ඔබේ හදවත අවදානම් ද කියා කලින්ම දැනගන්න..
Thursday, 09 November 2023 - 7:58 | Views - 1,537
හෘදයාබාධ ඇතිවීමේ හේතුවෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි වෙනවා...

සමහර වෙලාවට අපි තුළම ඇති අයහපත් පුරුදු මෙන්න මේ වගේ බෝ නොවන රෝගවලට ගොදුරු වෙන්න ප්‍රධානම හේතුවක්...

ඉතින් මේ හෘද රෝග සඳහා ඉතා සාර්ථක වූ විසඳුම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ පවතිනවා.. මේවගේ රෝගයක් ඇතිවෙන්න තියන ඉඩකඩ ගැන ඔබත් හරි හැටි දැනුවත්ද..? හෘදයාබාධයක් සෑදීමට පෙර දැනගත හැකි ක්‍රම ලෙස,

1. පපුවේ වේදනාව - හෘද පේශීන් නිසියාකාරව ක්‍රියාත්මක නොවීමෙන් රුධිර සැපයුම අඩාල වී පපුවේ වේදනාව ඇතිවේ.
2. ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ අපහසුව - රුධිරය පෙනහලු තුළ රොක් වේ.
3. Palpitation හෙවත් අභිස්පන්දනය - හදවත නිසි ලෙස ස්පන්දනය නොවන බව ඇඟට දැනේ.
4. ඉදිමීම - මෙය රුධිරය ශරීරයේ පහළ කොටසට එකතු වීම නිසා ඇතිවේ. බොහෝවිට හෘදයාබාධ රෝගීන්ගේ පාද ඉදිමීම බහුලව දැකගත හැකිවේ.
5. සිරුරේ සම නිල් පැහැයට ගැනීම - රුධිරයට නිසියාකාරව ඔක්සිජන් සැපයීම සිදුනොවීමෙන් මේ තත්ත්වය ඇතිවේ.

මෙවැනි රෝග ලක්ෂණයක් ඇත්නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත යොමුවීම ඉතා වැදගත්... ආයුර්වේද අත්බෙහෙත්වලින් හෘදයාබාධ සුවකර ගත හැකි වන්නේ රෝගය මූලිකම අවස්ථාවක ඇත්නම් පමණි.. රෝගය කල්ගතව ඇත්නම් අත්බෙහෙත්වලින්ම සහනයක් නොපතා ඉතා ඉක්මනින් වෛද්‍යවරයකු හමුවන්න.. හෘද රෝගීන් ආහාරපාන පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා..

විශේෂයෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් ඇතිවිට දී මේ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා.. දුම්පානය කරන රෝගීන්ට ඉතා ඉක්මනින් හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි... රුධිරයට එක්වන නිකොටින් නහර මත තැන්පත් වෙනවා.. . එයින් නහරවල අවහිරතාවයක් ද ඇතිවෙනවා..

හදවත් රෝගීන්ට ඔවුන් ලබාගන්නා ආහාරවලින්ද මේ රෝග මර්ධනය කරගැනීමට හැකියාව පවතිනවා..
කාර්යබහුල ජීවිතයකට නිසි ලෙස හැඩ ගැසීමට නොහැකි වීම නිසා මෙවැනි සෞඛ්‍ය ගැටලු ඇතිවෙනවා... එලෙස සෞඛ්‍යමත් ජීවන රටාවකට අනුගත වීමට නොහැකි වන මිනිසුන් නොදැනුවත්වම ක්‍රමවත් ආහාරරටාවන්ට මෙන් ම පුරුදුවලට යොමු නොවීමෙන් අකාලේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වෙනවා... බටහිර වෛද්‍යවරුන් තම පර්යේෂණ මඟින් සනාථ කළ හෘද රෝගීන් සඳහා සුදුසු ආහාර වර්ග කිහිපයක් පහත දැක් වෙනවා..

