හාදකමට , වෙදකමට දෙකටම ගුණ උක් දණ්ඩ..
Thursday, 19 October 2023 - 9:53 | Views - 680

ආයුර්වේදයට අනුව තෘණ පංචමූල ගණයට අයත් උක්ගස් ඉක්ෂු, බහුරස, මධුතෘණ ආදී විවිධ නම්වලින් හඳුන්වනවා.. ඒ වගේම තමයි බාල මහළු මේ කොයි කවුරුත් වගේ “උක්” ආහාරයට ගැනීමට ගොඩක් කැමතියි.
පළතුරක් වගේම තමයි උක්වල තියෙන ගුණ ?
කොහොම වුණත් “උක්” හාදකමට වගේම වෙදකමටත් ප්‍රධාන තැනක් ගන්නවා. සිංහල බෙහෙතට නැතිවම බැරි උක් ගස නොයෙකුත් පුද පුජාවලට ද නැතිවම බැරි පළතුරක්.
කාම ශක්තිය වර්ධනය කිරීමේ මහඟු ගුණයක් උක් පැණිවලට තිබෙනවා. ඒ වගේම ශරීරයේ සෞඛ්‍ය ධාතු පෝෂණය කිරීමට මෙන්ම වර්ධනය කිරීමටත් “උක්” ඉවහල් වනවා. ශරීරයේ ශක්තිය නිපදවීමට මූලික වන “උක්” අපගේ පෝෂණ ක්‍රියාදාමයට දෛනිකවම එකතු කළ යුතු හොඳ ඖෂධයක්.
මානසික රෝග ඇතිවීම, කැස්ස, ඇදුම, පීනස ඇතිවීම සහ හෘද රෝගවලට ඉතාමත් ගුණදායක වන “උක්” මගින් ඇති ප්‍රයෝජනය බොහොමයක්..
ඔබ දිනපතාම උක් දණ්ඩක් හැපීමට පුරුදු වෙලා ඉන්නවා නම් එය ඔබේ කායික ශක්තිය පවත්වා ගැනීමට උපකාරී වනවා.
ඒ වගේම තමයි “උක්” ආහාර රුචිය වඩවනවා.
මුත්‍රා දැවිල්ලට සුදු “උක්” යුෂ පානය කිරීම ගොඩක් හොඳ දෙයක් විදිහට තමයි පැරැන්නෝ කියන්නේ.
“උක්” රට ඉඳි සහ මිදි යුෂ සමව ගෙන මිශ්‍රකර, සතියක් පමණ දිනපතා පානය කිරීමෙන් දත් රෝග වැළැක්වීමට වගේම මුඛ දුර්ගන්ධය නැතිවීමටත් උපකාර වනවා. වියළි කැස්සටත් දිනකට දෙකකට වරක් “උක්” දඬු සපමින් යුෂ උරාබීම වඩාත් සුදුසුයි කියලායි සිංහල ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙන්නේ.
තව දෙයක් තමයි රූපලාවන්‍ය කටයුතුවලටත් “උක්” කියන්නේ හොඳම හොඳ දෙයක්.. සම පිරිසිදු කරන්න, කුරුළෑවලට මෙන්ම පැහැපත්වීමට ද “උක්” ඉතා ප්‍රයෝජනවත් වනවා.
ලස්සන කෙස් කලඹකටත් “උක්” දඬු යුෂ අලේප කිරීම වගේම පානය කිරීම ත් ඉතාම ගුණයි.
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්..
Share This Article