හැමෝගේම අපේක්ෂාව දීර්ඝායුෂ... මේ කියන්න යන්න ඒ ගැන ..
Saturday, 14 October 2023 - 12:47 | Views - 542
අපට අපගේ ජීවිතය කෙතරම් වැදගත් ද? හැමෝගේම අපේක්ෂාව දීර්ඝායුෂ..

අපි ලෙඩ වුණාට පස්සේ, අනේ මට තව ජීවත් වෙන්න ඕනේ කියලා හිතලා වැඩක් තියෙනවාද?

ඉන්න කාලේ පුළුවන් තරම් නීරෝගීව ඉන්න, අපි ගන්නා ආහාර රටාව ඒකට ගොඩාක් වැදගත්.. මේ කියන්න යන්න ඒ ගැන ..

බෝංචි ,

ඔබේ දිර්ඝායුෂ වර්ධනය සඳහා ඉතාමත් වටිනා ආහාරයක් තමයි බෝංචි කියන්නේ. බෝංචි දිනපතා ආහාරයට එක් කර ගත්තොත් ගොඩක් ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා තමයි වාර්තාවන්නේ.. ඔස්ට්‍රේලියාව, ජපානය, ස්වීඩනය යන රටවල සිදු කරන ලද පර්යේෂණවලින් ඒ බව මනාව උප්පු වෙලා තියෙනවා.


කරපිංචා ,

කරපිංචා කියන්නේ, අපි දන්න බොහොමයක් බෝ නොවන රෝගවලින් ආරක්ෂා වෙන්න තියෙන රසකාරකයක්, ඖෂධයක් විදියට කරපිංචා හඳුන්වන්න පුළුවන්. ඕනෑම ගෙදරක ආහාර රසවත් කරන්න ගන්න කරපිංචා කියන්නේ දිව්‍යමය ඖෂධයක්. 

රතු ලූනූ ,

හෘද ප්‍රතිශක්තිකරණ පද්ධතියට විශාල බලපෑමක් ඇති කරන්න රතු ලූනුවලට පුළුවන්. එහි අඩංගු පෝෂණ ගුණයන් පිළිකා හා දියවැඩියා නාශකයක් විදිහට ක්‍රියා කරනවා. විශේෂයෙන් රතු ලූනුවල අන්තර්ගත QUERCETIN නිසා පිළිකා සෛල මර්දනය සිදු වෙනවා. එසේම ලූණු කියන්නේ අම්ලපිත්ත රෝගයට කදිම විසඳුමක්. අද ඉඳලාවත් ඉතින් ලුනු ආහාරයට ගන්න එක වැඩි කරන්න.

සුදු ලූනූ , 

සුදු ලූනූ කියන්නේ පිළිකා සෛල වර්ධනය පාලනය කරමින් ඔබව පිළිකා අවදානමෙන් ආරක්ෂා කරන ආහාරයක්. ඒ වගේම එයට පුළුවන්, කොලෙස්ටරෝල් වැනි භයානක බෝ නොවන රෝගවලින් ඔබව ආරක්ෂා කරමින් , ඔබ නිරෝගී පුද්ගලයෙක් කරන්න.


රටකජු සහ ආමන්ඩ් ,

රටකජු, ආමන්ඩ්, කඩල, මුං ඇට, කවුපි වැනි ධාන්‍යවල ඛනිජ ලවණ, ප්‍රෝටීන්, මේද, ඔක්සිකාරකයන්, ඔමේගා 3 හා පිළිකා නාශක කැල්සියම්, යකඩ, සින්ක්, විටමින් E වැනි පෝෂක කොටස් අන්තර්ගතයි. මේ ආහාර හදවත් රෝග, දියවැඩියාව, ඇගේ බර පාලනයට උදව් වෙනවා. 


ඔන්න එහෙනම් දීර්ඝායුෂ වෙනුවෙන් දැන් ඉඳලම මේ ගුණවත් ආහාර, ඔබගේ ආහාර වේලටත් එකතු කර ගන්න පුරුදු වෙන්න.  



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top