ඒක නරකයි.
එහෙම කළාම පීඩාව දෙගුණ තෙගුණ වෙනවා.
එහෙම රත් වෙනකම් ඇතිල්ලුවාම තෙල් උරා ගන්නෙ නැහැ. අතුල්ලන කෙනාගෙ අතට වේළිලා යනවා මිසක්. තෙල් ගාන්න කලින් හොදට තවන්න ඕනෙ. ඉන් පස්සේ රෝම කූප හොදින් විවර වෙනවා. ඊළඟට හෙමිහිට තෙල් ගාලා තමයි මැල්ලුමක් හරි පත්තුවක් බඳින්නෙ. ඒ දෙක නැතත් තෙල් ගාන්න ඕනේ අර විදිහට තමයි.
Share This Article