එයාලා රම්පෙ බිලා සුදට ඉන්නවා.. මෝඩයෝ නොවී අපිත් මේ ගුණ කන්ද ලබාගමු..
Monday, 13 November 2023 - 10:19 | Views - 1,446
පිළිකා කාරක තිබෙන්නේ ...
අපිට..කැද බොන්න එපා...පිට් බොන්න කියලා
එයාලා රම්පෙ බිලා සුදට ඉන්නවා..

අනේ....අනේ....මේ රම්පෙනේ......අපි කියනව අපේ රටේ හොදට තුනපහ හා ස්වභාවික රස කාරක ආහාර වලට එකතු කරනවා කියලා.....අනිකුත් පෙරදිග රටවල් සමග බලන විට ඒ අතින් අපි කැලේ........පෙරදිග රටවල මිනිස්සු ආහාරයට ගන්න ඉගුරු , අමුකහ ප්‍රමාණය කොතරම් ද......?

රම්පේ පිළිබඳ අදහස්.....හා...එහි ඖෂධීය ගුණ.....

1...රුධිර පීඩනය සමනය කරයි.....
2.....රුධිර සීනි ප්රමානය සමනය කරයි....
3 ......වකුගඩු ගල් සැදීම වලක්වයි...
4.... උණ සුවපත් කරයි.....
5.... ආහාර රුචිය ඇතිකර කුසගිනි වඩවයි...
6....වේදනා නාශක ගුණ සහිතයි.....
7.....විදුරුමස් වල සෞඛය රකියි.....
8.....ශරීර සෞඛය රැකගනී.....
9.....ඉස්හොරි ඉවත් කරයි.....
10.....මානසික පීඩනය ඉවත් කරයි....
11...දරු උපතකට පසු සිරුරට සහන සලසයි.
12.....මදුරුවන් හා කැරපොත්තන් වැනි
කෘමීන් පලවා හරියි.......

ඉතින් දැන්වත් දැන ගත්තද අපි සත පහකට ගනන් නොගන්න රම්පේ වල මසුරන් වටිනා ගුණ.....

අනික පසුගිය කාලේ රම්පේ පිළිකාකාරක බවටත් අපේ රටේ කතාබහ කලානේ............

බලන කොට අපි දන්න දේකුත් නෑ.....නොදන්න දේකුත් නෑ........වගේ නේද....?

ඉතින් ඔය එකී මෙකී ගුණ ලබා ගන්නේ කොහොමද.....

හොද්දට රම්පෙ කොලයක් දාලා උයලද....නෑ......හොද්දට කොලයක් දාන්න නම් රටවල් වල සුපර් මාකට් වල කදු ගනන් විකුනන්න ඕනෙද.....

අපේ වගේ රම්පෙ කරපින්ච පොඩි මිටියක් වික්ක නම් ඇතිනේ.....

බලන්නකෝ රම්පෙ පාවිච්චි කරන හැටි......

රම්පෙ කොල හතර පහක් තම්බල තේ වගේ බොන්න පුළුවන්..

ඉස්ම මිරිකලා අරගෙන වැඩ කෝටියක් කරනවා......

කොලයේ ඔතලා කෑම හදනවා.....

බත් වලට ඉස්ම දාලා කොලපාට පැනි කිරිබතක් හදනවා......

අපේ කිරියා (කිරි අම්මලගේ දානෙට ගන්නේ )වගේ දේවලුත් වෙන රටවල අය රම්පේ වලින් හදනවා.......

කේක් හදනවා..... කුකීස් (බිස්කට් ) හදනවා.....ජෙලි හදනවා....

බේතට තම්බලා බොනවා....

ඒ කොල පොල්තෙල් සමග මුසුකොට හින්දලා අරගෙන ඖෂධීය තෙල් හදනවා... හන්දි වේදනාවට අලේප කරන්න.....

බලන්නකෝ, අපේ හරකෙක්වත් නොකන රම්පෙවලට රටවල් වල කරන දේවල් හා තියෙන වටිනා කම.........

ඉතින් ඔයාලම හිතලා බලන්නකෝ,, තවත් මෝඩයෝ වගේ ඉන්නවා ද? නැත්නම් අපේ රටේ තියෙන මේ වගේ ප්‍රයෝජවත්, ගුණවත් දේවල් වලින් හරියටම ගුණ ටික ශරීරයට ලබා ගන්නවාද ?

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top