දිවයිනේ ප්‍රදේශ රැසක මේ දිනවල ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු වුවත් රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ඔබ සතු බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසන්නේ.
අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වන මේ ඇස් රෝගය වෛරසයක් හේතුවෙන් පැතිර යන අතර ඇස්වල වේදනාව, කඳුළු ගැලීම, ඇස් මඳක් රතුවීම, ඇස් කෙවෙන ගතිය ආදීය එහි රෝග ලක්ෂණ වේ.
එක් අයෙකුගෙන් තවත් අයෙකුට මෙය ඉතා වේගයෙන් බෝවිය හැකි අතර එය සිදුවන්නේ රෝගී පුද්ගලයාගේ කදුළු මඟින් සහ ඒ ආශ්රිත ශ්‍රාවයන් ගෑවීමෙන් පමණක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් මේදිනවල පවතින කාලගුණික තත්ත්වයත් සමග මෙම වෛරස ඇස් රෝගය පැතිර යා හැකිය.
මෙම රෝගය වැළඳුනු පසු ගතයුතු ආරක්ෂක ක්‍රියාමාර්ග නිසිපරිදි අනුගමනය කිරීමෙන් ඔබට ඉන් ඇතිවන බලපෑම් අවම කරගත හැකිය.