පදමට දා ගත්තොත් හරියටම හරි... මෙච්චර වර්ග ගොඩක් තියෙද්දී මොකටද බය වෙන්නේ..
ඕනෑම ආහාරයක් රසවත් කරන්න අත්‍යවශ්‍ය වන අංගයක් තමයි ලුණු කියන්නේ...
කෑමක රස වැඩි කරන්න වගේම ඒ රසය නැති වෙන්නත් ඇතැම් වෙලාවකට ලුණු හේතුවක් වෙන්න පුළුවන්..
කොහොම වුණත් ලුණු ගැන කතා කරනකොට ඒ නිසා හටගන්නට වැඩි ප්‍රවණතාවයක් තියෙන ලෙඩ රෝග ගැනත් ඔබට මතක් වෙන්නම ඕන.. ඒත් මේ කියන්න යන්නේ වීඩියෝ ගැන කතාවක් කතාවක් නම් නෙමෙයි..
මේස ලුණු ගැන විතරක් අහල තියෙන ඔබ මේ තරම් ලුනු වර්ග තියෙනවා කියලා මීට පෙර දැනගෙන හිටියද? එහෙනම් මේ බලන්නකො මොනවද මේ ලුණු වර්ග කියලා..
1. කළු ලුණු ,
ස්වභාවික ලාවා මුහුදට ගලා ඒම නිසා මේ ලුණු නිපදවෙනවා.. අනිකුත් ලුණු වලට වඩා ගුණාත්මක භාවයෙන් ඉතා ඉහළ කළු ලුණු හිස කෙස් වර්ධනය සඳහාද ඉවහල් වෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ...
2. මධ්‍යධරණී ලුණු ,
ස්මෝකි ලුණු ලෙසත් හඳුන්වන මෙය සාමාන්‍යයෙන් අපි භාවිතා කරන කැට ලුණු වලට සමානයි... මේ ලුණු නිපදවීමට දුම් ගැසීම ගැසීමක් අවශ්‍ය වන අතර ඊට ඉක්මනින් ආහාර දිරවන නිසා ශරීරයේ දියවැඩියා මට්ටම මට්ටමද පාලනය කිරීමේ හැකියාවක් මෙම ලුණු සතුව පවතිනවා...
3.මේස ලුණු ,
ලංකාවේ බහුලව භාවිතා කරන අයඩීන් මිශ්‍ර ලුණු මේ නමින් හඳුන්වනවා...බොහෝ විට අප සෑම ආහාර වේලක් සදහාම මෙම ලුණු යොදා ගන්නා නිසා අපේ ශරීරයේ අයඩීන් අවශ්‍යතාවය ඉන් සම්පූර්ණ කරගත හැකියි..
4.රෝස ලුණු ,
මේ ලුණු ආහාරයට ගැනීමෙන් ඔබටත් සුවබර නින්දකට යාමට හැකියාව ලැබෙනවා..හිමාලය කඳු පන්තිය පතුලේ නිපදවන මෙම ලුණු බොහෝවිට විනිශ්ච නිරයේ නින්ද , කුසගින්න ඇතැම් දේ පාලනය කිරීමටත් සමත් වෙනවා...
5. හවායන් රතු ලුණු ,
අපගේ දත් සහ අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීමට මෙම ලුණු මගින් විශාල පෝෂක කොටසක් ලබා ගැනීමට හැකි වෙනවා..hawayein දූපත් ආශ්‍රිතව දැක ගන්නට පුළුවන් මෙම ලුණු වර්ගය යොදාගෙන සාදන ආහාර නිසා කිසිවෙකුට අජීර්ණ තත්ත්වයක් ඇති නොවන බවට ඒ පිළිබඳ පර්යේෂණ කරන ඇතැම් අය පවසනවා...
6. බ්රයින් ලුණු ,
අප සාදා ගන්නා ලුණු වලටම කුඩා ඖෂධීය පැල යොදා ගනිමින් මෙම වර්ගය නිපදවනු ලබනවා.. දුම්ගසවන ආහාර සඳහා බහුල වශයෙන් යොදා ගන්නා මෙම ලුණුවලින් එහි ඇති ජලය සියල්ල ඊට උරාගන්නවා...එමඟින් ආහාරයේ රස තව තවත් වැඩි කරගන්නට පුළුවන්...