දුරියන් කන්න කලින් ඒ ගුණ ගැන දැනගන්න..
Saturday, 21 October 2023 - 15:15 | Views - 1,966
“දූරියන් ” කන්න ඔයත් ආසයිද ? දූරියන් කියන්නේ බොහෝ දෙනෙක් කෑමට කැමැති පළතුරක්.. ඒ වගේම තමයි දූරියන්වලටම ආවේණික සුගන්ධය නිසාම මෙම පළතුරු ආහාරයට ගැනීමට තවත් සමහරෙක් ඉතාමත් අකමැතියි.

පළතුරු අතරින් රසවත්ම පළතුරක් ලෙස ගැනෙන දූරියන් වැඩිපුර දැකිය හැකිවන්නේ අවුරුද්දේ ජුනි, අගෝස්තු යන මාසවලයි. ශක්තිය, ඛනිජ ලවණ හා විටමින් බහුල දූරියන්වල හිතකර ගුණ ගැනත් දැනගන්නම ඕනේ..

“Durio zidethinus” යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දූරියන් ඉතාමත් ගුණදායක පළතුරක්. ඉන්දුනීසියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල දූරියන් ශාකය හොඳින් වැඩෙනවා.

කොහොම වුණත්, දූරියන් කියන්නේ දිරවීමට ඉතාම පහසු ආහාරයක් වීමත් විශේෂත්වයක්.

ඒ වගේම තමයි .. බර අඩු කුඩා ළමයින්ට දූරියන් ආහාරයට දීමෙන් ඔවුන්ගේ බර වැඩි වෙනවා.

එසේම ඔබ මලබද්ධයෙන් පීඩා විඳින්නෙක් නම් ඔබට දූරියන් ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායකයි.

බඩවැල්වල සෑදෙන පිළිකා වැළැක්වීම දූරියන් ආහාරයට ගැනීමෙන් සිදුවෙන වැදගත් කාර්යයක් වගේම ශරීරයෙහි ලේවල රතු සෛල නිපදවීමට හා වර්ධනය කිරීමට ද දූරියන්වල ඇත්තේ අපූරු ගුණයක්.

හෘදයේ ස්පන්ධන වේගය මෙන්ම අධි රුධිර පීඩනය පාලනය කිරීම ද දූරියන් අපූරු ඖෂධයක් ලෙසත් අත්හදා බලන්න පුළුවන්.

සුන්දර කාන්තාවකට තමන් සතු ආභරණයක් තමයි නීරෝගි කෙස් කළඹ.. නීරෝගී වැඩුණු කෙස් කළඹක් සඳහා ද දූරියන් ආහාරයට ගැනීම වඩාත් ප්‍රථිපල දායකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top