මෙන්න මේ වේලාවට වතුර බොන්න එපා - මෙන්න හේතුව..
Friday, 25 August 2023 - 8:35 | Views - 4,274
ජලය කියන්නේ ඔයාගේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. දිනකට වැඩිහිටියෙක් වතුර ලීටර 2ක් ද, අවුරුදු 5-8 දරුවන් ලීටර 1ක් ද, අවුරුදු 9-12 දරුවන් ලීටර 1.5ක් ද, අවුරුදු 13+ දරුවන් ලීටර 2ක් ද පානය කළ යුතුයි. නමුත් ඔබ දන්නවාද වතුර බොන්න හොඳ නැති අවස්ථාද තියෙනවා කියලා. අපි ඔයාට කියන්නේ වතුර පානය කරන විට සැලකිලිමත් වෙන්න ඕන අවස්ථාවන් ගැනයි. අධික ලෙස ජලය පානය කිරීමෙන් ඔයාගේ ශරීරයේ සෝඩියම් මට්ටම අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පමණට වඩා වතුර බීමත් අපේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා.

නිදා ගන්න කලින්,

ඔයා නිදා ගන්න කලින් හුඟාක් වතුර බොනවාද? එහෙනම් ඒ වෙලාවට බොන වතුර ප්‍රමාණය අඩු කරන්න. ඊට එක් හේතුවක් තමයි නිදා ගන්න කලින් හුඟාක් වතුර බිවුවොත් ඔයාට රාත්‍රී නින්දේදී සරින් සැරේ මුත්‍රා බර එන නිසා හරි නිදක් ලැබෙන්නේ නැති වීම. අනෙක රාත්‍රී නින්දේදී ඔයාගේ වකුගඩු හරියට ක්‍රියා කරන්නේ නැති නිසා සමහර දිනවලට උදේ නැට්ටම මුහුණ ඉදිමීම් ස්වරුපයක් දක්නට ලැබෙනවා. ඉතින් ඔයා රාත්‍රී නින්දට කලින් හුඟාක් වතුර බිවුවම මේ තත්වය වැඩි වෙන්න පුළුවන්.

ව්‍යායාම කිරීමේදී,

ව්‍යායාම කරන විටදී වතුර පානය කරොත් ඔයාට අතුරු ආබාධ රැසකට මුහුණ දෙන්න වෙයි. ව්‍යායාම වලදී ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙන නිසා ශරීරය සිසිල් කර ගැනීම ජලය කරොත් විද්‍යුත් විච්ජේදනයක් ඇති වෙන්න පුළුවන්. ඔළුව කැක්කුම, ඔක්කාරය, කැරකිල්ල ඇති වෙනවා. ව්‍යායාම කර සම්පුර්ණයෙන්ම අවසන් වී විනාඩි කිහිපයකින් පසුව ජලය පානය කරන්න.

මුත්‍රා වල වර්ණය අවර්ණ නම්,

මුත්‍රා වල වර්ණය අවර්ණ නම් ඔබ දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණයට වඩා දැනටමත් ජලය පානය කර තියෙනවා. ඉතින් ඔබ තවත් වතුර බිව්වොත් ඔබේ ශරීරයේ සෝඩියම් ප්‍රමාණය පහල බහිනවා. මෙය ඔබට හෘද්‍යාබාධ ඇතිවීම දක්වා දුර දිග යා හැකියි.

ආහාර ගැනීමට පෙර සහ අතර තුර,

ආහාර ගැනීමට පෙර සහ ආහාර ගන්නා අතර තුර වැඩිපුර ජලය පානය කිරීම කටට කෙල උනන එක අඩු කරනවා. මේ හේතුවෙන් කෙල වල ඇති ආහාර දිරවීමට අවශ්‍ය එනසයිම වල ක්‍රියාකාරීත්වය බාල කරනවා. මපණට වඩා වතුර බීම ආමාශගත යුශ වලින් සිදු කරන අහාර කුඩාකැබලි වලට දිරවීම සහ ඇතැම් ආහාර වල ඇති බැක්ටීරියා විනාශ කිරීම අඩපන කරනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top