රුධිරයේ සීනි මට්ටම වැඩිද ? මෙන්න පුරාණ ඉන්දියානු කේරළ ප්‍රතිකාරයක්..
Thursday, 26 October 2023 - 14:42 | Views - 1,315
මුලින්ම ආමවාතික සන්ධි ශෝථය යනු කුමක්දැයි දැනගනිමු. නොදිරවූ ආහාර රසය ආමය නමින් හඳුන්වන අතර මෙම ආමය ඉතාම විස තත්ත්වයක් ලෙස ආයුර්වේදය තුළ හඳුන්වයි. මෙම ආමයෙන් දූෂිත වූ වාතය ආමවාතය නම් වන අතර නවීන මතය අනුව මෙම රෝගය රුමැටියාභ පර්වදාහය හෙවත් Rheumatoid Arthritis රෝගය හා සසඳනු ලබනවා.

සාමාන්‍යයෙන් මෙම රෝගීන්ට අත්, පා, වළලුකර, තුනටිය, දණහිස්, කළවා යන සන්ධි ස්ථානවල වේදනාව හා ඉදිමුම ඇති කරයි. ආමය හා වාතය ශරීරයේ යම් තැනක එකතු වූයේද එතැන ගෝනුස්සකු දෂ්ට කළාක් මෙන් වේදනාව ද ඇතිවෙනවා.

මෙම රෝගීන්ගේ බඩගින්න අඩුවී යයි. කෑම අරුචිය ඇතිවේ. ශරීරයේ බර බව ඇතිවේ. මුඛයේ නීරස ගතිය, ශරීරයේ දැවිල්ල ඇතිවේ. නිතර නිතර මුත්‍රා පිටවේ. දහවලට නිදිමත ඇතිවන අතර රාත්‍රියට නින්ද නොයයි. සැමවිටම උණ ගතියකින් රෝගියා පෙළේ. බඩපුරවා දැමීම හා මලබද්ධය ඇතිවේ.

මෙම රෝගීන්ගේ සන්ධි ස්ථානයෙහි ඇති සයිනෝවිල් පටකයේ (Synovial Membrane) ප්‍රදාහය (Inflammation) ඇතිවේ. එම නිසා සන්ධි ස්ථානවල තද ගතිය ඇති වීමෙන් ක්‍රියාකිරීම අපහසු වේ.

මෙහිදී සන්ධි ආශ්‍රිතව බොහෝ අපහසුතා ඇතිවන්නේ උදෑසන කාලයේදී හෝ බොහෝ වේලා විවේකීව සිට වැඩකිරීමට යෑමේදීය.

කුඩා සන්දිවලින් ආරම්භ වී විශාල සන්ධි ස්ථාන දක්වා රෝගය පැතිරී යන අතර බොහෝ විට සන්ධි ස්ථාන කිහිපයකම රෝගය දැකිය හැකි වේ.

රුමැටියාභ පර්වදාහයෙහි විශේෂ ලක්ෂණ නම්,

උදෑසනට සන්ධි ආශ්‍රිතව පවතින තද ස්වභාවය (Morning stiffness) – රුමැටියාභ ගැටිති හෙවත් Rheumatoid Nodules දැකිය හැකි වීම – රුධිරයේ Rheumatoid Factor අන්තර්ගත වීම මෙන්ම ESR අගය හා CRP අගය වැඩිවීම – ඇඟිලි ආශ්‍රිත සන්ධිවල හංස ගෙල විකලත්වය (Swan neck joints) දැකිය හැකි වීමයි.

ඔබට දියවැඩියාව වැලඳී ඇත්නම් නොයෙක් සන්ධි රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතින අතර ආමවාතික සන්ධි ශෝථය (Rheumatoid Arthritis) වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.

දියවැඩියාව ආකාර දෙකක් පවතින අතර ඉන් පළමුවන ප්‍රභේදය, එනම් Type I දියවැඩියාව යනු Autoimmune රෝග තත්වයක් වන අතර Rheumatoid Arthritis යනුද Autoimmune රෝග තත්ත්වයකි. එසේම මෙම රෝග දෙකෙන්ම ශරීරයේ Interleukin – 6 හා C-Reactive protein යන රසායනිකයන් වැඩි කරයි.

