හදවතට පණ දෙන, විෂ නසන, කරපිංචා හෙවත් '' කළුනිඹ ''
Sunday, 29 October 2023 - 16:20 | Views - 1,597

මේ කියන්න යන්නේ.. කරපිංචා ශාකය ගැනයි. 

“කරපිංචා කියන්නෙ ඉතා වටිනා ශාකයක්. ඖෂධීය වශයෙන් වගේම ආහාරමය වශයෙනුත් ඉතාමත් ප්‍රයෝජනවත් ශාකයක් තමයි කරපිංචා කියන්නෙ” 

අපේ රටේ විතරක් නෙවෙයි තව රටවලත් හැදෙනවා. හිමාලය පර්වත පාද ප්‍රදේශ..බෙංගාලය..සීකිම්..පකිස්තාන්.මියැන්මාරය සහ දකුණු ඉන්දියාව වගේ රටවල කරපිංචා හොඳින් හැදෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවෙ විශේෂයෙන් පහත රට වියළි කලාපයේ හොදින් වැවෙන ශාකයක්.

ඒ වගේම මේකට සිංහලෙන් කරපිංචා කියනව වගේම දේශීය වට්ටෝරු පොත්වල කළුනිඹ කියල කියනවා.

එතකොට සංස්කෘත භාෂාවෙන් සුරභිනිම්බ.. කෘෂ්ණනිම්බ..කාලශාක..සුරභිච්ඡද. වගේ නම් ගොඩාක් තියෙනවා.

දෙමළ භාෂාවෙන් කරිවෙම්බු..කරුවෙල්ලායි..ආදී නම් යෙදෙනවා.

හිංදියෙන්.. කාඨනිම්බ ..කරිපට්ට වගේ නම් යෙදෙනවා.

ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන්..Curry Leaf Tree  කියනවා.

කරපිංචාවල උද්භීද විද්‍යාත්මක නාමය වන්නේ...Murraya koenigii Spreng...

කුලය වන්නේ. . RUTACEAE  හෙවත් ජම්බීර කුලයයි” 

 “කරපිංචා කියන්නෙ ඉතා සුවිශේෂ සුවඳකින් යුක්ත මුළුතැන්ගේ විශේෂ තැනක් ගන්න ශාකයක්. ඒ වගේම මේ ශාකය මීටර් 6 ක් පමණ උසට වැවෙනවා. සියුම් රෝම සහිත පත්‍ර තද කොළ පාටයි. මේ පත්‍ර තරමක් එක ගොඩේ පිහිටනවා. මෙහි හටගන්න මල් ක්‍රමවත් බවින් යුක්තයි. සුදු පාටයි. දෙසැම්බර් සහ අගෝස්තු මාසවල මල් හටගනු ලබනවා.ඒ වගේම ඒ මල් ඉතා සුවඳයි.”

“ කරපිංචා ආහාරමය වශයෙන් වැදගත් වන ආකාර කිහිපයක් තියෙනවා.” 

ප්‍රධාන වශයෙන් කැඳ සඳහා යොදා ගන්නා බවත් එසේම මෙම කැඳ පෝෂ්‍යදායී ආහාරයක් බවත්. විෂක් ශරීර ගතවූ විට එය සමනයට ඉතා යෝග්‍ය බවත්, ඒ වාගේම ආහාර රසවත් කිරීම සදහා කරපිංචා නැතිවම බැරි දෙයක්.

කරපිංචා කියන්නෙ හොඳ ඖෂධයක්. කරපිංචාවල කොළ..පොතු..මුල් සහ මල් වශයෙන් වන පංචාංගයම ඖෂධ සඳහා ගන්නවා. කරපිංචාවල ඖෂධීය ගුණාගුණ සැලකුවාම.. මේවා රසයෙන්..කටුක..තික්ත..කෂාය.රස යුක්තයි.ගුණයෙන්..ලඝු..ස්නිග්ධ.සහ ..තීක්ෂණයි.වීර්යයෙන් උෂ්ණයි.

විපාකයෙන්...කටුකයි...මේනිසා වාත සහ සෙම් දෝෂ නසනවා. ඉතින් වාත රෝග සහ සෙම් රෝග සදහා ඉතාමත් ගුණදායකයි” .

කොහොමද ඖෂධ සදහා යොදාගන්නෙ..,

අකලට හිසකෙස් පැසීම් වලදි...

1කරපිංචා කොළ වියළා කුඩුකර එළගිතෙල් වලින් අනා කෑම හොඳයි.

2පොල් තෙල් හෝ තැඹිලි තෙල්වලට කරපිංචා කොළ යුෂ දමා කකාරාගත් තෙල් හිස ගැල්වීම හොදයි

ඒ වගේම බිබිලි සහිත හමේ රෝගවලදි..

