පොල් සම්බෝල කන්න අකමැති නම් කියවලා බලන්න..
Friday, 03 November 2023 - 10:52 | Views - 1,749
පොල් සම්බෝලය කියන්නේ ඉතාමත් පෝෂ්‍යදායක ආහාරයක්.

ඉතිං හැමදාම කෑවම හුඟක් ගුණයි.

අමාරුවෙන් හරි හැමදාම කෑවත් කමක් නැහැ.

පොල් සහ පොල්කිරි සැම විටම ආහාර සඳහා යොදන නිසා පොල් සම්බෝලත් නිතර කෑ යුතුද ?

පොල් කියන්නෙ අපේ කප්රුක.

පොල් ආහාරමය වශයෙන් වගේම ඖෂධීය වශයෙනුත් ඉතා වැදගත්.

ඒ වගේම පොල්ගසේ සියලුම කොටස් අපිට ප්‍රයෝජනවත් වෙනවා.

පොල් අපේ රටේ ද වැඩිපුර හැදෙන්නෙ ?

පොල් අපනයනය කරන්නෙ ඉතා සීමිත ප්‍රමාණයක්. ඒකට හේතුව පොල් වතු ගොඩක් ගෙවල් හදන්න කැබලි කරල විකුණපු නිසා. පොල් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ විශේෂයෙන් මුහුදුබඩ ප්‍රදේශවල වැඩිපුර වැවෙනවා. ඒ වගේම උෂ්ණ ප්‍රදේශවල හොඳින් වැවෙනවා. ඒ වගේම ලුණු මිශ්‍ර වැලි සහිත පොළොවේ සරුවට වැවෙනවා.

ඒ වගේම මියැන්මාරය, නේපාලය ආදී රටවලත් ඉන්දියාවේ බෙංගාලය, මදුරාසිය, කේරළය ආදී ප්‍රදේශවලත් සාර්ථකව වැවෙනවා.

එසේම ශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණය වශයෙන් නම් කරපු ප්‍රදේශයේ ඉතා විශාල වශයෙන් පොල් වගාව පැතිර තිබෙනවා.

පොල් වලට නම් ගොඩක් තියෙනවා ?

පොල් වලට සංස්කෘත භාෂාවෙන් නාරිකේල, නාරිකේර කේර කේල, තෘණරාජ, රසඵල, ස්කන්ධ් ඵල, මංගල්‍ය, ශ්‍රී ඵල තාල වෘක්ෂ ආදී නම් යෙදෙනවා.

ඉන්දියාවේ කේරළය කියන නම හැදිල තියෙන්නෙ. ඔය කේර කියන නමෙන්. ඒ ප්‍රදේශයේ පොල් බහුල නිසා එතකොට හිංදි භාෂාවෙන් නාරියල, කියනවා. දෙමළ භාෂාවෙන් තෙන්නායි, සහ තෙන්නාමරම් කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Coconut palm කියනවා. උද්භීද විද්‍යාත්මක නාමය Cocos nucifere Linn වෙනවා.

කුලය. PALMACEAE හෙවත් නාරිකේල කුලයයි . පොල් වල ප්‍රභේද විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතුරින් පොල්. කුන්දිරා පොල්, නවසි, තැඹිලි, රන් තැඹිලි, සියම් පොල්, දීකිරි පොල් ආදිය ප්‍රධාන වෙනවා.

පොල් වල ආහාරමය ප්‍රයෝජන ගොඩක් තියෙනවා ?

කුරුම්බා වතුර තැඹිලි වතුර ඉතා ගුණදායක පාන. මේවාට විදේශීය රටවල හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම පොල්කිරි ආහාර සකස් කිරීමේදි අත්‍යවශ්‍යයි. ඒ වගේම පොල් සම්බල්, පොල් මැල්ලුම්, පොල්කිරි හොද ඉතාම පෝෂ්‍යදායී ආහාර, ඒ වගේම පොල්තෙල්, පොල්පැණි, පොල්හකුරු ආදිය පොල්වලින් ගනු ලබන අත්‍යාවශ්‍යම දේ. එසේම, පොල් විනාකිරි, පොල් රා, පොල් අරක්කු ආදියත් පොල්වල සංස්කරණයි. තව ලනු, පාපිසි ආදිය පොල්කොහු වලින් කරනු ලබනවා. ඒ වගේම පොල්ගසේ කඳ ලී, පරාල ආදිය සැකසීමට යොදා ගන්නවා. මේ විදියට පොල් කියන්නෙ කප් රුකක් ම තමයි.

ඒ වගේම රසකැවිලි දොදොල්, වටලප්පම්, ආදිය සකස් කිරීම සඳහාත් පොල් බෙහෙවින්ම අවශ්‍ය දෙයක්‍ . කොටින්ම කිව්වොත් පොල් නැතුව කිසිම දෙයක් කිරීම අපහසුයි.

