නිසි ක්‍රමවේදයන්ගෙන් බැහැරව වංචනික අයුරින් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැර තිබූ මානව ප්‍රතිදේහ රෝගීන්ට ලබා දීම හේතුවෙන් එච්.අයි.වී සහ හෙපටයිටිස්,-බී හා සී වැනි රෝග සමාජ ගත වීමේ අවදානමක් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.
හොර පාරෙන් ගෙනා ඇති බවට සැක කෙරෙන මෙම මානව ප්‍රතිදේහ කුප්පි අටදහසක් පමණ මේ වන විට රෝගීන්ට ලබා දී ඇති බවත් එය අවම වශයෙන් ප්‍රතිශක්තිය ඉතාමත් අඩු මරණ අවදානමේ සිටින රෝගීන් දවසකටත් ලබා දෙන්නට ඇතැයි සැක කරන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
එන්නත ලබා දුන් සියලු රෝගීන් පරික්ෂා කිරීම වහා ආරම්භ කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගත යුතු බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ.
සෞඛ්‍ය සම්පන්න පරිත්‍යාගශීලීන් 1000-10000ත් අතර පිරිසකගෙන් ලබාගන්නා රුධිර ප්ලාස්මා භාවිතයෙන් මෙම ඖෂධය නිපදවන බවත් එසේ ලබා ගන්නා ප්ලාස්මා භාවිතය හරහා සිදුවන නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි තත්ත්ව පාලනය යටතේ සිදු කරන්නේ එමඟින් එච්.අයි.වී සහ හෙපටයිටිස්,බී හා සී වැනි රෝග ඇති විය හැකි නිසා බවයි වාර්තා වෙන්නේ.
1990 ආසන්න කාලයේ මෙලෙස ප්‍රතිදේහමය ඖෂධ මඟින් යුරෝපයේ හෙපටයිටිස් සී රෝහය පැතිර යෑමේ අවදානමක් මතු වූ බවයි එම සංගමය වැඩි දුරටත් සඳහන් කොට සිටියේ.