කරපිංචා කොළ එලකිරෙන් තම්බා අඹරා ගෑම හොඳයි.

සෙම් රෝගවලදි කරපිංචා කොළ තම්බා ගත් වතුරෙන් කට සහ උගුර සේදීම හොඳයි.

සර්පවිෂේදී

1කරපිංචා පංචාංගයම අමුකහ ලුණු සමග කොටා මලවා බැඳීම.

2කරපිංචා යුෂ මිරිකා කකාරා ගෑම.

3කරපිංචා කොළ කැඳ බීමට දීම.

4 විෂ විරේකයට... කරපිංචා කොළ සහ ඇට දෙහි ඇට එක සමව ගෙන අඹරා දෙහි ඇඹුලින් බීම හොදයි

ගැබිනි මව්වරුන්ගේ උදෑසන වමනයට

කරපිංචා කොළ යුෂ..දෙහි ඇඹුල්..සහ සීනි මිශ්‍ර කර වරින් වර දිවේ ගෑම සුදුසුයි.

මෙය තෙල් වැඩිපුර කෑමෙන් වන වමනයට සහ බඩ පුරවා දැමීමටද ගුණදායකයි.

පිත් වමනයට

කුඩුකර ගත් කරපිංචා ගසේ පොතු තේ හැන්දක් ඇල්වතුරින් බීම හොඳයි. බඩ බුරුල්ව යාමේදී.

කරපිංචා දලු මී පැණියෙන් අඹරා දීමන් ගුණ ලැබෙන අතර රක්ත අර්ශස් රෝගයටද මෙය ඉතා ගුණදායකයි. ඒවගේම දියවැඩියාවටත් කරපිංචා ඉතා ගුණයි.

හොදින් මෝරපු කරපිංචා කොළ 10 ක් අමුවෙන් දිනපතා උදෑසන ආහාරයට ගැනීමෙන් දියවැඩියාව වළක්වා ගන්න පුළුවන්

එසේම හෘද රෝගවලටත් විශේෂයෙන් අධිකව කොලෙස්ටරෝල් තත්ත්වයන් ඇති විටත් කරපිංචා අඩංගු යෝගයන් ඉතා ගුණයි.

1කරපිංචා කොළ මිටක් පමණ ගෙන සුදුළූනු බික් කිහිපයක්..ගම්මිරිස් ඇට කීපයක් සමඟ අඹරා දෙහි ඇඹුල් දමා දිනපතා ආහාර සමඟ ගැනීමෙන් කොලෙස්ටරෝල් පාලනය කරගන්න පුළුවන්.

2කරපිංචා කොළ සහ මුල වියළා කලං 48 ක් ද, සුදුළූනු කලං 12 ක් ද ගෙන වතුර බෝතල් 5 ක් දමා බෝතල් 1 ට සිඳ ඒ බෝතලය අව්වේ කකාරා 1/2 ට සඳ මී පැණි බෝතල් 1 ක් දමා සතියක් තබා දිනකට දෙවරක් මේස හැදි 2 බැගින් බීම ඉතා ගණදායකයි. මේ වගේ ඖෂධ යෝග රාශියකට කරපිංචා යෙදෙනවා“ 

“කරපිංචා අඩංගු වැදගත්ම දෙයක් තමයි කෂාය වර්ග. ඒවා අතරින්

1කරපිංචා නැටි..අරළු..ඉඟුරු..කෂාය. පිපාසා.. මලබද්ධය, ආම වේදනා, ආදියට හොඳයි.

2 අභයා කණා කාලශාක. දන්තී ... ආදී කෂාය අර්ශස් සඳහා අනුලෝමන කෂායක්

3 අරළු..කරපිංචා නැටි..පෙති පුවක් කෂාය..ශෝධනයට හොද කෂායක්

4 කරපිංචා කොළ, බෙලිමුල්, සාරණ මුල්, සුදුළූනු, කොල්ලු, දේවදාර, ඉඟුරු කෂාය හෘද රෝගවලට ගුණ කෂායක්

මේ කෂාය වර්ග කරපිංචාවලට ප්‍රධානයි. ඒ වගේම කරපිංචා අඩංගු සංස්කාරික ඖෂධත් කීපයක් තියෙනවා. ඒවා තමයි

සුරභිනිම්බ අර්කය...

කාලශාඛාදී ක්වාථය.

කෛණ්ඩර්යාදී චූර්ණය ආදි ඖෂධ.

ඔන්න ඔය විස්තර ටික තමයි කරපිංචා ගැන කියන්න තියෙන්නෙ “

එහෙම බැලුවාම ‘කරපිංචා කියන්නෙ අපිට ඉතාමත් අත්‍යවශ්‍ය ඉතා අගනා වටිනා ඖෂධාහාරයක්... 

( උපුටා ගැනීමකි.. )


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top