මේක හැදුනොත් විනාඩි ගණනක් ඇතුලත ජීවිතය නැතිවෙන බව ඔබ දන්නවා ද?
Tuesday, 29 August 2023 - 11:19 | Views - 1,075
Allergy කියන්නේ හැමෝටම ඇති වෙන දෙයක් නෙමෙයි.හැබැයි ගොඩක් අයට සමහර කෑම වර්ග කෑවහම ,එහෙම නැත්නම් සතුන් නිසා ,බෙහෙත් නිසා Allergy ඇති වෙන්න පුළුවන්.මේකට හේතුව තමයි ශරීරයට ඇතුළු වෙන වෛරස්, බැක්ටීරියා, දිලීර වගේ දේවල් එක්ක අපේ ප්‍රතිශක්තිකරණය පද්ධතියට සටන් කරන්න නොහැකි වීම.ඒ කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වඩා බැක්ටීරියා ,වෛරස් ශක්තිමත් කියන එක.

ආසාත්මිකතා ලක්ෂණ ,

දිව සහ තොල් ඉඳිමිම
හුස්ම ගැනීම අපහසුව
උගුරේ අපහසුතා,
ඔක්කාරය
තෙහෙට්ටුව
හිසරදය
කැසීම සහ පලු දැමීම
මේ සියල්ලන්ගේම අතුරු ප්‍රතිඵල විදිහට මරණය සිදු විය හැකියි

අසාත්මිකතා ඇති විය හැකි අවස්ථා ,

රූපලාවන්ය නිෂ්පාදන
සතුන් මඟින්
උෂ්ණාධික ආහාර මඟින්
Tattoo නිසා
විවිධ ඖෂධ වර්ග
ආභරණ

වැඩි අවදානම කාටද?

සුළු දේවල් වලටත් ආසාත්මිකතා ලක්ෂණ පෙන්වන පුද්ගලයින්
නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින්
හතිය, ඇදුම වැනි රෝග වලින් පෙළෙන පුද්ගලයින්
කුඩා දරුවන්
ගර්භනී අය

රෝගය වලක්වා ගැනීම සඳහා Antihistamine වර්ගයේ ඖෂධ තිබෙනවා.හැබැයි හිතුමනාපෙට මේවා ගන්න හොඳ ඖෂධ නෙමෙයි.අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශය අවශ්‍ය වෙනවා. ආසාත්මිකතාවට අනුව අවශ්‍ය ඖෂධ ගැනීමෙන් ආසාත්මිකතාව බරපතළ තත්ත්වයට පත්වීම වලක්වාගන්න පුළුවන්.

ආසාත්මිකතාව වැඩි මට්ටමක ඇති රෝගීන් සඳහා Steroids කාණ්ඩයේ ඖෂධ ලබාදෙනවා.ඒ වගේම දැඩි ආසාත්මිකතාව අවම කර ගැනීම සඳහා Adrenalin වර්ගයේ ඖෂධ ලබා දෙන්න පුළුවන්.කලින් කිවා වගේම වෛද්‍ය නිර්දේශය අත්‍යවශ්‍ය වෙනවා.

(උපුටා ගැනීමකි.. )   


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top