ආයුෂය වඩවන ලෙඩ වලින් මුදවන රසම රස රත්මල් මැල්ලුම...
Saturday, 07 October 2023 - 10:47 | Views - 1,004
ආයුෂය වඩවන ලෙඩ වලින් මුදවන රසම රස රත්මල් මැල්ලුම...
රත්මල් වලින් මැල්ලුම් හදන්න පුළුවන් ද?
කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. ඇත්තටම රත්මල් මැල්ලුම අපේ දේශීය ආහාර රටාව තුළ බොහෝ කාලයක් අපේ මිනිසුන් සුවපත් කර කාලයාගේ ඇවෑමෙන් ක්‍රමයෙන් සැඟව ගිය රසවත් ගුණවත් ආහාරයක්.
රත්මල් වල ඇති ගුණ අපරිමිතයි. ඒ නිසානේ දේශීය වෙදකම තුළ ආයුර්වේදය තුළ උපතේ සිට මරණය දක්වා රත්මල භාවිතයට ගැනෙන්නේ. බිළිඳු රෝග, අක්ෂි රෝග, චර්ම රෝග, කාන්තා රෝග වලට විතරක් නෙවෙයි, ග්‍රහ දෝෂ ශාන්තිකර්ම වලටත් රත්මල නැතුවම බෑ. ඉස්සර අපේ උදවිය බුලත්විට හපන කොට රත්මල් පොහොට්ටුවක් මැද්දට දාලා විට හපන්න පුරුදු වුන නිසා මුඛ පිළිකා කියන දේවල් ඒ කාලයේ අහන්නවත් ලැබුනේ නෑ.. මේ කිව්වේ රත්මලේ ගුණ ටිකයි.
ඉතින් මෙහෙම ගුණ තියෙන රත්මල් එහි ගුණ නොනැසෙන විදිහට හදලා කනවා නම් එයින් ලැබෙන ප්‍රතිලාභ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ නේද?
රත්මල් මැල්ලුම
================
Share This Article