දුරියන් කන්න කලින් ඒ ගුණ ගැන දැනගන්න..
Saturday, 21 October 2023 - 15:15 | Views - 1,965

“දූරියන් ” කන්න ඔයත් ආසයිද ? දූරියන් කියන්නේ බොහෝ දෙනෙක් කෑමට කැමැති පළතුරක්.. ඒ වගේම තමයි දූරියන්වලටම ආවේණික සුගන්ධය නිසාම මෙම පළතුරු ආහාරයට ගැනීමට තවත් සමහරෙක් ඉතාමත් අකමැතියි.
පළතුරු අතරින් රසවත්ම පළතුරක් ලෙස ගැනෙන දූරියන් වැඩිපුර දැකිය හැකිවන්නේ අවුරුද්දේ ජුනි, අගෝස්තු යන මාසවලයි. ශක්තිය, ඛනිජ ලවණ හා විටමින් බහුල දූරියන්වල හිතකර ගුණ ගැනත් දැනගන්නම ඕනේ..
“Durio zidethinus” යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දූරියන් ඉතාමත් ගුණදායක පළතුරක්. ඉන්දුනීසියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල දූරියන් ශාකය හොඳින් වැඩෙනවා.
කොහොම වුණත්, දූරියන් කියන්නේ දිරවීමට ඉතාම පහසු ආහාරයක් වීමත් විශේෂත්වයක්.
ඒ වගේම තමයි .. බර අඩු කුඩා ළමයින්ට දූරියන් ආහාරයට දීමෙන් ඔවුන්ගේ බර වැඩි වෙනවා.
එසේම ඔබ මලබද්ධයෙන් පීඩා විඳින්නෙක් නම් ඔබට දූරියන් ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායකයි.
බඩවැල්වල සෑදෙන පිළිකා වැළැක්වීම දූරියන් ආහාරයට ගැනීමෙන් සිදුවෙන වැදගත් කාර්යයක් වගේම ශරීරයෙහි ලේවල රතු සෛල නිපදවීමට හා වර්ධනය කිරීමට ද දූරියන්වල ඇත්තේ අපූරු ගුණයක්.
හෘදයේ ස්පන්ධන වේගය මෙන්ම අධි රුධිර පීඩනය පාලනය කිරීම ද දූරියන් අපූරු ඖෂධයක් ලෙසත් අත්හදා බලන්න පුළුවන්.
සුන්දර කාන්තාවකට තමන් සතු ආභරණයක් තමයි නීරෝගි කෙස් කළඹ.. නීරෝගී වැඩුණු කෙස් කළඹක් සඳහා ද දූරියන් ආහාරයට ගැනීම වඩාත් ප්‍රථිපල දායකයි.
Share This Article