ලස්සන වෙන්න ඔයාලත් මේවා කරනවා නේද ? මෙන්න එහෙනම් අහන්න බැරුව ඉන්න ප්‍රශ්න ටිකකට පිළිතුරු..
Monday, 21 August 2023 - 11:52 | Views - 663
හැමදාම අපි ලිංගිකත්වය ගැන පාඩමක් අපි ඔයාලට කියලා දෙනවනේ. 

අද කතාව කාන්තාවන්ට විශේෂයි. ලිංගාශ්‍රිත ප්‍රදේශයේ රෝම වැවීම සාමාන්‍යයයි.

ඒ රෝම ඉවත් කිරීම අපි සිදු කරන්නේ ඒ ආශ්‍රිතව පිරිසිදුව තබා ගන්න ඕනෑ නිසාමයි.

ඉතින් මෙහෙම රෝම ඉවත් කරද්දි කාන්තාවන් බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ රේසරයක්.

හැබැයි රේසරයක් භාවිතා කරනවා නම් මෙන්න මේ කරුණු ඔබ අනිවාර්‍යයෙන් දැන ගන්න ඕනි.

අනිවාර්‍යයෙන් ඔබ අලුත්ම අලුත් රේසරයක් භාවිතා කරන්න ඕනි.

කාන්තාවන් හෝ පුරුෂයින් කිසිම විටෙක භාවිතා කරපු මළකඩ කාපු රේසර් නම් භාවිතා කරන්නම එපා.

අනිත් කාරණය තමයි තව කෙනෙක් භාවිතා කරපු රේසරයක් භාවිතා කරන්නත් එපා.

ඇයි එහෙම කියන්නේ.

එහෙම කියන්නේ මෙන්න මේකයි කෙල්ලනේ කොල්ලනේ වෙන කෙනෙක් භාවිතා කරපු රේසර‍යක් භාවිතා කලොත් ඔයාට විවිධාකාර ආසාධනවලට ලක් වෙන්න සිදු වෙනවා.

තවත් දැන ගන්න දෙයක් තියෙනවා ඒ ට් හමයි අපේ තරුණියන්ට වෙන් වූ,සංවේදී තැන්වලට සුදුසු රේසර් දැන් මිල දී ගන්න ඔබට පුළුවන්.

‍රේසර් කරන්නත් ඔබට වෙලාවක් තියාගන්න වෙනවා.

ඇත්තම කතා කලොත් සමහර තරුණියන් හදිස්සියේ මේ වැඩේ කරන්න යනවා.

එහෙම වුනොත් වෙන්නේ සීරීම් කැපීම්වලටත් ලක් වෙන්න පුළුවන්.

ඒ නිසා පහසු වෙලාවක් තියාගන්න.

මම ඔබට යෝජනා කරන වෙලාව තමයි ඔබ නාන වෙලාව මේ වැඩේ වෙනුවෙන් වෙන් කරගන්න.

මොකද සම හොඳින්ම තෙතමනය තියෙන්න ඕනි නිසා.

ඒ වගේම හොඳ පිරිසිදුකාරකයකින් ඔබේ අවශ්‍ය ප්‍රදේශ පිරිසිදු කරගන්නත් අවශ්‍යයි.

රේසර් කරද්දි අනිවාර්යෙන් කෙල්ලනේ ෂේවිං ක්‍රීම් එකක් හෝ ෂේවිං ජෙල් එකක් තියෙන්න ඕනිමයි.

නැත්නම් රළු ස්භාවය නිසාම ඔබේ ඒ ඒ ප්‍රදේශ සීරීම්වලට ලක් වෙන්න පුළුවන්.

(ඊට පස්සෙ නැති ප්‍රශ්න,දාඩිය දාද්දි එහෙම හිතන්නකො තියෙන සනීපේ)

රෝම ඉවත් කරද්දි මේක මතක තියාගන්න.

ගොඩ දෙනෙක් කරන්නේ රෝම වැවී ඇති පැත්තට නෙවෙයි විරුද්ධ පැත්තට රේසර් කරගෙන යනවා.

එහෙම වුනහම වෙන්නේ සම කැපෙන එක.

ඒ නිසා වැවී ඇති පැත්ත ගැන අවධානයෙන් ඉන්න.

මේ ඔක්කොම කලාට පස්සෙ අනිවාර්යයෙන් නැවතත් පිරිසිදු කරගන්න ඕනි,ටෝනර් ටිකක් හරි අයිස් කැටයක් හරි යොදාගෙන තවා ගන්න පුළුවන් නම් වටිනවා.

රේසර් කලාට පස්සෙ බොහෝ විට වියලි තත්වයක් ඇති විය හැකි නිසාම දින දෙක තුනක් යනකන්වත් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න.

මේ දේවල් අනිවාර්‍යයෙන් කරන්න ඕනි කෙල්ලනේ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top