මොළය වයසට යාම , ඇස් ආබාධ පමාකරන රට කජු..
Thursday, 14 September 2023 - 9:20 | Views - 345

විටම්න් E,B ප්‍රෝටීන් යකඩ සින්ක් පොටෑසියම් මැග්නීසියම් ගුණාත්මක මේද, ෆැවනොයිඩ් ආදී පෝෂක ගණනා වකින් පිරි රට කජු වෙනත් බොහෝ ඇට වර්ගවලට වඩා පෝෂණ ගුණයෙන් උසස් ලෙස සැලකෙනවා.තන්තුමය ස්වභාවය නිසා ආහාර ජීර්ණ පද්ධතියටත් හිතකරයි. ඒසේම අධි සහ අව රුධිර පීඩනය ඇතුළු රෝගගණනාවක්මඩලීමේ ශක්තියෙන් ද යුක්තයි.
රට කජු දිනපතා ආහාරයට එක් කර ගැනීමෙන් හර්දයාබාධ වැනි රෝග 30% කින් අඩුකරගත හැකි බව අමෙරිකානු බොස්ටන් හාවඩ් විද්‍යායතනය හා චීනයේ හුවා සොන් විශ්ව විද්‍යාලය එක්ව කළ පර් යේෂණයකින් අනාවරණය වු ණා.හදවත් ආබාධවලින් සිදුවන මරණ 17% කින් ද පිළිකා, හා නොමේරූ ළදරු මරණ 11% කින්ද අඩුකර ගැනීමට ද රට කජුවලින් හැකි බව පර් යේෂකයන් පෙන්වා දෙනවා .
රටකජුවල හිතකර කොලෙස්ටරෝල් වැඩි බවත්, ඉන් සිරුරේ ප්‍රදාහයන් අඩුවන බවත් ඔවුන් පළ කරනවා. රටකජුවල අඩංගු ප්‍රෝටීන් විශේෂයකින් ඒවා හදවත් රෝගවලට හේතුවන රුධිර නාල ඝනවීම් දුරුකර ඒවා නම්‍යශීලි කරන බවත් ශක්තිමත් කරන බවත් එමගින් ලේ ගමනය ක්‍රමවත්වන බවත් ඔවුන් කියා සිටිනවා.
අමෙරිකානු බූස්ටන් පර්යේෂණායතය පළකරන්නේ ශක්තිජනක ආහාර හා විටමින් ගන්නා අයට වඩා රටකජූ වැනි ආහාර ගන්නවුන් දිගුකල් .නිරෝගී ජීවිත ගතකරන බවයි. එසේ පළ කර ඇත්තේ පුද්ගලයන් 119000 ක් යොදාගෙන වසර 20 ක් පුරා කළ හැදෑරීම්වලින් අනතුරුවයි.ලුණු තෙල් රහිත රට කජූ ග්‍රෑම් 30ක් දිනපතා ගැනීමෙන් හදවත් රෝග වළකා දීර්ඝායුෂ ලබාගත හැකි බව සඳහන්.
තවත් සමීක්ෂණයකින් කියවෙන්නේ ගැබිණි මවුවරුන්ට රටකජු ලබාදීමෙන් , උපදින දරුවාට ධාන්‍ය ආශ්‍රිත අසාත්මිකතා අවමවන බවයි.කළල් අවදියේ එවැනි ආහාර ලබා දීමෙන් ආහාර දරාගැන්මේ ශක්තිය වැඩිවන බව සමීක්ෂකයන් සඳහන් කරනවා.
රටකජු රතු මස් සමග ආහාරයට ගැන්මෙන් දියවැඩියාව 22% කින් වැළකෙන බව ද සඳහන්. රටකජු හරහා කාබොහයිඩ්‍රේට් උරාගැන්ම පමා කෙරෙන බැවින් ඉන් සීනි තත්ත්වය පාලනය වනවා .සතියට දෙවරක් වත් රටකජු ආහාරයට ගන්නේ නම් කාන්තාවන්ට බඩවැල් පිළිකා වැළඳීමේ අවදානම 57% කින් අඩුවන බව තවත් අධ්‍යයනයකි න් අනාවරණයවී තිබෙනවා . ඉන් පිරිමින්ට ලැබෙන්නේ 27% ක අඩුවීමක් .
නිකොට්නික් අම්ලය නිසා ඇතිවන ඇල්ෂයමර් වැළඳීම රටකජුවලින් 70%කින් පාලනය වන බව ද අධ්‍යයන වාර්තාවක සඳහන් වෙනවා. ඒ ඉතා ඉහල niacin අගයක් ඒවායේ පවතින බැවින්.රට කජු සිරුරේ මාංශ පේශි ශක්තිමත් කරනවා. අධික ආහාර රුචිය අඩුකර දෙනවා. ඒනිසා අධි ආහාර පරිභෝජනයෙන් වැළකී තරබාරුබවින් මිදීමටත් හැකියි.
එය බොහෝ බෝ නොවන රෝගවලින් වැළැකීමට ද උපකාරයක් වනවා.එහි ඇති විටමින් B 7 මගින් හිසකේ වර්ධනය කරනවා. විටමින් B 9 මගින් ශුක්‍රාණු නිරෝගිකර ශක්තිමත් කර දෙනවා.රටකජු මගින් මොළය වයසට යාම ත් පමාකර දෙනවා. එමගින් අමතකවීම්, ක්‍රියාකාරිත්වයේ අඩුවීම් වළකිනවා. ඇස් ආබාධ අවමවෙනවා.
දවසේ අතුරු ආහාර ලෙස යොදා ගන්නා සීනි පිටි තෙල් සහිත කෑම වෙනුවට රට කජු ස්වල්පයක් යොදාගන්නේ නම් එයින් ශක්තියත් නිරෝගී සුවයත් ලැබේවි . එහෙත් ලුනු සීනි හා තෙල් ඊට එක්කර ගත හොත් එහි ගුණාත්මක බව බොහෝ සෙයින් අඩුවී යනු ඇති.එසේ ම එය අසීමිතව ආහාරයට ගැනීමත් හිතකර නො වේවි.
Share This Article