විවාහක ඔබ ඒ අමුතුම හැඟීම අහිමි කරගත්තොත් වෙන්නේ මෙන්න මේකයි...
Tuesday, 22 August 2023 - 12:19 | Views - 1,118
මේ කථා කරන්න යන්නේ ලිංගික ක්‍රියාවලිය සහ ඒ ගැන වැඩිය ඇස නොගැටෙන පැත්තක් ගැන. රැකියාව, ගමන් බිමන් සහ මේ වගේ තවත් ගොඩක් හේතු නිසා ඔබගේ ලිංගික ක්‍රියාවලිය ඇනහිටීමට පුළුවන්. ඒ නිසාම මේ අඩු ක්‍රියාකාරීත්වය සෞඛ්‍යයට හොද විදියට වගේම නරක විදියටත් බලපානවා. අපි මේ ගැන වැඩිදුර විස්තර පහලින් බලමු.

මේ තියෙන්නේ ඔබේ ආදර හැගීම් ඔබට අහිමි වුනොත් බලපෑ හැකි දේවල් 7 ක්,

කාන්සාව – උනන්දු නැති මලානික බව,

ලිංගිකත්වය මිනිසුන්ට වර්ගයා බෝ කිරීමට වගේම තවත් ගොඩක් දේවල් වලට උදව් වෙනවා. තවදුරටත් කිව්වොත් හැගීම් වලට සහ ඒවායේ නැවුම් බව ඇති කිරීමටත් මේ දේ බලපානවා. ස්කොට්ලන්තයේ පර්යේෂකයින් පරිසක් කළ පරික්ෂණයකින් හෙලි වී තියෙන ආකාරයට, යම් කෙනෙක් ලිංගිකත්වයෙන් වැලකී සිටිනවා නම් ඔහු හෝ ඇය මිනිසුන් සමග කථා බහ කිරීමේ දී යම් යම් ගැටලු සහගත තත්වයන් ඇතිකර ගන්නවා. ඒ වගේම වැඩි කථා බහක් කිරීමට කැමැත්තක් දක්වන්නෙත් නැහැ. ඒ ව‍ගේම ඔවුන් ලිංගික ක්‍රියාවලියේ යෙදෙන්නේ සති දෙකෙන් දෙකට වගේ කාල පරාසයකින්. මේ මේ විදිහට ලිංගික ක්‍රියාවලිය අඩු මට්ටමකින් පවත්වාගෙන යාම අපි කලින් කියු ගැටලු වලට බලපාල තියෙන්නෙ. ලිංගික ක්‍රියාවලියේදී ගොඩක් දුරට මොළයෙන් හැගීම් නිදහස් වීමක් වෙනවා. එයට බලපාන්නේ මොළයේ තියෙන එන්ඩ්‍රොපින්ස්, ඔක්සිටොසීන් වගේ රසායනික ද්‍රව්‍ය. මේ රසායනන ද්‍රව්‍ය හැගීම් පාලනය කිරීම පහසු කරවනවා.

පුරස්ථ ග්‍රන්තයේ ඇතිවන පිලිකා,

මෙය පිරිමින්ට විශේෂයි. පිරිමින් ලිංගිකත්වයෙන් වැලකී සිටීම නිසා පුරස්ථි ග්‍රන්ථයේ පිළිකා අවධානමක් ඇතිවිය හැකියි. මේ ගැන වැඩිදුර අධ්‍යනය කළ ඇමරිකාවේ මෞත්‍ර ලිංගික සංවිධානයට අනූව, පිරිමින් ලිංගිකත්වය හරියාකාරව සිදුකරනවානම් ප්‍රරස්ථි ග්‍රන්ථියේ පිළිකා අවධානම 20% කින් පමණ අඩු වෙන බව පෙන්වල තියෙනවා.

ලෙඩ නැති ශරීරයක්,

ලිංගිකත්වය නිසා ලෙඩ රෝග අඩුවෙනවා කිව්වොත් ඔබ අසයි එහෙම වෙන්නේ කොහොමද කියලා. හොදයි එය වෙන්නේ මෙහෙමයි. ඔබගේ ප්‍රතිශක්තීකරනය වැඩිකිරීමක් මෙහිදී සිදුවෙනවා. ප්‍රතිශක්තීකරණය කියන්නේ ශරීරයට පැමිනෙන විශබීජ හා වෛරස් වෙනුවෙන් ශරීරය විසින්ම ප්‍රතික්‍රියා කිරීම. මේ ගැන වැඩිදුර අධ්‍යනය කරන පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ විල්කස් බාරි කියන විදිහට යම් පුද්ගලයෙක් සතියකට එක් වතාවක් හෝ දෙවතාවක් ලිංගිකව හැසිරෙනවා නම් ඔහුගේ ප්‍රතිශක්තීකරණය 30% කින් පමණ වැඩිවෙනවා. මෙය ඉදහිට ලිංගිකව හැසිරෙන අයත් සමග සංසන්ධනය කලොත් ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණය එලෙස වැඩිවීමක් සිදුවන්නේ නැතිබවක් තමයි පෙනී ගියේ.

