කැකිරිවල ගුණ නොදත් ඔබට..
Tuesday, 03 October 2023 - 15:23 | Views - 3,986

එළවළුවක් පලතුරක් සේම, රෝග ඖෂධයක් සේ ද, වැංජන රස කරගැන්මට යොදන පොල් කිරට ආදේශකයක් සේ ද. බහුකාර්ය සේවාවක නියැළෙන කැකිරි සුවිශේෂ වැල් ශාක පලයක්. පලය මත කහ කොළ වර්ණ හෝ එම වර්ණ මුසු විවිධ රටා හෝ දැකිය හැකියි. ශාකය කුකර්බිටේසියේ කුලයට අයත් වන්නක්. හේන් කැකිරි (Cucumis melo), සීනි කැකිරි (Cucumis sativus) වශයෙන් ප්‍රධාන ප්‍ර භේද දෙකකින් යුක්තයි. කැකිරි වසර දහස් ගණනකට පෙරට පෙර ඉන්දියාවේ උපත ලබා පැතිරුණක් බව සඳහන් වන අතර එය මෙරට මෙන් ම, චීනය කොරියාව ජපානය ආදි රටවල් ගණනාවක දක්නට ලැබෙනවා.

පිට් කැකිරි ,පිට්ටු කැකිරි ලෙසද හැඳින්වෙන, සීනි කැකිරි දක්නට ඇත්තේ ශ්‍රී ලංකාවේයි. දෙවර්ගය ම, බොහෝ දුරට සමාන ගුණවලින් යුක්තයි. කැකිරි රෝගයට ඖෂධ වෙනුවට රෝගයට ආහාර යන තේමාවට වඩාත් ගැලපෙන්නක්.

කාබොහයිඩ්‍රේට්, මැග්නීසියම් පොටෑසියම්, කෙඳි සීනී ආදි පෝෂක අඩංගු, මේදය රහිත, ජලය සහිත පලයක්. පිළිකා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිතවන අතර බෝ නොවන රෝගවලින් ඈත්ව සිටීමට උපකාරී වන්නක්. හේන් කැකිරි වෑංජනයක් සේ ආහාරයට ගැනෙන අතර සීනි කැකිරි වෑංජනයට ගත හැකිවුවත් වඩාත් ප්‍රයෝජනයට ගැනෙන්නේ පලතුරක් ලෙසයි, එය සලාදයක් කිරමක් හෝ පානයක් ලෙසද ආහාරයට ගත හැකියි .

කැකිරි ග්‍රෑම් 2.5 ක් ගැනීමෙන් දිනකට සිරුරට අවශ්‍යවන යකඩ හා මැග්නීසියම් අවශ්‍යතා සපුරාගත හැකියි. එය මල බද්ධය වළකනවා. ආහාර රුචිය වඩනවා. දියවැඩියා ව අධිරුධිර පීඩනය හර්දයාබාධ මුත්‍රා ආබාධ, වකුගඩු රෝග, අම්ල පිත්ත පණු රෝග පුරස්ථි ග්‍රන්ථි රෝග පාලනය කිරීමේ හැකියාව ද සහිතයි.

