කොලෙස්ටරෝල් නැති කරවන සියඹලා පානය
Tuesday, 05 September 2023 - 9:38 | Views - 966
කොලෙස්ටරෝල් යනු ශරීරයට අත්‍යවශ්‍ය වූ මේද වර්ගයකි. අප ගන්නා ආහාර මගින් මෙන්ම අපගේ සිරර තුළද කොලෙස්ටරෝල් නිෂ්පාදනය වේ. එහෙත් කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට ඒවා රුධිර නාලවල තැන්පත් වේ. එවිට රුධිර නාල සිහින් වෙයි. එසේ සිහින් වූ රුධිර නාල මගින් ශරීරයේ අවයවවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. සිහින් වූ රුධිර නාලයක ලේ කැටියක් තැන්පත් වුවහොත් ඒ අවයවයට රුධිරය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටින්නට පුළුවන. හෘදයට රුධිරය සැපයෙන නාලයක ඒ ආකාරයෙන් සිදුවූ විට හෘදයාබාධයක් ඇති වේ. මෙසේ මොළයට රුධිරය සපයන නාලයක් තුළ රුධිර කැටියක් සිර වුවහොත් මොළයට රුධිර සැපයුම අඩාල වීමෙන් අංශභාගය හෙවත් ආඝාතය ඇතිවේ.

පාදයකට රුධිර සපයන නාලයක එවැනි අවහිර වීමක් සිදු වුවහොත් පාදයේ සුව නොවන තුවාල ඇති වී ඇතැම් විට කකුල කපා දැමීමට පවා සිදුවේ.එනම් එච්.ඩී.එල් (HDL), එල්.ඩී.එල් (LDL), වී.එල්.ඩී.එල්. (VLDL) සහ ට්‍රයිග්ලිසරොයිඩ වේ. මේ අතරින් එච්.ඩී.එල් යනු ශරීරයට හිතකර ලිපිඩ වර්ගයකි. එල්.ඩී.එල්, වී.එල්.ඩී.එල් සහ ට්‍රයිග්ලිසරොයිඩ වැනි ලිපිඩ වැඩි වී ඒවා රුධිර නාලවල තැන්පත් වීමෙන් රුධිර නාල සිහින් වී හදිසි හෘදයාබාධ, ආඝාත වැනි රෝග තත්ත්ව ඇති විය හැකිය.මෙතරම් භයානක තත්වයට පත් විය හැකි කොලොස්ටරෝල් රෝගය සියඹලා මගින් සුව කර ගත හැකි බව ආයුර්වේදයේ සදහන් වෙනවා. සියඹලා මදයේ උපරිම ප්‍රතිඵලය මෙය පලතුරක්‌ මෙන් කුළුබඩු ගණයටද ගන්න පුළුවන්.

කිරි හොද්දට – මිරිස්‌ හොද්දට – මස්‌ හොද්දට අනිවාර්යෙන්ම යෙදිය යුතු යොදනු ලබන ඖෂධීය වටිනාකමින් සහ මිහිරි ගුණයෙන් යුක්‌ත වූ දේශයට ආවේණික වූ රෝගී අය නිරෝගී කරන පලතුරක්‌ වශයෙන් සියඹලා හඳුන්වාලිය හැකියි. භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි එකතු කර මිරිකා පෙරා බිම ඉතා යහපත්. එහි ගුණාත්මක භාවයේ සංකේතය වන්නේ උදරයේ පිපුම – බඩේ වාතය හිරවී කපන්නාක්‌ මෙන් වේදනාව, මුත්‍රා දැවිල්ල වැනි රෝග සුවකරයි. මළ බුරුල් කර මළපහ කිරීමට අවස්‌ථාව සලසයි. බඩේ ඇති වන අජීර්ණය සුවපත් කර කෑම රුචිය ඇති කරයි.කෙලෙස්‌ටරෝල් ගැන බිය වී විශාල ලෙස මුදල් වැය කිරීම අනුවන ක්‍රියාවක්. වසවිසෙන් තොර ස්‌වාභාවික සියඹලා කරල්, සියඹලා මදවලින් වර්තමානයේ වෙළෙඳපොළේ සියඹලා බීමද නිෂ්පාදනය වී දකින්න ලැබෙනවා.සියඹලා ජූස්‌ බඳුනක්‌ පානය කිරීමෙන් මේදයෙන් පීඩනයට පත් වූ අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම, තෙල් ඉවත් කිරීමට මහගුණ ගුණ දෙන සාධකයක් ලෙස හදුන්වන්න පුළුවන්. ආමාශය සහ බඩවැල් පිරිසිදු කර (බඩට) උදරයට සැහැල්ලු බවක්‌ ලබා දෙන බවත් සදහන් කළ යුතුයි.


(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top