කෙට්ටුව මට්ටු කරලා ලස්සනට චබී වෙන්න, මෙන්න උපදෙස්..
Tuesday, 22 August 2023 - 12:06 | Views - 1,316

ඔයත් තාමත් කෙට්ටු ද ? මහත් වෙන්න ආශාවක් තිබුණට මහත් වෙන්නෙම නැත්ද ? එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන් ඔබගේ සතුටට කරුණක් වෙනවාමයි..

මේ කියන්න යන්නේ ඔයාට ලෙහෙසියෙන් ඉක්මණින් ලස්සනට මහත්වෙන්න පුළුවන් විදියක් ගැන..


රට ඉඳි ,

රටඉඳිවල මදුර රස (පැණි රස) සිරුර මහත් කරයි. රට ඉඳිවල මැද ඇටය ඉවත් කර බටර් දමා ආහාරයට ගැනීම වඩාත් සුදුසුය.

එළඟිතෙල් ,

සිරුර පෘෂ්ඨිමත් කරන එළඟිතෙල් ඕනෑම ආහාරයකට එක් කළ හැකිය. විශේෂයෙන් සලාද වර්ග සඳහා භාවිත කළ හැකිය. පොල්තෙල් වෙනුවට එළඟිතෙල් භාවිතය සුදුසු වන අතර සමේ වර්ණය ද දීප්තිමත් කර නිරෝගී කරයි.

එළකිරි ,

එළකිරි වල මදුර රස, පිත සමනය කර සිරුර සිසිල් කරයි. ඒ තුළින් සිරුර මහත්වීමට උපකාරී වේ. කෙට්ටු සිරුරක් ඇති අයට වගේම ගැබිනියකටත් එළකිරි ඉතා ගුණදායකය. එළකිරි රත් කර හෝ සිසිල් කර පානය කළ හැකිය. එහෙත් සෙම අධික අයෙකුට එළකිරි සිසිල් කර බීම සුදුසු නැත. අතීත කාන්තාවෝ එළකිරි පානය කිරීම පෘෂ්ඨිමත් සිරුරකට හිමිකම් කීමට හේතුවක් විය.

තෙල් වර්ග ,

පොල්තෙල් මෙන්ම තල, ඔලිව්, සූරියකාන්ත, එළවළු ආදී ඕනෑම තෙල් වර්ගයක් සිරුර මහත් කිරීමට උපකාරී වේ. තෙල් අධික ආහාර ගැනීමෙන් මහත්වන බවට සමාජයේ මතයක් තිබෙන්නේද එබැවිනි. තෙල් රත්කර ආහාරයට එකතු කළ හැකි සේම ඔලිව් වැනි තෙල් වර්ග සලාද වැනි ආහාරවලට යෙදිය හැකිය.

කෙසෙල් ,

විටමින් වර්ග බහුල කෙසෙල් ගුණදායී ආහාරයකි. ඇම්බුන්, කෝලිකුට්ටුවල ඇති මදුර රසය නිසා සිරුර මහත් කිරීමට උපකාරී වේ.

කිරි සහිත ආහාර ,

චීස්, බටර් ද සිරුර මහත් කරයි.

අලිගැටපේර ,

අලිගැටපේරවල තෙල් පදාර්ථ බහුලය. එමෙන්ම සිරුරට හිතකර HDL කොලෙස්ටරෝල් වැඩිපුර තිබෙන බැවින් හදවතටද ගුණ දෙයි.

මස් වර්ග ,

මස් වර්ග අතරින් ඌරු මස්වල තෙල් අධිකය. එහෙත් ඌරු මස් නිතර ආහාරයට ගැනීම අක්මාවට අහිතකරය.
පිටි අධික ආහාර
බත්, කොස්, සහ පාන් පිටිවලින් සාදන ආහාර නිසාද සිරුර පෘෂ්ඨිමත් කරයි.


( උපුටා ගැනීමකි.. )
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top