අදින් පස්සේ දැනුවත් වෙලාම, රස බලන්න පුළුවන්..
Monday, 21 August 2023 - 16:12 | Views - 727

මෙච්චර කල් රස කර කර පළතුරු කෑවට ඒවගේ ගුණ ගැන දැනගෙන හිටියේ වත් , ඒවා දැන ගන්න උවමනාවක් තිබුණේවත් නෑ නේද?
ඔන්න එහෙනම්, අදින් පස්සේ නොදැනුවත් නොවී දැනුවත් වෙලාම රස බලන්න පුළුවන්...
කියවලා ම බලන්නකෝ, රසම රස පළතුරු වල තියෙන ගුණ කන්දරාව...
මැන්ගුස්,
ප්‍රතිඔක්සිකාරක සහ විටමින් සී බහුල පළතුරක්.
ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරනවා.
ලේ ගමනාගමනය යහපත් කරනවා.
ශරීරයේ වේදනාවන් සමනය කරනවා.
හෘදරෝග වලට එරෙහිව සටන් කරනවා.
රඹුටන්,
විටමින් සී වලින් පොහොසත් පළතුරක්.
ශරීරයේ ලේ වඩවනවා.
නිතර ඇතිවෙන හෙම්බිරිස්සාව තත්ත්ව වළක්වනවා.
ශරීර අභ්‍යන්තරයේ බැක්ටීරියා දිලීර විනාශ කරනවා.
ශරීරය තුල පිළිකා සෛල වර්ධනය වීම වළක්වනවා.
ස්ටෝබෙරි,
විටමින් බී ඛාන්ඩ (බී 1, 2, 3,6 ) විටමින් ඒ සහ කේ අඩංගුයි.
හදවත් ආශිතව ඇතිවෙන රෝග නිරාවරණය කරනවා.
මතකය වර්ධනය කරනවා.
ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා.
සම රැලි වැටීම අවම කරමින් සම පෝෂණය කරනවා.
අඹ,
විටමින් ඒ සී සහ ප්‍රතිඔක්සිකාරක අඩංගුයි.
ආහාර මාර්ගය පිරිසිදු කර කෑම රුචිය වැඩි කරනවා.
හෘදය වස්තුවට හිත කරයි
සම පැහැපත් කරනවා.
විදුරුමස් ආශ්‍රිත රෝග වලට ගුණදායකයි.
ගස්ලබු,
ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා.
ආහාර මාර්ගය පිරිසිදු කරනවා.
සමේ සෞඛ්‍යට හිත කරයි
ඇස පෙනීම වැඩි දියුණු කරනවා.
ශරීරයේ බර අඩු කරන්න දායක වෙනවා.
කෙසෙල්,
විටමින් තන්තු සහ පොටෑසියම් බහුල පළතුරක්.
ආහාර දිරවීම පහසු කරනවා.
රුධිර පීඩනය යහපත්ව පවත්වා ගන්න උදව් වෙනවා.
ඇදුම රෝගය ඇතිවීම පාලනය කරනවා.
මානසික ආතතිය විශාදය වැනි රෝග පාලනය සඳහා උදව් වෙනවා.
පේර,
විටමින් සහ තන්තු වලින් පොහොසත් පළතුරක්.
රුධිර පීඩනය පාලනය කරනවා.
ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරනවා.
සම සහ හිසකෙස් පෝෂණය කරනවා.
ඇස් පෙනීම වර්ධනය කරනවා.
Share This Article