වියලි කලාපයේ බහුලව වැවෙන කැකිරි, එහි පරිසර තත්ත්වයෙන් පීඩාවට පත්වන ජනතාව සුවපත් කිරීමට සොබා දහම ලබා දී ඇති වටිනා තෑග්ගක් සේ සැළකෙනවා. ලවණ අධික කිවුල් ජලය පානයෙන් ඇතිවන මුත්‍රා පෙරීමේ අපහසුතා ඒ හා බැඳුණු මුත්‍රා හා වකුගඩු ගල් සෑදීම ආදි උවදුරුවලින් බේරා ගැනීමේ ශක්තිය කැකිරි සතුයි. මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය ආදි මුත්‍රා රෝගවල දී කැකිරි සිරුරට සහන සලසනවා. එසේ ම, අධික පිපාසය ,හිසේ අමාරු, නින්ද නොලැබීම ආදියට එරෙහිව ද ක්‍රියා කරනවා. දාහය නිවාගැනීමට බෙහෙවින් පලදායක වන සීනි කැකිරි, නමින් සීනි වුවත් දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකයි. එය වැලෙහිම ඉදෙන්නට හැර, ගෙඩිය පුපුරා ඇතුළත සුද දිස්වන කල ආහාරයට ගන්නවා. විජලනයට කදිම ඔසුවක්. විජලනය ඇතිවන අතීසාර අවස්ථාවේ පවා පරි භෝජනයට සුදුසුසේ සැලකෙනවා. උණ, හර්දයාබාධ, දියවැඩියාව. මුත්‍රා පද්ධතියේ ගැටළ මානසික ආතතීන් පාලනය කරන්නක් ලෙස ද, සැළකෙනවා. අම්ල පිත්ත රෝගය ට (ගැස්ට්‍ර යිටිස්) සීනි කැකිරි දිව ඔසුවක් සේ සැලකෙනවා, බඩ දැවිල්ල නැතිකර උදර ආම්ලිකතාව හා පිත් ස්වභාවය එමගින් අවම කර දෙනවා. කැකිරි පිත්තාශ ගල් සෑදීම වළකා ලනවා. සිරුරේ විෂ නැතිකර ලේ පිරිසිදු කර දෙනවා. ඉදිමුම් අඩු කරනවා. සෙංගමාලය ,ඔක්කාරය, මල බද්ධය, නින්ද නොයාම හා මුත්‍රාමාර්ග ආසාදනවලදීද ආයුර්වේද ඖෂධයක් ලෙස භාවිතා කෙරෙනවා.

පොල් නැතිවිට පොල්කිරි වෙනුවට ආදේශකයක් ලෙස ද කැකිරි යොදා ගත හැකියි. පිසින්නට ගන්නා කැකිරිවල ඇට දුමෙහි තබා තියා, අවශ්‍යවිට අහුරක් ගෙන ඇල්දියෙන් අඹරා දිය කොට වෑංජනය පිසීමට කිරි සේ යොදා ගැනෙනවා. මේ කිර සුවිශේෂ ඖෂධීය ගුණයෙන් යුතුයි. පෝෂ්‍ය පදාර්ථ ලැබීම, බෝ නොවන රෝගවලින් වැළකීම, මෙන් ම මුත්‍රාශයේ අශ්මරී ගල් දියවීම ද එමගින් සිදුවනවා. එසේම කැකිරි ඇට බැද අහුර බැගින් වරින්වර කෑමෙන් නිතර මුත්‍රා පහවීමේ රෝගය පාලනයකර ගත හැකි බව ද සඳහන් වෙනවා.

මුත්‍රා පිට කිරීමේ. අපහසුව හා වේදනාව සඳහා කැකිරි ඇට කරඳමුංගු සහිඳලුණු සමවගෙන කුඩුකර, ඉන් තේ හැඳි දෙකක් උදෑසන පැසුණු හාල් පානුවතුරෙන් පානය කිරීම සුදුසු බව වෛද්‍ය ලිපිවල දැක්වෙනවා. කැකිරි ඇට ආතරයිටිස් රෝගයට කෂාය සැකසීමේදී ප්‍රතිජීවක ඔසුවක් ලෙස ත් යොදාගන්නා බව සඳහන්. මුත්‍රා ගල් ඇති අයට සුවයට ත්, නැති අයට ඉන් වැළකීමටත්, කැකිරි පිසින විට ඇට එකතු කරගැන්ම හිතකරයි. ඇට, අඹරා හෝ බ්ලෙන්ඩරයෙන් කොටා,ගෙන වෑංජනයටම එක්කර ගත හැකියි. එසේ නැත්නම් කබලේ බැද කුඩුකර වෑංජනය බිමට බානවිට එක්කර ගත හැකියි.


(මූලාශ්‍ර හා සේයා රූ අන්තර්ජාලය හා වෛද්‍ය ලේඛන ඇසුරිනි.)

Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ කොයි කවුරුත් ආදරය දිනාගත්ත සොඳුරු...
Hiru Tv Blog
ප්‍රමුදි කරුණාරත්න කියන්නේ අපේ රටේ පුංචිතිරය හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top