ඔයාටත් කැස්ස ද ? එහෙනම් කියවන්න..
Thursday, 09 November 2023 - 15:07 | Views - 1,180

මේ දිනවල වැසිබර කාලගුණයත් එක්ක විවිධ වූ ලෙඩ රෝග හැමතැනම , හැම කෙනාටම වගේ තියෙනවා කියන එක රහසක් නෙමෙයි නේද ?
ඉතින් මේ කියන්න යන්නේ මේ දවස්වල හැමෝටම වගේ තියෙන කැස්සට ගෙරදීම කර ගන්න පුළුවන් අත් බෙහෙත් ටිකක්..
මේ අත් බෙහෙත් එකෙන් පෙනහළු තුළ ඇති සෙම ඉවත්කරලා , කැස්ස සුව කර ගන්න ඔයාලට පුළුවන්..
මේකට ඕන වෙන්නේ ,
කැරට් ග්‍රෑම් පන්සියයයි
පිරිසිදු මී පැණි මේස හැඳි හතරක්
ජලය
මුලින්ම කැරට් හොඳින් පිරිසිදු කරගෙන කුඩා කෑලි වලට කපා, කැරට් මෙලෙක් වෙන තරමට තම්බන්න. හැබැයි ඒ වතුර ටික විසි කරන්න එපා.
කැරට් තම්බන්න ගත්ත වතුර ටික කෝප්පයකට දාලා , ඒකටම මී පැණි එකතු කර ගන්න. තම්බගත්තු කැරට් කෑලි ටික බේලෙන්ඩර් එකට පොඩි කර ගන්න.
දැන් අපි හදා ගත්ත කැරට් තලපය ජුස් එකට එකතු කරගෙන හොඳට කලවම් කර බීමට ගන්න.
තව දෙයක්, මේ පානය ශීතකරණයක තියන්න අමතක කරන්න එපා. හැමදාම මේ පානයෙන් මේස හැඳි 3ක් හෝ 4ක් බොන්න.
දවස් දෙකක් ඇතුළත සහනයක් ලැබෙනවා.
කැස්ස තියෙනවා නම් , උත්සහ කරලා බලන්න...
හැබැයි ඉතින් ඔයාලා හැමෝටම කියන්න තව දෙයක් තියෙනවා. මේ අත් බෙහෙත් කොච්චර කළත් ගුණයක් නැත්නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නත් ඔයාලා මතක තියා ගන්න ඕනේ...
( උපුටා ගැනීමකි.. )
Share This Article