වසංගත අවදානමක් !
Saturday, 14 October 2023 - 11:01 | Views - 520
නිසි ක්‍රමවේදයන්ගෙන් බැහැරව වංචනික අයුරින් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැර තිබූ මානව ප්‍රතිදේහ රෝගීන්ට ලබා දීම හේතුවෙන් එච්.අයි.වී සහ හෙපටයිටිස්,-බී හා සී වැනි රෝග සමාජ ගත වීමේ අවදානමක් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

හොර පාරෙන් ගෙනා ඇති බවට සැක කෙරෙන මෙම මානව ප්‍රතිදේහ කුප්පි අටදහසක් පමණ මේ වන විට රෝගීන්ට ලබා දී ඇති බවත් එය අවම වශයෙන් ප්‍රතිශක්තිය ඉතාමත් අඩු මරණ අවදානමේ සිටින රෝගීන් දවසකටත් ලබා දෙන්නට ඇතැයි සැක කරන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

එන්නත ලබා දුන් සියලු රෝගීන් පරික්ෂා කිරීම වහා ආරම්භ කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගත යුතු බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ.

සෞඛ්‍ය සම්පන්න පරිත්‍යාගශීලීන් 1000-10000ත් අතර පිරිසකගෙන් ලබාගන්නා රුධිර ප්ලාස්මා භාවිතයෙන් මෙම ඖෂධය නිපදවන බවත් එසේ ලබා ගන්නා ප්ලාස්මා භාවිතය හරහා සිදුවන නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි තත්ත්ව පාලනය යටතේ සිදු කරන්නේ එමඟින් එච්.අයි.වී සහ හෙපටයිටිස්,බී හා සී වැනි රෝග ඇති විය හැකි නිසා බවයි වාර්තා වෙන්නේ.

1990 ආසන්න කාලයේ මෙලෙස ප්‍රතිදේහමය ඖෂධ මඟින් යුරෝපයේ හෙපටයිටිස් සී රෝහය පැතිර යෑමේ අවදානමක් මතු වූ බවයි එම සංගමය වැඩි දුරටත් සඳහන් කොට සිටියේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top