භයානක ලෙස පැතිරෙන ඇස් රෝගය ගැන ඔබ දැනුවත්ද ? මෙන්න නවතම හෙළිදරව්ව
Friday, 06 October 2023 - 16:39 | Views - 1,152
මේ ගෙවෙන කාලගුණයත් එක්ක ලෙඩ රෝග ශීඝ්‍ර ලෙස පැතිර යන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ..

මේ කියන්න යන්නෙත් මේ දිනවල අපේ රටේ ප්‍රදේශ කීපයක පැතිර යන එවැනි රෝගයක් පිළිබඳ කතාවක්.. 

යාපනයේ ප්‍රදේශ කීපයක් පුරා මේ දිනවල ඇස් රෝගයක් පැතිර යමින් පවතින අතර එම රෝගයට වැඩි වශයෙන්ම ගොදුරු වී ඇත්තේ පාසල් සිසුන් බව වාර්තා වෙනවා.

යාපනයේ වලිකාමම්, වඩමරච්චි යන ප්‍රදේශවලින් මෙම ඇස් රෝගය වැළදුණු පාසල් සිසුන් 68 දෙනෙකු එම පළාත්වල ප්‍රාදේශීය රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබෙනවා.

ඇස්වලින් කදුළු ගැලීමත්, ඇස් රතු පැහැ ගැන්වීමත් මෙම ඇස් රෝගයේ මූලික රෝග ලක්ෂණ වන අතර රෝගය වැළදීමෙන් පසුව ඇස්වල දැඩි වේදනාවක් හට ගන්නා බවද සඳහන්.

යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කරන්නේ මේ දිනවල යාපනය පුරා පවතින අධික සුළං සහිත තත්ත්වය නිසා සුළග සමග පැමිණ ඇති විෂ බීජයකින් මෙම රෝගය පැතිර යන බවයි.

සෑම විටම පිරිසිදු ලේන්සුවක් භාවිත කරන ලෙස සෞඛ්‍ය නිලධාරීන් පාසල් සිසුන්ට හා ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top