එතකොට ඖෂධීය වශයෙනුත් පොල් අත්‍යවශ්‍ය දෙයක් .

ඖෂධීය වශයෙන් පොල් පොල්තෙල් හකුරු, පැණි, විනාකිරි ආදී කොට ඇති සියලුම පොල් වල සංස්කරණ විශිෂ්ඨ ගුණ ගෙන දෙනු ලබනවා.

මධුර රසයෙන් සහ ගුරු හා ස්නිග්ධ ගුණ යුතු පොල්, මධුර විපාක සහ ශීත වීර්‍යයි. ඒ නිසා.වාතය සහ පිත සමනය වෙන බැවින්. වාත පිත්තජ රෝග වලට පොල් ඉතා යෝග්‍යයි .

පොල් අඩංගු ඖෂධ යෝග , ඖෂධ යෝග නම් ගොඩක් තියෙනවා එයින් ටිකක්..

කාන්තා රෝග වලට දෙන කෂාය කීපයක් තියෙනවා.

1 මානෙල් අල, වැල්මී, කලාදුරු අල, ලාපොල් මල් කෂාය.

2 අලුකෙසෙල් අල, අත්තික්කා පොතු, මාදං පොතු, තැඹිලිපොල් මල් කෂාය ඒ අතරින් ප්‍රධානයි.

ඒ වගේම පොල් මුල, ඉඟුරු සහිඳ ලුනු කෂාය. උණ රෝග සඳහා ඉතා ගුණයි , කුරුම්බා වතුර ශීත කෂාය මුත්‍රා රෝගවලට ඉතා ගණ යි.

එසේම තැඹිලි මල් පුටපාකය රක්ත ප්‍රදර සඳහා ගුණදායකයි , පොල් මුල් කෂාය මුත්‍ර රෝග, ගර්භාෂ රෝග, සහ දන්ත රෝග සඳහා ද යොදා ගන්නවා.

එසේම නාරිකේල ලවණ අම්ල පිත්ත සඳහා සුදුසු , කොට්ට පොල් කල්කය ග්‍රහණි රෝග සඳහා යෝග්‍ය යි , අග්‍රරාජ කෂාය වාත රෝග, සන්නි, ගුල්ම, භගන්දරා, අර්ශස සඳහා ගුණ යි.

කැඩුම් බිදුම් වෙදකමේදිත් පොල් ගන්නවා,

කැඩුම් බිඳුම් වෙදකමේදි නැතිවම බැරි දෙයක් පොල් කියන්නෙ, කැඩීම්, බිදීම් සහ තැලීම් වලදි බඳීන මැල්ලුම්වලදි කොට්ට පොල් වේළුණුපොල්, හෝ පොල් යොදා ගන්නවා. උදාහරණයක් විදියට. බැල තණ. අමුකහ, ලුණ, කොට්ටපොල් සමව අරන් කොටල මලවලා බඳීනවා.

ඒ වගේම තැවිලි පොට්ටනි වලටත් කොට්ට පොල්, හෝ පොල් යොදාගන්නවා.

සමහර තැවිලි පොට්ටනි වලට පොල් ගන්නව වගේම පොල් විනාකිරිත් එකතු කරනවා.

ඒ වගේම ගාන පත්තු හෝ පැණි පත්තුවලට පොල් පැණි යොදා ගන්නවා. කැඩුම් බිදුම් වලදි වගේම අනෙකුත් බෙහෙත් තෙල්වලටත් පොල්තෙල් ගනු ලබනවා.

විශේෂයෙන් මහා නීල්‍යාදි තෙල සෑදීමේදි පොල් තෙල් යොදනවා. ඒ වගේම එම තෙලට පොල් එකතු කරනවා.

ඒ වගේම අමු පොල්කොළ දුම පලු දාපු වෙලාවට. කරප්පන් වලට අල්ලනු ලබනවා.ඒ වගේම පොල්කොල පුච්චල ගත් අලු පොල් තෙලින් අනල පලු වල සහ කරප්පන්වල ගානු ලබනවා.

මේ වගේ ගොඩක් ආබාධවලදි පොල් කියන්නෙ අගනා ඔසුවක්.

එතකොට පොල් කියන්නෙ නැතුවම බැරි අගනා ඖෂධාහාරයක් . පොල් කියන්නෙ හැම තැනදිම හැම දේකටම නැතුවම බැරි දෙයක් පොල්වල නොගන්න දෙයක් නැහැනේ. ඒ නිසානේ කප්‍ රුක කියල කියන්නෙ.


( උපුටා ගැනීමකි..)


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top