මලෙහි ගුණෙන් බිඳක්... අනිවාර්යයෙන් කියවලා බලන්න..
Friday, 27 October 2023 - 13:39 | Views - 926

මලෙහි ගුණෙන් බිඳක්... මල් නාස්ති කරන්න එපා... අනිවාර්යයෙන් කියවලා බලන්න..
ඔයාගේ දැනුමටත් වැදගත් වේවි...
නාමල් ,
සමෙහි පැහැපත් බවට, සුගන්ධවත් බවට, සිරුර සිසිල් කිරීමට නාමල් දායක වෙනවා.
නාමල් රේණු ගිතෙල්, බටර් හෝ කිරි සමඟ පානය කිරීමෙන් ආමාශ ගත තුවාල සුව වනවා. එසේම සෙම උෂ්ණාධිකභාවය අඩු කරන්න දායක වනවා.
තවද නාමල් රේණු කබලේ බැදලා කුඩු කරලා මී පැණියෙන් අනා ආහාරයට ගැනීමෙන් රක්ත වහන වලක්වනවා. ඒ වගේම යටිපතුල් දාහයට නාමල් රේණු එළඟි තෙලින් අඹරා ආලේප කරන්න පුළුවන්.
නෙළුම් මල් ,
නෙළුම් තෙල් හිසෙහි ආලේප කිරීමෙන් හිසේ ඇති උෂ්ණාධික ගතිය දුරස් වී කෙස් ගැලවී යාම, හිස්සොරි ආදිය ද සුව වී දිගු, නිරෝගී කෙස් කළඹක් ලබා ගන්න පුළුවන්.
තවද මෙයින් නෙළුම් තෙල් සාදා ගන්නත් ඔයාට පුළුවන්. සුපිරිසිදු පොල් තෙල් අවශ්‍ය ප්‍රමාණයක් අලුත් මැටි භාජනයකට දමා ළිප තබා අමු නෙළුම් පෙති සහ රේණු එයට දමා මද ගින්නේ සිඳගන්න.
ඒ වගේම මුහුණ පැහැපත් වීම සඳහා නෙළුම් මල් රේණු, කස්තුරි කහ, තෙත හාල් පිටි එකට කලවම් කර එයට උණු කරගත් එළකිරි ද දමා පේස්ට් එකක් වනතුරු මිශ්‍ර කරගන්න. මෙය සතියට තුන්වරක් ආලේප කර මුහුණෙහි ඇති වන වෙනස බලන්න.
සමන් පිච්ච මල් ,
උෂ්ණාධික කම නිසා ඇසෙන් කබ කදුළු ගැලීම වලක්වා ගැනීමට සමන්පිච්ච මල් භාවිතා කරන්න පුළුවන්.
පිච්ච මල් තැඹිලි වතුරේ රැයක් පෙගෙන්නට තබා එම වතුරෙන් ඇස් සේදීම ඇස් වලට වඩාත් ගුණදායකයි.
ඇසේ රත නැති වීමට, ඇස්වල ප්‍රබෝදමත් බවට සමන්පිච්ච වතුරෙන් සේදීම කරනවා. සමන්පිච්ච මල්වලින් ලබා ගන්නා තෙල් ද ඇරෝමා ප්‍රතිකාරවලදී , රුව වඩවන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරනවා.
බෙලි මල් ,
මතක ශක්තිය වඩවන්න බෙලි කියන්නෙ හොඳ ඖෂධයක්. ඒ වගේම තමයි ඇසේ පෙනුම වර්ධනය කර ඇස් දීප්තිමත් කරන්නත් බෙලි මල්වලට හැකියාවක් තියෙනවා.
තවද , ස්නායු රෝගවලට, අකලට හිස කෙස් වැටීම වළක්වා ගැනීමට බෙලි මල් උපකාරී වෙනවා.
ඒ වගේම තමයි.. සෞඛ්‍ය සම්පන්න සුන්දර රූ සපුවක් ලබාගන්න ඕනේ නම් බෙලි මල් කෝප්පයක් බීලම බලන්න. මල් විතරක් නෙමෙයි බෙලි ගහේ කොළ, පොතු, මුල් සියල්ලම ශරීරයේ විවිධාකාර අපහසුතා මැඩපවත්වා ගැනීම සඳහා භාවිතයට ගන්නවා.
රණවරා මල් ,
රණවරා කොළ මැල්ලුමක්, සලාදයක්, කැඳ විදිහට ආහාරයට ගැනීමෙන් හිතාගන්න බැරි තරමේ ගුණ කදක් අපේ ශරීරයට එකතු වෙනවා.
එසේම, කෙස් කළඹ හොඳින් වර්ධනය කරගන්න රණවරා කොළ මැල්ලුමෙන්, සලාදයෙන් පුළුවන්. ඒ වගේම රණවරා මල් විතරක් නෙමෙයි කොළත් තේ පානයක් ලෙස සකසා ගැනීමේ හැකියාවත් තියෙනවා. සම පැහැපත් කර කහ පැහැයකට හැරවීමේ හැකියාවක් ද රණවරා මල් සතුව ඇති බවටත් මතයක් තියෙනවා.
Share This Article