මේ ලක්ෂණ තියෙනවා ද ? අවුරුදු 25ට වැඩි ඔබටත් අවදානමක්..
Thursday, 26 October 2023 - 11:26 | Views - 5,055
වයස අවුරුැදු 25 ට වැඩි සෑම 04 දෙනකුගෙන් එක් අයකුම ආඝාත රෝගියකු වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර පවසනවා.
ආඝාත තත්ත්තවය එක් වරක් වැළඳුනහොත් ඉන් සියයට 25 කටම යළි වැළඳීමේ හැකියාව පවතින බව ද ඊයේ(25) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළා.
ලංකාවේ ආඝාත රෝගීන් ලක්ෂ දෙකක් පමණ සිටින බවත්, වයස අවුරුදු 35 ට වැඩි සියලු දෙනා සුවදිවි සායන වෙත ගොස් පරීක්ෂාවන් සිදුකර ගත යුතු බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.
රට පුරා ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතනවල මේ සායන ක්‍රියාත්මක වන බව ද මෙහිදී සඳහන් වුණා.
මෙහි රෝග ලක්ෂණ ලෙස, මුහුණේ එක් පසක ඇදවීම, වචන පැටලීම, අතක, පාදයක පණ නැති වන ආකාරයක් දැනීම පෙන්වාදිය හැකියි.
මෙවැනි රෝග ලක්ෂණ මතුවුවහොත් ගොඩ බෙහෙත් නොකොට රෝහල් සමග කටයුතු කිරීම සුදුසු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article