අයිස්ක්‍රීම් උෂ්ණ ද? පුදුම හිතුණා නේද.. කියවලාම බලන්නකෝ..
Thursday, 19 October 2023 - 10:18 | Views - 1,856
අයිස් ක්‍රීම් කියන්නේ අපි හැමෝම කන්න ආස හොඳ අතුරුපසක්.. අයිස් ක්‍රීම් විවිධ රසවලින් විවිධ හැඩවලින් යුක්තයි.

අපි දැන් බලමුකෝ , අම්මාලා ඇයි පොඩි ළමයින්ට වැඩිපුර අයිස්ක්‍රීම් කන්න දෙන්නේ නැත්තේ ?

සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන නිසාද ? නැහැ..

අයිස් ක්‍රීම් කෑවා කියලා සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්නේ නැහැ. මොකද අයිස්ක්‍රීම් කියන්නේ, අධික සීනි සහ මේද ප්‍රමාණය ඉහල ආහාරයක්. ඒ වගේම නොගැලපෙන අමුද්‍රව්‍ය සංයෝජන නිසා තරමක් උණුසුම් වෙන ආහාරයක්.

හැබැයි එහෙමයි කියලා වැඩිපුර අයිස්ක්‍රීම් කන්න හොඳ නැහැ. මොකද අයිස්ක්‍රීම්වල මෙන්න මේ අගුණ දේවල් තියෙනවා.

රුධිරයේ සීනි මට්ටම වැඩි වීම , ‍

අයිස්ක්‍රීම්වල සීනි අධික නිසා වැඩිපුර ආහාරයේ දී ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්න පුළුවන්.. දියවැඩියාව , රුධිරයේ සීනි නියාමනය කෙරෙහි බලපාන වෙනත් රෝගී තත්ත්වයන් ඇති කාට වුණත්, අයිස් ක්‍රීම් ආහාරයට ගැනීම එච්චරම හිතකර නෑ.

මොළය කැටි කිරීම ,

ඒ වගේම තමයි. අයිස් ක්‍රීම් ඉක්මනින් ආහාරයට ගැනීම හෝ අධික ශීතල වූ විට එය පරිභෝජනය කිරීමෙන් "මොළයේ කැටි කිරීම" ලෙස හඳුන්වන තාවකාලික හිසරදයක් ඇති වෙන්න පුළුවන්.

බර වැඩිවීම ,

අයිස්ක්‍රීම් දිනපතා ආහාරයට ගත්තොත් නම් ඒක ඔබේ ශරීරයේ බර වැඩිවීමට හේතුවක් වෙන්නත් පුළුවන්. ‌මොකද අයිස්ක්‍රීම්වල කැලරි සහ සීනි අධික ලෙස තියෙන නිසා.

දත් දිරායාම ,

අපි අයිස්ක්‍රීම් කෑවට පස්සේ අනිවාර්යෙන්ම දත් මැදීම සිදුකළ යුතුයි. අයිස්ක්‍රීම්වල ඇති සීනි පරිභෝජනයෙන් පසු දත් මැදීම සිදු නොකිරීමෙන්, දත් දිරායාමට තියෙන ඉඩකඩ වැඩියි.


උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්.. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top