කුරුඳුවල ගුණ දැනගෙනම , කෑමවලට එකතු කරන්න..
Sunday, 22 October 2023 - 10:04 | Views - 824
අපි හදන කෑමවල රස සුවඳ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ....

ඉතින් එහෙම කෑම රස කරන කුළුබඩුවලින් සුවිශේෂී තැනක් කුරුඳුවලට හිමි වෙනවා...

ශ්‍රී ලාංකිකයින් අපි කුළුබඩු පාවිච්චිය සම්බන්ධයෙන් ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි. කුළුබඩුවලින් කෑමවල රස, සුවඳ, පෙනුම වගේම ගුණදායක බවත් දෙගුණ තෙගුණ කරනවනේ..

මේ අතරින් කුරුඳු කියන්නෙත් අපේ කෑමවල නොවරදින කුළුබඩු ජාතියක්. අපේ ගෙවල්වල කුස්සියේ කුරුඳු පොතු සුලබ නිසාම අපි කුරුඳුවල තියන විශේෂ ගුණ ගැන වැඩිය තකන්නේ නැද්ද කියල හිතෙනවා. ඕන දෙයක් දුර්ලභ වුණොත් නෙ අගය වැඩි වෙන්නේ..

ලෝකයේ අවුරුදු දෙදහකටත් එහා අතීතයේ පවා බෙහෙතක් විදිහට කුරුඳු පාවිච්චි කරලා තියනවා ලු... ඉතින් දන්න නොදන්න හැමෝටම දැනගන්න කුරුඳුවලින් සිරුරට ලැබෙන විශේෂ වාසි 6ක් ගැනයි මේ කියන්නේ...

දියවැඩියාව ,

කුරුඳුවල ප්‍රතිඔක්සිකාරක බහුලයි. ඒ නිසා අපේ ශරීරයේ සීනි මට්ටම අඩු කිරීමේ හැකියාව කුරුඳුවලට තියනවා. ටයිප් ටූ ඩයබිටීස් තියන අයට නම් දිනපතා කුරුඳු තේ හැන්දක ප්‍රමාණයක් ආහාරයට ගන්න කියල වෛද්‍යවරු නිර්දේශ කරන අවස්ථා පවා තියනවා.

හදවත් රෝග ,

හෘදයාබාධ වැළඳෙන්න තියන හැකියාව අඩු කරන්න කුරුඳුවලට පුළුවන් බව පර්යේෂණ මඟින් ඔප්පු වෙලා තියනවා. ඒකට හේතුව තමයි ශරීරයට අවශ්‍ය මේද කොටස් වැඩි කරලා, ශරීරයට අයහපත් කොලෙස්ටරෝල් අවම කරන්න කුරුඳුවලට හැකි වීම. හැබැයි මේ බව නිරීක්ෂණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ දිනපතා තමන්ගෙ ආහාරවේලට කුරුඳු එකතු කරගන්න අයගේ සෞඛ්‍ය වාර්තා ඔස්සේ. ඒ නිසා හදවත් රෝග තියන අය දෛනිකව කුරුඳු ආහාරයට ගන්න තරමට වඩා හොඳයි.

පිළිකා ,

ඇරිසෝනා විශ්වවිද්‍යාලය මඟින් කරපු පර්යේෂණයකින් හෙළි වෙන විදිහට කුරුඳුවලට සුවඳ ලබා දෙන Cinnamaldehyde කියන සංඝටකයට පිළිකා මර්දනය කිරීමේ හැකියාව තියනවා ලු. ඒ කියන්නෙ DNA ඩැමේජ් එක සහ සෛලවලට සිදු වන හානි වළක්වන්න කුරුඳුවලට පුළුවන්. මේ ගැන තවදුරටත් පර්යේෂණ පැවැත්වෙමින් තමයි තියෙන්නෙ.

බැක්ටීරියා සහ වෙනත් ආසාදන ,

අපේ ශ්වසන පද්ධතියේ ඇති විය හැකි ආබාධ මැඩලන්නත් කුරුඳු පාවිච්චියෙන් හැකි වෙනවා. කුරුඳුවල තියන ප්‍රතිඔක්සිකාරක, ආතරයිටිස් වැනි ඉදිමුම් සහ බැක්ටීරියා වැනි ආසාදන වළක්වන්නත් උපකාරී වෙනවා. දිලීර වැනි දෙයින් ඇති වෙන ආසාදනවලට බෙහෙතක් විදිහටත් කුරුඳු තෙල් භාවිත කරනව නේ.

මුඛ සෞඛ්‍යය ,

දත් දිරා යෑම, මුඛයේ දුගඳ වැනි ගැටලුවලටත් කුරුඳු උත්තරයක්. මේ තියෙන්නේ ඒ ගැන කරපු පර්යේෂණයක්. බොහොමයක් දන්තාලේපවලත් කුරුඳු අඩංගු වෙන්න හේතුව මේකයි.

මොළයේ ක්‍රියාකාරිත්වය , 

අපේ මොළයේ ක්‍රියාකාරිත්වයට බලපාන මතක ශක්තිය පවත්වාගන්න උදව් කරන්න කුරුඳුවලට පුළුවන්. කුරුඳුවල තියන මැන්ගනීස් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය තමයි මේකට සහය වෙන්නෙ. කුරුඳු තේ හැඳි හතරකින් දිනකට සිරුරට අවශ්‍ය මැන්ගනීස් ප්‍රමාණය ලබාගන්න පුළුවන්. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top