ඔයාටත් දරුවෙක් හදන්න බැරි වුණොත්, දැන්මම දැන සිටීම තමයි වැදගත් ම..,
Tuesday, 12 September 2023 - 13:34 | Views - 485
පිරිමියකුගේ පෞරුෂයට වඩාත් වැදගත් සාධකයක්‌ වනුයේ ඔහුගේ ලිංගික සක්‍රීයතාවයයි. එය දුර්වල නම් ඔහුගේ පෞරුෂයට යම් බලපෑමක්‌ ඇතිවේ. බොහෝ පිරිමින් මානසික පීඩාවට පත් වන්නේ ද ඇතැම්විට පවුල් ජීවිත තුළ අර්බුද හට ගන්නේද මෙම ලිංගික සක්‍රීයතාව පිළිබඳ ගැටලු මතුවූ විටදීය.

පුරුෂ ශක්‌තිය සහිත පිරිමියා ,

ආයුර්වේදයේ ශුක්‍රාණු හඳුන්වනු ලබන්නේ පිරිමියකුගේ පෞරුෂය විදහා දක්‌වන එක්‌ ලක්‍ෂණයක්‌ ලෙසය. සක්‍රීය ශුක්‍රාණු සහිත පිරිමියකු තුළ ආකර්ෂණීය පෙනුමක්‌ ඇත. නිල්වන් දීප්තිමත් ඇස්‌වලින් යුක්‌තය. සම දීප්තිමත්ය. ශරීරයේ රෝම කූප බහුලය. කාන්තාවන් ආකර්ෂණය කරගත හැකි පෙනුමකින් යුක්‌තය.

පුරුෂ ශක්‌තිය දුර්වල පිරිමියා ,

සාරවත් ශුක්‍රාණු නිපදවීමේ හැකියාව නොමැති පිරිමින් නිතරම මලානික බවින් යුක්‌තය. ඔවුන්ගේ ඇස්‌ දුර්වර්ණය. අලසය. විවිධ රෝගාබාධවලින් පීඩාවිඳී.

පුරුෂ ශක්‌තිය දුර්වල වීමට බලපාන සාධක ,

වර්තමානයේ බොහෝ පිරිමින් අධික කාර්යබහුල ජීවිතයක්‌ ගත කරති. එනිසා ඔවුන්ගේ චර්යා රටාවේ මතුවන වෙනස්‌කම්, ආහාරපාන ගනු ලබන ආකාරය, රැකියාවේ ස්‌වභාවය අනුව පුරුෂ ශක්‌තිය දුර්වලවීමට අදාළ හේතු සාධක නිර්මාණය වේ. ඒ අනුව පිරිමි පුද්ගලයකුගේ පුරුෂ ශක්‌තිය දුර්වලවීමට බලපාන ප්‍රධාන කරුණු දෙකක්‌ නිර්මාණය වේ. එනම් කායික දුර්වලතාව නිසා මතුවන පුරුෂ ශක්‌තිය හීනවීම සහ ශුක්‍රාණුවල පවතින ඌණතාව.

කායික දුර්වලතා නිසා මතුවන පුරුෂ ශක්‌තිය හීනවීම ,

බොහෝවිට මෙම තත්ත්වය මතුවන්නේ දැඩි මානසික පීඩාවකින් සිටින විට කාලයක්‌ තිස්‌සේ පවතින අපස්‌මාරය, ක්‍ෂය රෝගය, අධික රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් අධික බව සඳහා සහ මානසික රෝග සඳහා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඖෂධ ගැනීම නිසා ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත්වීමේ ගැටලු මතුවේ. එය ද්වජබග්නය ලෙස හඳුන්වයි. මෙහිදී නිසි ලෙස ශුක්‍රාණු පිටවීමට බාධා මතුවීම නිසා පුරුෂ ශක්‌තිය දුර්වල වේ.

