වකුගඩු ලෙෆ්ට් වෙන්න කළින් මේ දේවල් දැනගන්න..
Saturday, 07 October 2023 - 10:56 | Views - 1,518

වකුගඩු ලෙෆ්ට් වෙන්න කළින් මේ දේවල් දැනගන්න...
වකුගඩු රෝග මේ දවස්වල නැගල යන මාතෘකාවක්, CKD එහෙම නැත්නම් නිධන්ගත වකුගඩු රෝග (Chronic kidney disease) සඳහා හේතු කීපයක් තියනව. නමුත් ලංකාවේ, විශේෂයෙන්ම රජරට මෑත කාළයේ සිට හමුවන CKD OF UNKNOWN ORIGIN වලට නම් තවමත් හරිහමන් හේතුවක් නැහැ . සමහරු කියනව රසායනික පොහොර වල තියන ආසනික් සහ අනිකුත් බැර ලෝහ නිසා කියල, ඒත් කෘෂි කර්මාන්තය පිළිබඳ විද්වතුන් කියන්නෙ ඒක එහෙම වෙන්න බැහැ, හේතුව ඒ ප්‍රදේශයේ තියන ජලයේ තියන ස්වභාවය නිසා කියල... කොහොම හරි පසුගිය වසර 30 ක කාලයක් තුල රජරට ප්‍රදේශයේ සෑම පවුලකින්ම අහිංසක ජීවිතයක් බිළිගන්නා මේ රෝගයට හේතුවක් තාම නැහැ.
දැන් අපි බලමු වකුගඩු රෝගයක් හැදෙන්න හේතු වෙන්නෙ මොනවද? මේ රෝගයේ තියන රෝග ලක්ෂණ මොනවද? ඔබට වකුගඩු රෝගයක් තියනවද නැද්ද කියල කොහොමද දැනගන්නෙ?
තියන ප්‍රතිකාර මොනවද? කියල...
ප්‍රධාන හේතු අනුපිළිවෙළින් මෙහෙමයි,
1. අධිරුධිර පීඩනය ( Hypertension )
2. දියවැඩියාව ( Diabetes melitus)
3. අධි රුධිර කොලෙස්ටරෝල්
( high blood cholesterol )
4. වකුගඩු අසාදන ( kidney Infection )
5. වකුගඩු ප්‍රදාහය ( Renal inflammation )
උදා. Gromurular Nephritis
6. ජානමය වකුගඩු රෝග
උදා. Polycystic kidney disease
7. මුත්‍රා ගල් ( Renal calculi)
8 . පුරස්ති ග්‍රන්ථිය ආශ්රිත රෝග
9. බෙහෙත් වර්ග
මේ හේතු සියල්ලෙහිම ප්‍රතිඵලයක් විදියට ඔබට වකුගඩු රෝග සෑදෙන්න පුලුවන්...
දැන් අපි බලමු වකුගඩු රෝගයක් තියන විට ඇතිවන රෝග ලක්ෂණ මොනවද කියල..
මෙහි තියන භයානක තත්ත්වය තමයි ඔබට මුලදී කිසිම රෝග ලක්ෂණයක් නොමැති වීමත්, නමුත් රෝගය භයානක තත්ත්වයක් දක්වා ඔබ නොදැනුත්වම වර්ධනය වීමය.
මීට හේතු වන්නේ මුලදී වකුගඩු විසින් කොහොමහරි මේ තත්ත්වය පාලනය කරගන්න සටන් කරන නිසායි.
නමුත් කාලයක් ගතවෙද්දි මේ තත්වයට වකුගඩුවලට තනියම මුහුණ දී නොහැකිවී වකුගඩු දුර්වල වෙන්න පටන්ගන්නව...
රෝග ලක්ෂණ ඇතිවීම පටන් ගන්නෙ එවිටයි...
1. කෑම අරුචිය, කෙට්ටු වීම
2. මහන්සි ගතිය
3. හුස්ම ගැනීමේ අපහසුතාවය
4. විලුඹ, අත්, ශරීරය ඉදිමීම
5. අධික ලෙස මුත්‍රා පිටවීම
6. අධික නිදිමත
7. මුත්‍රා සමග ලේ පිටවීම
8. සම වියළීම හා කැසීම
9. ලිංගික බෙලහීනතාවය
10.සම කළු පැහැ ගැන්වීම
මේ රෝග ලක්ෂණ කීපයක් හෝ එකක් දෙකක් හෝ ඇතිවෙන්න පුලුවන්...
හොදයි , ඔබ කොහොමද විද්‍යාගාර පරීක්ෂණ වලින් ඔබගේ වකුගඩු වල තත්ත්වය දැනගන්නේ?
ඔබ දැනටමත් දියවැඩියාව , අධිරුධිර පීඩනය හෝ රුධිර කොලෙස්ටරෝල් තියනව නම් අඩුම තරමෙ වසරකට සැරයක්වත් මේ පරීක්ෂණ කරගත යුතුයි .
1 Serum creatinine
2. Blood urea.
3. UFR
4. USS/KUB
මේ පරීක්ෂණවලින් ඔබට වකුගඩු වල තත්ත්වය ඉතා ඉක්මනින් බලාගන්න පුලුවන්...
මුලදිම රෝගය සොයා ගත්තොත්, සංකූලතා වලට ගිහින් අමාරුවෙ වැටෙන්න කලින් ප්‍රතිකාර මගින් රෝගය සුව කරගන්න පුලුවන්..
මේ කරුණු ඉතාමත් සරළව මා ඉදිරිපත් කළේ ඔබට තේරුම් ගැනීමට පහසු වීම සඳහා වුවත් වකුගඩු රෝග කියන මාතෘකාව ඉතාමත් සංකීර්ණ දෙයක්...
රෝගය අවසාන අදියර දක්වා ගමන් කිරීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්... ශරීරයේ රුධිරය මාරු කිරිම, වකුගඩු බද්ධ කිරීම වැනි සංකීර්ණ ප්‍රතිකාර කිරීම මේ අවසාන අදියරේදී කරන දේවල්...
ඉතින් මේ වගේ රෝගීන් විඳින දුක අත්දැකීමෙන් දන්නා නිසා මේ ගැන ඔබව දැනුවත් කිරීමට මා ගත් උත්සාහයයි මේ. එක් පුද්ගලයෙක් හෝ මෙයින් ගලවා ගැනීමට හැකිවුවහොත්...
( උපුටා ගැනීමකි..)
Share This Article