බැක්ටීරියා අවදානම,

මුත්‍රා මාර්ගය තුල සෑම පැය 24 කට වරක්ම 80% ක් පමණ බැක්ටීරියා ප්‍රමාණයක් නිපදනවා. මේවා සාමාන්‍යයෙන් ඉවත්වෙන්න විදිහක් නෑ. ලිංගික ක්‍රියාවලිය අතරතුර මේ බැක්ටීරියා මුත්‍රා මාර්ගය (මුත්‍රා වාහිනී) වෙතට තල්ලු වීමක් සිදුවෙනවා. ඒ කියන්නේ බැක්ටීරියා නැවත මුත්‍රා සමග පිටවීමක් තමයි එතනදි සිදුවෙන්නෙ. විශේෂයෙන්ම කාන්තාවන්ට මේ අවධානම වැඩියි. මේ නිසා සමහර විට මුත්‍රා මාර්ගය ඇතුලෙන් යම් යම් වේදනාවන් පවා ඇති වීමට පුළුවන්.

ඔබේ විවාහ ජීවිතය කඩා වැටීම,

ලිංගික ක්‍රියාවලිය ඇනහිටීම සතුටට, සමීප බවට වගේම විවාහ ජීවිතයටත් ඛෙහෙවින්ම බලපානවා. විශේසඥයන් කියන විදිහට ලිංගිකත්වයක් නැතිව විවාහ ජීවිතයක් පවත්වාගෙන යාම ඔබ ඔබටම සිදුකරන අසාධාරණයක් වෙනවා, මේ නිසා වැරදි හැගිම් පවා ඇතිවෙන්න පුළුවන්.

ඔක්සිටොසීන් වගේ හෝර්මෝන වලත් අඩුබවක් ඇතිවෙනවා.

ලීස් පැරොට් කියන භෞතිකවේදියා කියන විදිහට විවාහ වීමට පෙර ඔබේ විවාහ ජීවිතය සම්පූර්ණ කරගන්න. එසේ නැති වූනොත් ඔබ අනිත් අය දෙස ඔබ ඔබගේ විවාහ ජීවිතය හරහා බැලිම නිසා යම් යම් වේදනාකාරී තත්වයන්ද ඇතිවීමට පුළුවන්. ඒ ව‍ගේම ලිංගිකත්වය විවාහ වූ දෙදෙනෙකු අතර ඇතිවන දැඩි සම්බන්ධතාවයට ප්‍රධාන හේතුවක් වෙනවා. තවදුරටත් මේ ගැන පැහැදිලි කලොත් සිපගැනීම, අතින් අල්ලාගෙන යෑම සහ අපේක්ෂිත නොවූ ආකාරයේ ලිංගික යෝජනා වගේ දේවල් වලින් එකිනෙකාගේ හැගීම් උත්දීපනය කිරීමට හේතු වෙනවා.


ලිංගික අප්‍රාණිකත්වය,

ඇමරිකානු වෛද්‍ය අධ්‍යන සගරාවකට අනූව ලිංගික ක්‍රියාවලිය සීමාකිරීම මුත්‍රා පද්ධතිය හා ඒ ආශ්‍රිතව ඇති පේශී වල ක්‍රියාකාරීත්වය ඇනහිටීමට හේතුවක්. ඒ වගේම එම පේශී වලට ව්‍යායාමයක් ලෙස ලිංගික ක්‍රියාවලිය පෙන්වල දෙන්න පුළුවන්. කාන්සාවක් දැනීම සහ ඒයට හරිහැටි හේතුවක් සොයාගැනීමට නොහැකි බව. මෙහිදී ඔබගේ ඇති පාළු ගතිය ඒ කියන්නේ කාන්සා සහිත බවක් එබට දැනෙනවා. ඒත් ඒ ගැන හරියටම ඔබට හේතුවක් සොයාගැනීමට බැරිවේවි. මේ ගැන තවදුරටත් හිතල බැලුවොත් මේ දේවල් සිදුවෙන්නේ ලිංගික ක්‍රියාවලිය නිසා සහ එය ඇනහිටීම නිසා. ගැඹුරු අධ්‍යනයන්ට අනූව විශේෂයෙන්ම කාන්තාවන්ගේ මේ තත්වය වැඩියෙන් පෙන්වනවා. ඒ කියන්නේ හැගීම් පහතට වැටීමක් තමයි මෙහිදි සිදු වෙන්නෙ. ඒ වගේම ශ්‍රක්‍රාණු වල ඇති මෙලටොනින්, සිරෝටොනින් සහ ඔක්සිටොසීන් වගේ දේවල් කාන්තාවන්ගේ හැගීම් නැංවීමට උපකාරී වෙනවා කියල තමයි විශේෂඥයන් වැඩිදුරටත් කියන්නේ. 

( උපුටා ගැනීමකි... )


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top