ශුක්‍රාණුවල පවතින ඌණතා ,

සෑම පිරිමියකුගේ සිරුරින් ශුක්‍රාණු නිෂ්පාදනය වේ. නමුත් ඇතැම් පුද්ගලයන්ගේ සිරුරින් නිපදවෙන ශුක්‍රාණුවල සක්‍රීය බව දුර්වලය. ඒ සඳහා බොහෝවිට බලපාන්නේ ඔවුන් නිරතවන වෘත්තීන්ය. විශේෂයෙන්ම බර ලෝහ ආශ්‍රිත රැකියාවල නිරතවීම, වෑද්දුම් ශිල්පයෙහි රැකියාවන්හි නිරතවීම, වෘෂණ කෝෂවලට අධික උෂ්ණත්වයක්‌ ඇති කරවන ආකාරයේ රැකියාවන්හි නිරතවීම නිසා නිසි පෝෂණයෙන් යුතු ශුක්‍රාණු නිපදවීමට බාධා ඇතිවේ. විශේෂයෙන්ම සූපවේදීන්, බේකරි ආශ්‍රිත රැකියාවල නිරතවන පුද්ගලයන්, එක්‌ස්‌ කිරණ ආශ්‍රිත රැකියාවල නිරතවන්නන් සහ පරිගණක ආශ්‍රිත රැකියාවල දීර්ඝ කාලයක්‌ නිරත වන විට ද සක්‍රීය ශුක්‍රාණු නිපදවීමට බාධා මතුවේ.

මෙම කරුණුවලට අමතරව නිතර නිතර සාන්ද්‍රණයෙන් අධික මත්පැන් පානය, තද යට ඇඳුම් ඇඳීම, නහර ගැට ගැසීමේ රෝගයට ලක්‌වීම, වෛරස්‌ රෝග සහ වෘෂණ කෝෂවලට ද ඉතා දැඩිව බලපාන පරිදි කම්මුල්ගාය රෝගය මතුවූ විට ද සක්‍රීය ශුක්‍රාණු නිපදවීමේ බාධා ඇතිවේ.

පුරුෂ ශක්‌තිය වර්ධනය කිරීම ,

පුරුෂ ශක්‌තිය වර්ධනය කිරීම හෙවත් ශුක්‍රාණු සක්‍රීය කිරීම සහ ඒවා නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අයුර්වේදයේ ඖෂධ සහ ප්‍රතිකාර පවතී. එය අදාළ රෝග තත්ත්වයට අනුව ප්‍රතිකාර කළ යුතුය.

සාමාන්‍යයෙන් පිරිමියකුගේ ශුක්‍රාණු ගුණාත්මක බවින් වැඩි වන්නේ වයස අවුරුදු 21 පමණ වූ විටදීය. එබැවින් වයස අනුව මතුව ඇති රෝග තත්ත්වයන් සලකා බලා ප්‍රතිකාර කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

ශුක්‍රාණු ශක්‌තිය දුර්වල පුද්ගලයන් නිතර සිය ආහාරවේල් සඳහා සව්, ගොටුකොළ, පලාවර්ග, වැල්පෙනෙල, රටඉදි, වියළි මිදි, කජු, උදු, මුංඇට, උළුදු ආශ්‍රිත ආහාර පාන ගැනීම, කුරුලු මස්‌වලින් සාදාගත් සුප් වර්ග පානය කළ යුතුය.

ශුක්‍රාණු ශක්‌තිය දුර්වල පුද්ගලයන් දරුඵල බලාපොරොත්තුවීමේදී නිසි ප්‍රතිකාර ලබාගන්නා අතර සිය බිරිඳ සමග දිනකට එක්‌වරක්‌ පමණක්‌ කායිකව එක්‌වීම, එයත් දින දෙකකට වරක්‌ පැවැත්වීම සහ උදෑසන කාලයේ එම සම්බන්ධතා පැවැත්වීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

විශේෂයෙන්ම මෙහිදී මානසික සතුට ඉතා උසස්‌ මට්‌ටමින් පවත්වා ගැනීමට උනන්දු විය යුතුය. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top