වෛරසයට බය වෙන්න එපා - මෙරට සෞඛ්‍ය අංශ කියයි
Friday, 22 September 2023 - 11:40 | Views - 868
නිපා වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව බිය වීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙම වෛරසය 1999 වසරේ මුල් වරට මලයාසියාවෙන් හඳුනා ගත් අතර පසුගියදා යළිත් මෙම වෛරසය සම්බන්ධයෙන් කථාබහට ලක්වූයේ ඉන්දියාව තුළ පැතිරයාමත් සමඟයි.

මෙම තත්වය හමුවේ පැතිර යන ඇතැම් වාර්තා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා.

කෙසේ වෙතත් ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇති අතර ඒවා දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බව සඳහන් වෙයි.

එමෙන්ම නිපා වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හෝ එන්නතක් මේ වන තෙක් ගෝලීයව නිෂ්පාදනය කර නොමැති බව ද සඳහන්.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති අද ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට සමගාමීව පෙරවරු 11.30 සිට පස්වරු එක දක්වා රජයේ රෝහල් 70ක් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය, සෞඛ්‍ය කාර්ය සහායකයින් ඊට එක්වන අතර සෞඛ්‍ය සේවයේ මානව සම්පත් හිඟය, ඖෂධ හිගය ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කර ගනිමින් එම විරෝධතා ක්‍රියාත්මකයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top