මැස්සෙක්ගෙන් බෝවෙන මාරාන්තික රෝගය - මේ ලක්ෂණ තියෙනවා නම් භයානකයි !
Thursday, 28 September 2023 - 9:37 | Views - 1,408
මෙරට වියළි කලාපයේ ජන ජීවිතයට විශාල හානිකර බලපෑමක් එල්ල කරමින් පැතිර යන වැලිමැස්සා නැමති පරපෝෂිත කෘමියාගෙන් බෝවන මාරාන්තික චර්ම රෝගයක් පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ දිනවල හසලක හා මහියංගනය යන ප්‍රදේශවල බහුලව දැකිය හැකි මෙම කෘමියා දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් ද හඳුනා ගැනීමට හැකියාව තිබෙන බවයි වාර්තා වෙන්නේ.

රාත්‍රියේ දී හා සවස් කාලයේ දී ශරීරය නිරාවරණය වූ ස්ථානවලට දෂ්ට කරන මෙම කෘමියා ජලය රැඳෙන සිසිල් ස්ථානවල බිත්තර දැමීම සිදු කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කොට සිටින්නේ.

නිවාස පරිශ්‍ර ,ආයතන පරිශ්‍ර හා ගෙවතු පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීම මගින් මෙම වැලි මැස්සා බෝවීම පාලනය කරගත හැකි බවයි වෛද්‍යවරුන් සඳහන් කොට සිටින්නේ.

යම් වේදනාවක් තුවාලයක් හෝ ගැටිත්තක් වැනි දෙයක් වැලි මැස්සාට දෂ්ඨ කළ ස්ථානයක් ලෙස සැක කළ හැකි අතර මෙම රෝග ලක්ෂණ පවතී නම් නොපමාව රජයේ රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ගත යුතු බවත් මෙම රෝග සඳහා ප්‍රතිකාර කිහිපයක් පවතින බවයි වාර්තා වෙන්නේ.

සෙල්සියස් අංශක 50 ඉක්මවා රත්කළ හැන්දකින් අදාළ ස්ථාන තැවීම, එන්නත් ලබාදීම හා ලික්විඩ් නයිට්‍රජන් ප්‍රතිකාර මේ සඳහා සිදුකරන බවයි වෛද්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top