ඔබේ ලස්සන තව තවත් වැඩි කර ගන්න - ඔබත් මෙය අත්හදා බලන්න....
Sunday, 20 August 2023 - 15:42 | Views - 650
ශරීරයට ගුණදායී ආහාරපාන නිතර දෙවේලේ කෑමට එකතු කර ගන්න ගොඩක් දෙනෙක් වෙහෙසෙනවා...

ඒ අතරින් සමබර ආහාර වේලක් වගේම ඒ වෙනුවෙන් අප තෝරා ගන්නා දේ ගැනත් බොහෝ දෙනා සැලකීමත්...

මේ කියන්න යන්නෙත් ශරීරයට තවත් ගුණදායි පානයක් පිළිබදවයි ...

හැමෝම තමන්ගේ ආහාර වේලට විටමින් එකතු කරගන්න වෙහෙසෙනව නේ..කැරට් සහ බීට් කියන්නේ ඒ අතරින් විශාල පෝෂපදාර්ථ රැසක් තියෙන එළවළු වර්ග දෙකක්....

සෑම දිනකම උදෑසන ආහාරයට ප්‍රථම කැරට් සහ බීට් යුෂවලට දෙහි බිඳු කීපයක් එකතුකරගෙන පානය කරන්නට ඔබටත් හැකියාව පවතිනවා....

මෙම පානය ඔබේ සෞඛ්‍යයට බොහෝ ප්‍රතිලාභ ලබාදෙනවා....

ප්‍රතිශක්තිය ඉහළ නැංවීම..


මෙම පානයෙහි අනිවාර්ය අංගය කැරට් හා බීට් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. ඔබේ ශරීරයට ආසාදන හා රෝගවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ. මෙම පානය නිතිපතා පරිභෝජනය කිරීමෙන් නිතර අසනීප වීමේ හැකියාව අඩු වේ.

දීප්තිමත් සමක් ලබාදෙයි..

මෙම පානයෙහි ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන කැරට්, බීටා-කැරොටින් වලින් අනූනයි. මෙම සංයෝගය ශරීරය විසින් විටමින් A බවට පරිවර්තනය කර නිරෝගී සමක් වර්ධනය කරන අතර එහි ස්වභාවික දීප්තිය වැඩි කරයි. ඒත් එක්කම කැරට් ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් තරුණ පැහැපත් සමක් පහසුවෙන් ලබ ගත හැකිය...

හෘද ක්‍රියාකාරීත්වය ප්‍රශ්ස්ථ මට්ටමෙන් පවත්වා ගැනීමට...

මෙම පානයෙහි අංගයක් වන බීට්, රුධිර වාහිනී ලිහිල් කිරීමට සහ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට උපකාරී වන නයිට්‍රේට් වලින් පිරී තිබෙනවා... මෙය පානය කිරීම හෘද වාහිනී සෞඛ්‍යයට ඉතා යහපත් ලෙස දායක විය හැකි අතර හෘද ආශ්‍රිත ගැටළු ඇතිවීමේ අවදානම අඩු කරයි.

ශරීරයේ විෂ හරණයට...

බීට් සහ කැරට් සංයෝගය ප්‍රබල ඩෙටොක්සිං අමුද්‍රව්‍ය නිර්මාණය කරයි.... මෙම අමුද්‍රව්‍යවල ප්‍රතිඔක්සිකාරක සහ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන අතර එය අක්මාවේ ස්වාභාවික ඩෙටොක්සිකරණ ක්‍රියාවලීන්ට සහාය වන අතර ශරීරයෙන් විෂ ඉවත් කිරීමට උපකාරීවේ.....


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top