මෙහිදී ඔබ දැනගත යුතු වැදගත් කරුණක් නම්, සමහර ආමවාත ප්‍රතිකාර මඟින් රුධිරයේ සීනි මට්ටම යථා තත්ත්වයට පත්කළ හැකි බවය.

දියවැඩියාවට දීර්ඝ කාලීනව බටහිර ප්‍රතිකාර ලබාගත් රෝගීන්ට (විශේෂයෙන් පෙති වර්ග) ආහාර නිසි අයුරින් පාලනය නොකළහොත් – ව්‍යායාමවල නිරත නොවුණහොත්, යම්කිසි කාලයකදී එම ඔෟෂධවලට ශරීරය විසින් ප්‍රතිරෝධයක් ඇතිකර ඒවා ප්‍රතික්ෂේප කරයි. එවිට එම රෝගීන්ගේ දියවැඩියා තත්ත්වය පාලනයට ඉන්සියුලීන් හෝමෝනය පිටතින් ලබාදීමට වෛද්‍යවරු නියම කරයි.

දියවැඩියාව පාලන කර නොගතහොත් හා ඒ හා සාපේක්ෂව රුධිර පීඩනයද නියමිත අගයේ නොතිබුණහොත් වකුගඩුවල ක්‍රියටිනීන් අගය වැඩිවන අතර වකුගඩුවල eGFR අගය එනම් ක්‍රියාකාරීත්වය අඩුවී යයි.

එසේම රුධිර පීඩනය අධික වීමෙන් මුත්‍රා සමඟ අධික කැල්සියම් ප්‍රමාණයක් ශරීරයෙන් ඉවත් කර දමන නිසා අස්ථිවල ඝනත්වය අඩුවී යයි. එම නිසා ඒවා පහසුවෙන් කැඩීබිඳී යෑමේ හැකියාව පවතී.

දියවැඩියාව සහිත රෝගියෙක් එය පාලනය කරගැනීම සඳහා ආයුර්වේද ඔෟෂධ පිළිබඳ සලකා බැලීමේදී කහට රසයෙන් වැඩි ඔෟෂධ මඟින් පමණක් රුධිරගත සීනි මට්ටම පාලනය කළ හැකි බව පෙන්වා දිය හැකිය.

නමුත් මෙම කහට ගුණය ඇති ඔෟෂධ දීර්ඝකාලීනව වෛද්‍ය උපදෙස් නොතකා ලබාගැනීමෙන් දියවැඩියාව පාලනය වුවත් වකුගඩුවල අකර්මණ්‍යතාවට එය හේතුවිය හැකිය.

දියවැඩියාව සහිත වූ ආමවාතික සන්ධි රෝගයෙන් පෙළෙන රෝගියකුට රුධිරගත සීනි මට්ටම පාලනය වී හන්දිවල ක්‍රියාකාරීත්වයේ වැඩි වීමට සුදුසු කෂායක් පහතින් දක්වමි.

බෙලි – බැවිල – වියළි ඉඟුරු – සුදුලූනු – කොතලහිඹුටු – මාදං පොතු මේවා කළන් 02 බැගින් ගෙන වතුර පත 08ක් දමා පත 1ට සිඳ පත 1/2 බැගින් උදේ – හවස බොන්න.

මෙවැනි සකස්කළ ඔෟෂධ වට්ටෝරු රැසක් ඔබට ගම්පහ ස්වර්ණහංස ආයුර්වේදයෙන් ලබාගත හැකියි. ඒවා නිසි ප්‍රමිතියට වේළා පිරිසුදු කර සකස් කළා වූ ඔෟෂධ යෝගයන් වේ.

එසේම නිසි වෛද්‍ය උපදෙස්වලින් තොරව දියවැඩියාව පාලනයට ඔබ දීර්ඝ කාලීනව රණවරා – මාදං පොතු – කොතලහිඹුටු – වල් කොත්තමල්ලි වැනි කහට ගුණයෙන් වැඩි ඔෟෂධ තම්බා පානය කරන්නේ නම් දැන්ම එය නවත්වා නිසි ප්‍රතිකාරවලට යොමුවන්න.

එමඟින් ඔබට ඒ රෝගයෙන් මතුවන අතුරු ප්‍රතිඵල හා රෝගයන්වලටද ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ලබාගත හැකියි.

( උපුටා ගැනීමකි..) 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top