මෙරට වියළි කලාපයේ ජන ජීවිතයට විශාල හානිකර බලපෑමක් එල්ල කරමින් පැතිර යන වැලිමැස්සා නැමති පරපෝෂිත කෘමියාගෙන් බෝවන මාරාන්තික චර්ම රෝගයක් පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
මේ දිනවල හසලක හා මහියංගනය යන ප්‍රදේශවල බහුලව දැකිය හැකි මෙම කෘමියා දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් ද හඳුනා ගැනීමට හැකියාව තිබෙන බවයි වාර්තා වෙන්නේ.රාත්‍රියේ දී හා සවස් කාලයේ දී ශරීරය නිරාවරණය වූ ස්ථානවලට දෂ්ට කරන මෙම කෘමියා ජලය රැඳෙන සිසිල් ස්ථානවල බිත්තර දැමීම සිදු කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කොට සිටින්නේ.නිවාස පරිශ්‍ර ,ආයතන පරිශ්‍ර හා ගෙවතු පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීම මගින් මෙම වැලි මැස්සා බෝවීම පාලනය කරගත හැකි බවයි වෛද්‍යවරුන් සඳහන් කොට සිටින්නේ.යම් වේදනාවක් තුවාලයක් හෝ ගැටිත්තක් වැනි දෙයක් වැලි මැස්සාට දෂ්ඨ කළ ස්ථානයක් ලෙස සැක කළ හැකි අතර මෙම රෝග ලක්ෂණ පවතී නම් නොපමාව රජයේ රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ගත යුතු බවත් මෙම රෝග සඳහා ප්‍රතිකාර කිහිපයක් පවතින බවයි වාර්තා වෙන්නේ.සෙල්සියස් අංශක 50 ඉක්මවා රත්කළ හැන්දකින් අදාළ ස්ථාන තැවීම, එන්නත් ලබාදීම හා ලික්විඩ් නයිට්රජන් ප්‍රතිකාර මේ සඳහා සිදුකරන බවයි වෛද්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ.