ඕට්ස්
ඔමේගා 3,‍‍ෆෝලේට්,පොටෑසියම් යනාදී පෝෂණ සංඝටක ඕට්ස්වල අන්තර්ගත වී ඇති නිසා හෘදයාබාධ රෝගීන් සඳහා වඩාත් ගුණදායක ධාන්‍යක් වේ.එමෙන් ම මෙහි අන්තර්ගත තන්තුමය ස්වභාවය හේතුවෙන් මිනිස් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම මනාව පාලනය කරනු ලබයි. විදෙස් ව්‍යෛද්‍යවරුන් හෘද රෝගීන්ට ඕට්ස් උදෑසන ආහාරයක් සඳහා වඩාත් සුදුසු වන බව පෙන්වා දී තිබේ.

සැමන්
ඹ්මේගා 3 පෝෂණ සංඝටකය අන්තර්ගත වීම හේතුවෙන් මිනිසාගේ අධික රුධිර පීඩනය මනාව පවත්වා ගැනීමට පුළුවන.අනෙකුත් මත්ස්‍ය වර්ගවලට සාපේක්ෂව සැමන් හෘදරෝගීන් සඳහා ගුණායක වන්නේ එනිසා ය.the author of Lower Your Blood Pressure In Eight Weeks නමැති කෘතියේ කතුවර,හෘද රෝග විගේශඥ ස්ටෙෆාන් පෙන්වා දී ඇත්තේ සැමන්වල අන්තර්ගත ඇන්ටිඔක්සයිඩ් මඟින් හෘඳ රෝග හට ගැනීමේ අවධානම අඩු වන බව ය.

නිවිති
පළා වර්ග අතරින් නිවිති හෘද රෝගීන් සඳහා වඩාත් ගුණදායක වේ.මෙහි අඩංගු වී තිබෙන ෆෝලේට්,පොටෑසියම්,ෆයිබර් පෝෂණ සංඝටක හේතුවෙන් හෘද රෝග වැළදී‍මේ අවධානම අඩු කර ගත හැකි ය.නිවිති ප්‍රධාන ආහාර වේල් සඳහා භාවිතා කළ පුද්ගලයින් 15,000 කට පසුගිය වසර 12 ඇතුළත දී හෘද රෝග අවධානම අඩු වී ඇති බව බටහිර වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කළ පරීක්ෂණයකින් හෙළි වී තිබේ.

ඔලිව් තෙල්
ඔලිව් තෙල් මඟින් LDL කොළෙස්ටරෝල් මට්ටම පාලනය වේ. විදෙස් රටවල් හතකදී සිදු කළ පරීක්ෂණ මඟින් හෘදයාබාධ හට ගන්නා රෝගීන් සඳහා තෙල් වර්ගයක් ලෙස ඔලිව් තෙල් නම් කර ඇත.හෘද රෝග ඇති වීමේ අවධානමෙන් මිදීම සඳහා අනෙකුත් තෙල්වර්ගවලට වෙනුවට ඔලිව් තෙල් භාවිතයට ගැනීම වඩාත් සුදුසු වේ.

සෝයා
සෝයා බීජවල අන්තර්ගත ප්‍රෝටීන සහ සෝඩියම් හේතුවෙන් හෘදයාබාධ වැළදීමේ අවධානම අඩු කර ගත හැක. සෝයාවලින් සකස් කරන ලද ආහාර වර්ගයන් ද හෘද රෝගීන්ට තම ප්‍රධාන ආහාර වේල් සඳහා භාවිතයට ගැනීමට පුළුවන. විශේෂයෙන් ටෝෆු, සහ සෝයා කිරිවලින් හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානමෙන් මිඳිමට හැකි බව බටහිර වෛද්‍යවරුන් තම පර්යේෂණ මඟින් අනාවරණය කර ඇත.

මීට අමතරව,රුධිර කොලෙස්ටරෝල් සහ මේදය අඩුකර ගැනීමට උළුහාල් මේස හැන්දක් රැයක් එළිවන තුරු වතුර වීදුරුවක පොඟවා පසු දා උදෑසන හොඳින් අඹරා හිස්බඩට කෑමට ගන්න. රුධිර කොලෙස්ටරෝල් ඉතා ඉක්මනින් අඩු වේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top