බඩ ඉරිඟු කන්න කැමති ද ? එහෙනම් ඔබට වාසි ගොඩායි..
Thursday, 09 November 2023 - 14:43 | Views - 965
බඩ ඉරිඟු කන්න කැමති නම් අනිවාර්යයෙන්ම කියවන්න. මෙච්චර කල් රස නිසා නේද මේවා කෑවේ...
ඒ වුණාට බලන්නකෝ , මේ ගුණ කන්ද ඇහුවොත් ඔබ පුදුම වෙනවා නියතයි..
ඔන්න එහෙනම් බඩ ඉරිඟු ආහාරයට ගැනීමෙන් ඔබට සිදුවෙන වාසි ..
ප්‍රෝටීන් ,
මෙය ප්‍රෝටීන් බහුල ආහාරයක් වන අතර , පොටෑසියම් ,මැග්නීසියම් , තඹ , කැල්සියම් සහ පොස්පරස් වැනි පෝෂ්‍ය ද්‍රව්‍ය රාශියක් බඩ ඉරිඟු තුළ අඩංගු වෙනවා.
ප්රතිඔක්සයිඩ් ,
දියවැඩියාව , පිළිකා සහ ස්නායු රෝගවලට ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියාකර හැකි ප්රතිඔක්සයිඩ් බහුලව බඩ ඉරිඟු මඟින් සිරුරට සපයා දෙනවා.
ආහාර ජීර්ණය ,
කෙදි සහිත ෆයිබර් අඩංගු ආහාරයක් වන බඩ ඉරිඟු ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරනවා.
පිළිකා ප්‍රතිරෝධකයක් ,
බඩ ඉරිඟු බහුලව ආහාරයට ගැනීම පිළිකා අවදානම අඩුකරන බව වෛද්‍ය ගවේශකයින් තහවුරු කර තිබෙනවා.
ශක්ති වර්ධනය ,
විටමින් බී 6 , බහුලව අඩංගු වීම හේතුවෙන් බඩ ඉරිඟු ශක්තිවර්ධක ආහාරයක් ලෙස ද භාවිතා කරනු ඇති.
Share This Article